Posts

Showing posts from July, 2025

සමගිජනේ ප්‍රාදේශීය සභා මන්ත්‍රී දිවි නසා ගෙන

Image
  යටිනුවර ප්‍රාදේශීය සභාවේ සමගි ජන බලවේගයේ ප්‍රාදේශීය සභා මන්ත්‍රී චම්පික නිලන්ත බිරිඳ හා දියණිය නිවසේදී මිය ගොස් ඇති බව වාර්තා වේ. පේරාදෙණිය යහලතැන්න සුනිලගම පිහිටි ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයා⁣ගේ නිවසේ සිඳු වී ඇති⁣ මේ මරණ දිවි නසා ගැනීමක් විය හැකි බව පොලීසිය පවසයි. පේරාදෙණිය පොලීසිය තවදුරටත් පරීක්ෂණ පවත්වයි.

මානව හිමිකමි කොමිෂන් සභා ඉතිහාසයේ විශාලම වන්දි මුදල තීරණය කරයි1

Image
  පොලිස් අත් අඩංගුවේදී මරා දමන ලද අන්තෝනි ගමගේ සමන් ප්‍රීති කුමාර යන අයගේ බිරිඳ වන ටී.බී.දිල්රුක්ෂි ප්‍රියදර්ශනී යන අය විසින් මානව හිමිකම් කොමිසමට කරන ලද පැමිණිල්ලක් සළකා බැලීමෙන් අනතුරුව රුපියල් ලක්ෂ 25 ක මුදලක් අගතියට පත් පාර්ශවයට ගෙවීමට මානව හිමිකම් කොමිසම නිර්දේශ කර තිබේ. පැමිණිලිකාර පාර්ශවය වන ටී.බී.දිල්රුක්ෂි ප්‍රියදර්ශනී වන අය විසින් මානව හිමිකම් කොමිසම වෙත කරන ලද පැමිණිල්ලේ පළමු වග උත්තරකරු ලෙස කොළඹ 01 පොලිස් මත් ද්‍රව්‍ය කාර්යංශයේ උප පොලිස් පරීක්ෂක තිලංක නම් කර තිබූ අතර ,අනෙකුත් වග උත්තරකරුවන් වශයෙන් පොලිස් සැරයන් 8824 බාලසූරිය,පොකො 9000කලුආරච්චි, පොකො 93682 අභිෂේක,පොකො 83808 විකුම් ආරියසිංහ,පොකො 31996 හේරත්, පොකො 92447 තිලිණ මදුෂාන් ,පොකො  61323 සංජීව සම්පත්,උප පොලිස් පරීක්ෂක තිලෝක නුවන් නම් කර තිබුණි. මෙම පැමිණිල්ල ඉදිරිපත් කළ ටී.බී දිල්රුක්ෂි ප්‍රියදර්ශණී සදහන් කර තිබුණේ ශ්‍රී ලංකා වෘත්තීය පුහුණු අධිකාරියේ නාරාහේන්පිට පිහිටි ප්‍රධාන කාර්යාලයේ කළමණාකරණ සහායක ලෙස සේවය කළ තම ස්වාමිපුරුෂයා වූ සමන්ත ප්‍රීති කුමාර 2023 ජනවාරි 10 දින ඉහත වග උත්රකරුවන් විසින් අසත්‍ය චෝදනා...

වැලිගම ජාජබ ප්‍රදේශීය සභා මන්ත්‍රී නිවසට වෙඩි තැබූ අයෙක් දැලේ

Image
  වැලිගම ප්‍රාදේශීය සභාවේ ජාජබ මන්ත්‍රී නීතිඥ නානායක්කාර ගේ නිවසට පසුගියදා (26)වෙඩි තබන ලද සිද්ධියට සැකකරුවකු අත් අඩංගුවට ගන්නා ලද බව වැලිගම පොලීසියෙන් වාර්තා වේ. සැකකරු මාතර ප්‍රදේශයේ පදිංචි 33 හැවිරිදි අයකු බව පැවසේ එම වෙඩි තැබීමෙන් කිසිවෙකුට හානි නොවූ අතර වෙඩි ප්‍රහාරය එල්ල වී තිබුණේ ⁣මන්ත්‍රීවරයාගේ නිවසේ ගේට්ටුවටය.ඒ වන විටත් මන්ත්‍රීවරයාගේ නිවසට පොලිස් ආරක්ෂාව සපයා තිබුණ බවද අනාවරණය වේ.

තිලිණි ප්‍රියමාලි අත් අඩංගුවට ගනී

Image
  පසුගිය කාලයේ ආන්දෝලන සිදුවීම්  වලින් ප්‍රසිද්ධ වූ තිලිණි පියුමාලි නැමැත්තිය හෝමාගම පොලීසිය මගින් අද (27)දින අත් අඩංගුවට ගත් බව  වාර්තා වේ. තිලිණි පියුමාලි හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණයේ පිස්කල් නිළධාරියෙකුගේ රාජකාරියට බාධා කිරීම සම්බන්ධයෙන් චෝදනා ලබා සිටින්නීය. එම සිද්ධිය සම්බන්ධයෙන් හෝමාගම පොලීසියට කට උත්තරයක් ලබා දෙන ලෙසට හෝමාගම මහේස්ත්‍රාත් රජේන්ද්‍රා ජයසූරිය තිලිණි පියුමාලි හට නියෝග කර තිබුණි.අද දින එම කට උත්තරය ලබා දීමට හෝමාගම පොලීසියට පැමිණි අවස්ථාවේ ඇය අත් අඩංගුවට ගත් බව පොලීසිය පවසයි 

