තඹුත්තේගම ස්ටේෂම ගාව පළවෙනි සිග්නල් කණුව ළඟ ලියු අයවැය මරු



 මෙවර අයවැය ලේඛනය 2023 වසරේ මෙන්ම 2024 වසරේදී රජයේ සමස්ත වියදම අඩුකර ගැනීමට හැකි වී තිබේ.

2023 වසරේ රජයේ සමස්ත වියදම රුපියල් බිලියන 10674කි.2024 වර්ෂයේ එය බිලියන 11750කි.

ජනපති අනුර සහෝදරයා ඉදිරිපත් කළ අය වැය ලේඛනයේ රජයේ සමස්ත වියදම රුපියල් බිලියන 8835 ක් දක්වා අඩු කර ගෙන තිබේ.

මෙහිදී අවධානයට ගත සුවිශේෂී කාරණයක් වන්නේ ජනපති වරයාගේ වැය ශීර්ෂයයි.මෙහිදී ජනපති අනුර දිසානායක සහෝදරයා වෙනුවෙන් වෙන් කර ගෙන ඇත්තේ රුපියල් බිලියන 2.9කි.
මෙතෙක් කාලයක් මෙරට සිටි ජනපතිවරුන් ජනතාවගේ බදු මුදල් වැය කරමින් විඳි සුඛොපභෝගී ජීවිතය අවසන් කිරීමට ජනපති අනුර කුමාර සහෝදරයා තීරණය කර තිබීමම ජනතාව ලබා ගත් විශිෂ්ට ජයග්‍රහණයකි.

2023 වර්ෂයේදී හිටපු ජනපති ගෝඨාභය රාජපක්ෂ ජනපති වැය ශීර්ෂයට වෙන් කරන ලද මුදල මිලියන 2732 ක් වූ අතර වැඩ බලන ජනපකිවරයා වූ රනිල් වික්‍රමසිංහ එම වැය ශීර්ෂය ඒ වර්ෂයේදීම මිලියන 5631 දක්වා වූ දෙගුනයකටත් වැඩි ගුණාකාරයකින් ඉහළ දමා ගැණිනි.2024 වර්ෂයේදී එය රුපියල් මිලියන 6607ක් දක්වා වැඩි කර ගත් අතර ඉන් අනතුරුව රුපියල් මිලියන 15360 ක් ඉහළ දමා ගන්නා ලදී.

මේ වන විට අය වැය අයිඑම්එෆ් අයවැයක් බවට විරුද්ධ පක්ෂය චෝදනා නගමින් සිටී.අයිඑම්එෆ් අයවැය ලේඛනයක් ඉදිරිපත් කිරීමට ආණ්ඩුවට සිදු වූයේ මේ විපක්ෂයේ  කෙරුම්කාරයන්ගේ කෙරුවාව නිසා බව ඔවුන්ට අමතක වී තිබේ.සැබැවින්ම ජාතික ජන බලවේගය ආණ්ඩුවට සිය පාලනය ගෙන යාමට ගත ක්‍රියා මාර්ග තුනක් තිබුණි.ඉන් පළමු වැන්න අයිඑම්එෆ් වැඩ පිළිවෙලින් ඉවත්ව තමන්ගේ වැඩ පිළිවෙලකට අවතීර්ණ වීමය.එ⁣හිදී රට තුළ විදේශීය විනිමය උපයාගැනීම කළ යුතු විය.එහෙත් මේ වන විට එවැනි අවදානමක් ගැනීමට තරමේ මෙරට ආර්ථිකය ශක්තිමත් වී නැත.දෙවැන්න වූයේ අයිඑම්එ⁣ෆ් කොන්දේසිවලට යටත්ව ආණ්ඩුව ගෙන යාමය.මේ ක්‍රියාමාර්ග වල තුන්වැන්න වූයේ අයිඑම්එෆ් කොන්දේසි පිළිබඳව සාකච්ඡා කර සංශෝධනය කර ගනිමින් සිය රාජ්‍ය ප්‍රතිපත්තිවලට ගැට ගසා ගැනීමය.ජාජබ ආන්ඩුව මෙහිදී අනුගමනය කර ඇත්තේ තෙවන මග බව පැහැදිලිය.රට නැවත ආගාධයකට ඇද දැමීම වලක්වා ගැනීම පිණිස ජනපති අනුර කුමාර සහෝදරයා ඉතා සැළසුම් සහගතව කටයුතු කර ඇති බව මෙවර අයවැය ලේඛණයෙන් අනාවරණය වේ.
කවුරුන් කෙසේ චෝදනා කෙරුවද මෙවර අය වැය සාර්ථක අයවැයක් බව බොහෝ ආර්ථික විශේඥයන්ගේ අදහස වී තිබේ. 

කියන්නන් වාලේ ඉලක්කම් හරඹ කර ආණ්ඩුවට එරෙහිව කකුල් මාට්ටු දැමීමට වඩා ජනතාව වටහා ගත යුත්තේ රට සංවර්ධනය සදහා තම තමන්ගේ කැප කිරීමද අත්‍යවශ්‍ය කොන්දේසියක් බවය 

Comments

Popular posts from this blog

සජිත් ප්‍රේමදාස හතර අතේ ණය වෙලා

වැඩෙි අන්තිම කැතයි ලැජ්ජයි නින්දිතයි ජනාධිපතිතුමා

ඇත්තටම ඌ අපේ එකෙක්