නීතිපති කාර්යාලය තිගැස්සෙයි

     


ජනපති අනුර කුමාර සහෝදරයා නීතිපති වරයා ගෙන්වා පසුගිය දිනක කළ සාකච්ඡාව පිළිබඳව මෙරට දේශපාලන ක්ෂේත්‍රයේ දූෂිතයන් හට බරපතල තිගැස්මක් ඇති වී තිබේ.මේ වන විට මෙම දූෂිතයන් ජනපති අනුර කුමාර දිසානායක සහෝදරයා නීතිපතිවරයාට තර්ජනය කළ බව ප්‍රකාශ කරමින් ජනතාව නොමග යවමින් සිටී.

නීතිපති වරයා හා ජනපතිවරයා අතර පැවැති සාකච්ඡාව රහස් සාකච්ඡාවක් නොවූ අතර ඒ සම්බන්ධයෙන් ජනපති මාධ්‍ය අංශය නිවේදනයක් පවා නිකුත් කරන ලදී.⁣එම සාකච්ඡාව පිළිබදව අදහස් දක්වන ලද ජනාධිපති නීතිඥ  මෛත්‍රී ගුණරත්න ප්‍රකාශ කර ඇත්තේ ජනපති වරයා විසින් දේශපාලනිකව විරුද්ධ පාර්ශවයන්ට එරෙහිව අධිකරණ ක්‍රියා මාර්ග ගැනීම සදහා නීතිපති වරයා හට බලපෑම් කර ඇති බවය.

ජනාධිපති මෛත්‍රී ගුණරත්න ගේ මේ ප්‍රකාශය නීතිපති කාර්යාලයේ සේවයේ නිරත ජාතික ජන බලවේග ආණ්ඩුවට එරෙහිව සිටින කණ්ඩායමකගේ පෙළඹවීම මත සිදු කර ලද්දක් බව මේ වන විට හෙළිවී තිබේ.ජනපතිවරයා විසින් පසුගිය ආණ්ඩු කාලයේ සිදු වූ විවිධ  අපරාධ හා මූල්‍ය දූෂණයන් පිළබඳව ඉක්මන් අධිකරණ ක්‍රියා මාර්ග ගැනීමට යාම පිළිබඳව නීතිපති කාර්යා⁣ලයේ දූෂිතයන් හටද කම්පනයක් ඇති වී තිබීම එයට හේතුව වී ඇති බව අනාවරණය වේ. 

Comments

Popular posts from this blog

සජිත් ප්‍රේමදාස හතර අතේ ණය වෙලා

වැඩෙි අන්තිම කැතයි ලැජ්ජයි නින්දිතයි ජනාධිපතිතුමා

කැපී පෙනෙන්න සුලෝහිත සංග්‍රාමයට ගිය සාගල කිච වී ආපහු ගිහින්