බිමල් ගේ කෙළී සියොළඟ දූලි ගාලා කෙරුවාව



 පාර්ලිමේන්තු භෝජනාගාරයේ ආහාර පානාදිය සඳහා පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව විසින් වැඩි කළ මිල ගණන් අය කිරීම පෙබරවාරි 05 වන දින සිට ක්‍රියාත්මක කළ බව වාර්තා වේ.මෙහිදී දෛනික ආහාර වේලක මිල රුපියල් 2000 දක්වා වැඩි කෙරිණි.සභානායක බිමල් රත්නායක මෙදින සිය ෆේස් බුක් පිටුවේ  තමන් පාර්ලිමේන්තු භෝජනාගාරයෙන් ලබා ගත් ආහාර සදහා ගෙවන ලද මුදල සඳහා නිකුත් කළ බිල් පත් එල්ලා තිබුණේ "කිව්වා, කලා " යනුවෙන් සටහනක්ද තබමිනි.(කරන ලද බව ලිවීම කළ යුතු නම් "කළා"යනුවෙන් නිවැරිදි විය යුතුය.බිමල් ලියා ඇති ආකරයට ඉන් කියවෙන්නේ "කලාව" ගැනය)


සිංහලයන් කතා බස් කරන විට බොහෝ අවස්ථාවලදී ක්‍රියා පද දෙකක සංයෝගයෙන් අදහස් ප්‍රකාශ කිරීමේ රුසියන්ය.බිමල් රත්නායක උජාරුවෙන් ලියා තමන්ගේ කෙරුවාව පවසා තිබුණේද ඒ විදියටමය.අපිත් කන බොන මිනිස්සු යැයි බිමල් රත්නායක ඇඟවූවා දැයි අපි නොදනිමු.එසේත් නැතිනම් පාර්ලිමේන්තුවේ ආහාර පාන වල බිල වැඩි වීම තමන්ට ප්‍රශ්ණයක් නොවන බව පෙන්වීමටද විය හැකිය.බිමල් රත්නායකගේ ඒ ෆේස් බුක් සටහන මොනිටසෝරි දරුවෙකුගේ හපන්කමක් විදියට ගලපා ඇතැමුන් සිතන්නට ඉඩ හැකියාව පවතී.

ඒ ⁣ප්‍රකාශනයේ බිමල් රත්නායකගේ පෞද්ගලික නිර්වචනයන් කවර ආකාරයේ වුවද අපට ලියන්න⁣ට තියෙන්නේ මෙරට පොදු මිනිස් සමාජයට මන්ත්‍රීවරුන් කන බොන එක දැනගැනීම කිසි වැදගැම්මක් නැති බවය.සමාජය මේ හෝරාවේ විඳවමින් සිටින්නේ හාල් පොල් මිල වැඩි වීම දරා ගත නොහැකිවය.
ජාතික ජන බලවේගයේ ඇතැම් කෙරුමන් ඒ ආර්ථික ප්‍රශ්ණ වලට පිළිතුරු සැපයීම පැහැර හරිමින් ජනතාවගේ සිත රිදවන බිඳවන ආකාරයට උද්දච්චව හැසිරෙමින් සිටී.දන්න දන්න උප්පරවැට්ටි යොදා තම පාක්ෂිකයන් ⁣ගෙන් ගැලවීම ඔවුන්ගේ උත්සාහයද වී තිබේ.ජාජබයේ බොහෝ ඇමතිවරුන් මාධ්‍ය වල ප්‍රශ්ණ කිරීම් වලදී මර්වින් සිල්වා ගේ මදාවිකාර හැඩයට රූපාන්තරණය වන ආකාරයක්ද පෙ⁣නී යයි.බොහෝ දෙනෙකු පාක්ෂික හිතවතුන්ගේ දුරකථන ඇමතුම් හා සම්බන්ධ නොවේ.බලයට පත් වීමට පෙර තමන් හා සමීපයේ සිටි ක්‍රියාකාරීන්ද ඔවුන්ට මග හැරී තිබේ.

දූෂිතව පැවැති රාජ්‍යය සමග ජාජබ ආණ්ඩුවේ එක ගෙයි දීගය පොදු මහජනතාවට රුස්සනේ නැති බව මේ කෙරුමන් වටහා ගෙන නැත.එසේ වටහා ගන්ට ඕනෑ කමක් ඇති බවක්ද  නොපෙනේ.රාජ්‍යයේ නාමධාරී දූෂිතයන් ඉවත් කර තමන්ට නිසි තැන ලැබෙනු ඇති බවට විශ්වාස කරමින්  ජාජබය බලය⁣ට ගෙන ඒමට මතවාදීව දේශපාලන ප්‍රචාරණයේ නිරත වූ රාජ්‍ය  පරිපාලනයේ ඡ්‍යෙෂ්ඨයන් බොහෝ දෙනෙකු මේ වන විටත් ⁣වෘත්තිය කැඹුරීම කරන්නේ කිසිත් කර ගියා ගත නොහැකිවය.පොලීසිය එහෙම් පිටින්ම අවුලකි.පොලීසියේ දූෂිතයන් රැළ තමන්ගේ ආණ්ඩුවේ කෙරුවාව තුළ එළකිරි සේවාවක් මහජනතාවට සපයනු ඇතැයි ජාජබ කෙරුමන් විශ්වාස කර සිටී.

එහෙත් මේ වන විටත් එම දූෂිතයන් රැළ විසින් ජාජබ කෙරුමන් ගොනාට ඇන්දූ අවස්ථා ගණනාවක්ද වාර්තා වී තිබේ.ඒ සිදුවීම් පිළිබඳව පොදු සමාජයට වග උත්තර බඳින්නටද ජාජබ ආණ්ඩුවට සිදු වූ බව  පැහැදිලිව දැක කියා ගත හැකි වූයේ අධිකරණ ඇමති විසින් අපරාධකරුවෙකුට සම්මාන දීමේ සිද්ධියෙනි.

මේ සමාජමය පසුතලය උඩ සභානායක  බිමල් රත්නායක ගේ ෆේස් බුක් ප්‍රකාශනය සවැනි පැරකුම්බා රජු⁣ ලියන ලද "කෙළී සියොළඟ දූලි ගාලා"කවිය අපට සිහිපත් කරයි

දත් කැකුළු පාලා
සුරතල් සිනාසීලා
බොළඳ බස් දීලා
කෙළී සි⁣යොළඟ දූලි ගාලා

Comments

Popular posts from this blog

සජිත් ප්‍රේමදාස හතර අතේ ණය වෙලා

වැඩෙි අන්තිම කැතයි ලැජ්ජයි නින්දිතයි ජනාධිපතිතුමා

ඇත්තටම ඌ අපේ එකෙක්