ශානි ගේ ආගමනයෙන් දේශපාලන අපරාධකරුවන් ගේ මුඛ පූට්ටු වේ
විශ්‍රාමික ඡ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා ලෙස පත් වීම විපක්ෂයේ බොහෝ දේශපාලඥයන්ට ඉවසුම් නොදෙන කාරණයක් වී තිබේ.වඩාත් ඒ ගැන විවේචන එල්ල කරන්නේ පසුගිය ආණ්ඩු කාලයේ ඉවක් බවක් නැතුව අපරාධ කළ දේශපාලඥයන්ය.ඒ අතරේ බළලුන් ලවා කොස් ඇට බාගන්නා තක්කඩියන්ද නැත්තේ නොවේ.මේ තක්කඩියන් ඒ සදහා යොදා ගන්නේ රාජපක්ෂ සට්ටැඹියන් වූ නීතිඥ දොලවත්ත වැනි වෘත්තිකයන්ය.මේ සෑම පාදඩයෙකුගේම ඉලක්කය වී ඇත්තේ ශානි අබේසේකරය.
කෙසේ වෙතත් ශානි අබේසේකර තව දුරටත් පොලිස් රාජකාරියේ නිරත වුව හොත් තමන්ට පමනක් නොව තමන්ගේ ස්වාමිවරුන්ටද කෙල වෙන බව මේ තක්කඩියන් දනී.මෙතෙක් කාලයක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පැවතියේ රජපක්ෂ වරුන් ඇති දැඩි කළ පොලිස් කෙරුම්කාරයන්ගෙනි.ජාතික ජන බලවේගය ආණ්ඩුවටද මෙපමණ කාලයක් මේ පොලිස් දෙබිඩ්ඩන්ට මුලා වී සිටි බව අප දුටුවෙමු.අප දිගින් දිගටම ඒ ගැන විවේචන එල්ල කෙරුවෙමු.අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අරක් අරගෙන සිටි රාජපක්ෂ සුරතලුන් එහි සිදු වන සියළු පරීක්ෂණ ඒටු ඉසෙඩ් රාජපක්ෂ පවුල දැනුවත් කරමින් සිටි බවට අපට තොරතුරු ලැබී තිබුණි.ඡ්‍යෙෂ්‍ඨ නියෝජ්‍ය පොලිස් පති නිහාල් තල්දූව රාජකාරිය නිම වීමෙන් පසු ගෙදර යන අතර මගදී ආතල් ගත්තේ පොදු ජන පෙරමුණේ ප්‍රබලයන් සමගය.ඒ ආතල් වලදී ඔවුන් ගණන් හැදුවේ ජාජබ ආණ්ඩුව කඩා වැටෙන දවසය.සැබැවින්ම ඔවුන්ගේ සැළසුම වූයේ ජාජබ ආණ්ඩුව ගොනාට අන්දාගෙන ගේම ගහන්ටය.එහෙත් මේ වන විට ඒ කුමන්ත්‍රණකාරී සැළසුම ගැන ජනපති අනුර සහෝදරයා දැනුවත් වීම විශාල ජයග්‍රණයකි.ශානි අබේසේකර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා ලෙස පත් කිරීම සියළු දූෂිතයන් ගේ මුඛ පූට්ටු වීමට හේතු වී තිබේ.නීතිඥ දොලවත්ත වැන්නන් කිරි පනුවන් ලෙස දඟලන්නේද ශානි අබේසේකරගේ රාජකාරිය ගැන හොඳින් දන්නා බැවිනි.මොවුන් මෙරට ජනතාවට අඟවන්නට හදන්නේ ශානි අබේසේකර නිසා පොලිස් දෙපාර්තමේන්තුවේ කන්‍යා භාවයට හානි වී ඇති බවකි.එහෙත් පොලිස් දෙපාර්තමේන්තුවේ පාලනයට ආණ්ඩුවලට අවශ්‍ය කරන විශ්‍රාම ගොස් සිටි පොලිස් නිළධාරීන් නැවත සේවයට පත් කර ගෙන ඇත්තේ අද ඊයේ නොවේ.1971 කැරැල්ල අවදියේ මෙරට පොලිස් පති වරයා ලෙස සිවිල් පරිපාලනයේ ඡ්‍යෙෂ්ඨයකු වූ ලීල් ගුණසේකර පත් කෙරිණි.පොලිස් දෙපාර්තමේන්තුව තුළ ආණ්ඩුවේ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමට අදි මදි කරන පොලිස් ඡ්‍යෙෂ්ඨයන් ඉවත් කිරීම හෝ ස්ථාන මාරු කර යැවීම ජනපතිවරයා ගේ වගකීමකි.එසේත් නැතහොත් නයි රෙද්ද අස්සේ දාගෙන කනවෝ කනවෝ යැයි කෑගැසීම පදනමක් නැත.1990 වර්ෂයේදී පොදු ජන පෙරමුණු රජය පොලිස් සේවයෙන් විශ්‍රාම ගොස් සිටිඡ්යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ඩබ්.බී.රාජගුරු ,ඡ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ධර්මදාස සිල්වා ,ඡ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස් පති තිලක් ඉද්දමල්ගොඩ,ඡ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එම් .එම්.කේ වික්‍රමසූරිය,ඡ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිබී.එල්.වීද එස්.කොඩිතුවක්කු ,නියෝජ්‍ය පොලිස්පති ධර්මසිරි වීරකෝන් නැවත සේවයේ පිහිටුවන ලදී.අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මෙතෙක් කාලයක් හංඟා ගෙන තිබුණ අපරාධ ගොනු නැවතත් මේසවල් උඩට එන බව නිසැකය.ඒ ගැන අපට දැඩි විශ්වාසයක් මතු වී ඇත්තේ ශානි අබේසේකරගේ රාජකාරිය එළ කිරි නිසාය.හෙට අනිද්දා වෙන විට දේශපාලන අපරාධකරුවන්ගේ ජංගි ලන්කට් අස්සෙන් මුත්තරා වැගිරෙන්නට පටන් ගන්නා බවට කිසිම සැකයක් නැත.
Comments
Post a Comment