මනූෂගේ ගෝලයන් මරා ගනී

 


හිනිදුම පනංගල නවාතැන් පොළක පසුගියදා සිදු වූ තිපුද්ගල ඝාතනය සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය මනූෂ නානායක්කාරගේ සම්බන්ධීකරණ ලේකම් වරයකු ලෙස කටයුතු කරන ලද ප්‍රියන්ත ජයතිලක නැමැත්තා පොලිස් අත් අඩංගුවට ගන්නා ලද බව වාර්තා වේ.

මෙම වෙඩි තැබීමෙන් මිය ගිය අතර සිටි එම අවන්හලේ අයිතිකරු වූ පී.ඩබ්.ඩී.ඉඳුනිල් සමන් කුමාරද හිටපු අමාත්‍ය මනූෂ නානායක්කාරගේ සමීපතමයෙකි.

වෙඩි තැබීමෙන් මිය ගිය අවන්හලේ හිමිකරු හා අත් අඩංගුවට පත් වූ ජයතිලක නැමැත්තා මනූෂ නානායක්කාර ඇමති ධුරයේ කටයුතු කරන කාලයේදී ⁣⁣ඊශ්‍රායලයේ රැකියා සඳහා යැවීමට බොහෝ තරුණයන්ගෙන් මුදල් ගෙන ඇති බව මේ වන විට අනාවරණය වී තිබේ.
එම සිද්ධියේදී මිය ගිය බටපොල නාමල් උයනේ පදිංචි එච්.එම්.නෙවිල් හා හිනිදුම නැවතියමුල්ල චතුරංග කුමාර බටගොඩ  යන දෙදෙනාද ඊශ්‍රායලයේ රැකියා අවස්ථාවක් ලබා ගැනීම  සදහා ලක්ෂ විසි පහකට ආසන්න  මුදලක් මේ වන විට අත් අඩංගුවට පත් වූ ප්‍රියන්ත ජයතිලක නැමැත්තාට ලබා දී ඇති අතර එම මුදල ඔහුට ලබා දීම සඳහා සම්බන්ධීකරණය කර ඇත්තේ ඝාතනය වූ අවන්හලේ හිමිකරු බව පැවසේ.කෙසේ වෙතත් ඝාතනය කෙරුණ දෙදෙනා හට ඔවුන් වෙතින් ලබා ගත් මුදල් ආපසු ලබා දීම⁣⁣ට එම අවන්හලට පැමිණෙන ලෙසට ජයතිලක විසින් දන්වා තිබෙන බවද පොලිස් පරීක්ෂණ වලදී හෙළි වී තිබේ.මෙම මිනිස් ඝාතන කොන්ත්‍රාතුව කරන්දෙණිය සුද්දා විසින් ලබා ගෙන ඇති බවද ඔහු ඩුබායි රාජ්‍යයේ සිට ඝාතකයන් මෙහෙයවන ලද බවද වැඩිදුර⁣ටත් වාර්තා වේ.

Comments

Popular posts from this blog

වැඩෙි අන්තිම කැතයි ලැජ්ජයි නින්දිතයි ජනාධිපතිතුමා

නලින් හේවගේ සහෝදරයාගෙන් මහ පොළවේ දේශපාලනය ඉගෙන ගන්න අධිකරණ ඇමතිතුමෝ

මිනීමරු රණවීරගේ කෙරුවාව ගැන හිරිකිතයක් අමනාපයක් කෝපයක් ජාතික ජන බලවේගයේ සහෝදරවරුන්ට නැද්ද අප්පා