යුද හමුදා බලලත් නිළධාරීන් හිංසනය⁣ට ලක්වෙලා

 


ලංකා යුද හමුදාවේ උපකරණ පාලක ලුතිනන් තනතුර සදහා බඳවා ගත් හමුදාවේ බලලත් නිළධාරී තනතුරේ සිටින ඡ්‍යෙෂ්ඨ කොමිෂන් නොලත් සෙබළුන් 150 දෙනෙකු මේ වන විට ත්‍රිම⁣ලයේ පුහුණුවීම් වල නිරතව සිටිනවා.


මෙම සෙබළුන් 150 දෙනා තෝරා ගැනීම සඳහාත් අවස්ථා කිහිපයකදී සම්මුඛ පරීක්ෂණ පැවැත්වීමට හමුදාවට සිදු වුනා.ඒ  බලලත් නිළධාරීන් උපකරණ පාලක ලුතිනන් තනතුරට පත්වී තවදුරටත් සේවය කරනවාට වඩා විශ්‍රාම යාමට සෙබළුන වැඩි කැමැත්තක් දැක්වීම නිසා.යුද හමුදා සාමාන්‍ය සෙබලෙකු ගේ  සේවා කාලය අවුරුදු විසි දෙකයි.මේ අවුරුදු විසි දෙකක සේවා කාලය සපුරන විට යහපත් පැවැත්මෙන් සේවය කළ සෙබළෙකුට බලලත් නිළධාරී තනතු⁣රේ විශ්‍රාම යා හැකියි.ඒ වයස අවුරුදු හතලිහේදී පමණ.එහෙත් උපකරණ පාලක ලුතිනන් තනතුරට පත් වුව හොත් අවුරුදු පනස් පහ දක්වා සේවය කළ යුතුයි.

කෙසේ වෙතත් හමුදාව ඉතා අසීරුවෙන් උපකරණ පාලක ලුතිනන් තනතුර සඳහා බඳවා ගන්නා ලද බලලත් නිළධාරීන්  150 දෙනා වයස අවුරුදු තිස් පහ ඉක්මවූවන්.
මේ වන විට ත්‍රිමලයේ පුහුනුවීම ලබන ඔවුන් හට හමුදාවට බඳවා ගත් ආධුනික සෙබළුන්ට මෙන් ශාරිරික හිංසනයට ලක් කරමින් පුහුණුවක් ලබා දෙන බවට තොරතුරු වාර්තා වෙනවා.උදෑසන හා සවස ශාරීරික අභ්‍යාස ඔවුන්ගේ වයසට ඔරොත්තු නොදෙන ආකාරයට සිදු කරන බවද දැන ගැන්මට තිබෙනවා.රාත්‍රී පෙරෙට්ටු ,බැරැක්ක පෙරෙට්ටු ආදිය  තබමින් ඔවුන් දැඩි හිංසනයට ලක් කරන බවද පැවසෙනවා.ඔවුන් දැඩි ශාරිරික වෙහෙසට ලක් කරන ආකාරයට එම පුහුණුවීම් සිදු කරන බවද දැන ගැන්ම⁣ට තිබෙනවා.සැබවින්ම එම බලලත් නිළධාරීන්ට ශාරිරික අභ්‍යාස පුහුණුවීම් වලට වඩා ලබා දිය යුතු වන්නේ හමුදා උපකරණ පාලනයට අදාල ලිඛිත හැදෑරීම්ය.

එහෙත් මේ ගැන අමතක කර ඔවුන් ශාරිරක හිංසනය ලක් කිරීම  ඉතා බරපතල කාරණයක් .මේ බලලත් නිළධාරීන්ගේ වයසට එම හිංසනයන් දරා ගත නොහැකි වීම තුළ  ජීවිත අවදානමක් පවා තිබෙනවා.⁣ඇතැම්විට බලලත් නිළධාරීන් පුහුණුයෙන් ඉවත්ව යාමට පවා ඉඩ තියෙනවා.

මේ පිළිබඳව නියෝජ්‍ය ආරක්ෂක ඇමති මේජර් ජනරාල් ජනරාල් අරුණ ජයසේකරගේ ඉක්මන් අවධානයට යොමු වෙනු ඇතැයි අප සිතනවා.

Comments

Popular posts from this blog

සජිත් ප්‍රේමදාස හතර අතේ ණය වෙලා

වැඩෙි අන්තිම කැතයි ලැජ්ජයි නින්දිතයි ජනාධිපතිතුමා

කැපී පෙනෙන්න සුලෝහිත සංග්‍රාමයට ගිය සාගල කිච වී ආපහු ගිහින්