නිලන්ත ජයවර්ධනට එරෙහිව නඩු පැවරීමට නීතිපති සූදානම්

Image
  ඡ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන පිළිබඳව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිදු කරන ලද විමර්ශනයේ වාර්තාව නීතිපති කාර්යාලය ලබා දෙන ලෙසට ඉල්ලීමක් කිරීමට නියමිතව ඇති බව වාර්තා වේ. නීතිපති කාර්යාලය නුදුරේදී අපරාධ පරීක්ෂණ⁣⁣ දෙපාර්තමේන්තුවෙන් ලිඛිතව ඒ ඉල්ලීම සිදු කිරීමට නියමිතය.ඉන් අනතුරුව ඡ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධනට එරෙහිව නඩු පැවරීමට කටයුතු කරන බවද නීතිපති දෙපාර්තමේන්තු ආරංචි මාර්ග වලින් පැවසේ. පාස්කු ඉරිදා දින සිදු කළ බෝම්බ ප්‍රහාරයේ බුද්ධි තොරතුරු වසන් කිරීම හේතුවෙන් මේ වන විට ඡ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන වැඩ තහනමකට ලක් වී සිටී.

පොහොට්ටු මන්ත්‍රී ගංජා ජාවාරම් කරලා මාට්ටු

Image
  ගම්පොළ නගර සභාවේ නාගරික මන්ත්‍රී  ඉන්දික සුරේෂ් කුමාර ගංජා අලෙවි කිරී⁣මේ වරදට ගම්පොළ පොලීසිය මගින් අත් අඩංගුවට ගත් බව වාර්තා වේ. මෙම නාගරික මන්ත්‍රීවරයා එළඹෙන 30 වන දින දක්වා බන්ධනාගාර ගත කිරීමට  ⁣ගම්පොළ මහේස්ත්‍රාත් වරයා නියෝග කර ඇත. ගම්පොළ පොලීසිය සඳහන් කරන ආකාරයට මෙම නාගරික මන්ත්‍රීවරයා ගංජා ජාවාරම් කිරීම සම්බන්ධයෙන් කිහිප අවස්ථාවක්ම අත් අඩංගුවට පත් වූ අයෙකි. 

සිවනේසතුරෙයි පිල්ලෙයාන් ආණ්ඩුවට එරෙහි පිල්ලි⁣යක් වේද

Image
ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රඳවාගෙන සිටින සිවනේසතුරෙයි පිල්ලෙයාන් විසින් මානව අයිතිවාසිකම් නඩුවක් ගොනු කර ඇති බව වාර්තාවේ. සිවනේසතුරෙයි පිල්ලෙයාන් විසින් ශ්‍රේෂ්ඨාධිකරණය වෙත ඉදිරිපත් කරන ලද එම මූලික අයිතිවාසිකම් පෙත්සම විනිසුරුවරුන් වන කුමුදිනී වික්‍රමසිංහ ,සෝභිත රාජකරුණා,සම්පත් වික්‍රමසිංහ විසින් විසින් සළකා බලන ලද අතර එය විභාග කිරීම ඔක්තෝම්බර් 31 වනදාට දින නියම කරන ලදී. නීතිපතිවරයා ,පොලිස්පතිවරයා හා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ප්‍රධානියා එම පෙත්සමේ වග උත්තරකරුවන් ලෙස නම් කර තිබේ. සිවනේසතුරෙයි පිල්ලෙයාන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත් අඩංගුවට ගන්නා ලද්දේ නැගෙනහිර විශ්ව විද්‍යාලයේ උප කුලපති රබීන්ද්‍රනාත් සුබ්‍රමනියම්  පැහැරගෙන යාම සම්බන්ධයෙන් 2006 වසරේදී කර ඇති පැමිණිල්ලකට අනුවය.එහෙත් ජනාධිපති නීතිඥ මනෝහර සිල්වා විසින් සිවනේසතුරෙයි පිල්ලෙයාන් වෙනුවෙන් ශ්‍රේෂ්ඨාධිකරණය වෙත ඉදිරිපත් කර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සමේ සඳහන් කර ඇත්තේ පැමිණිල්ල කර වසර 20 කට පසුව සිය සේවාදායකයා අත් අඩංගුවට ගැනීම නීති විරෝධී බවයි. ත්‍රස්තවාදය වැළැක්වීමේ තාවකාලික  විධිවිධාන පනතේ ප්‍රතිපාද...

වැලිකඩ හිර ගෙදරින් ජංගම දුරකථන සොයා ගැනේ

Image
  වැලිකඩ බන්ධනාගාරය තුළ සිඳු කරන ලද සෝදිසි මෙහෙයුමකදී ජංඟම දුරකථන 06 ක් හා එම දුරකථන වලට සම්බන්ධ උපාංගයන්ද අත් අඩංගුවට ගන්නා ලද බව බන්ධනාගාර දෙපාරතමේන්තුව අනාවරණය කර තිබේ. බන්ධනාගාර හදිසි ප්‍රතිචාර උපක්‍රමික බළකාය විසින් කළ මෙහෙයුමකදී එම දුරකථන හා උපාංඟ අත් අඩංගුවට ගත් බව වාර්තා වේ. වැලිකඩ බන්ධනාගාරයේ  කේ වාට්⁣ටුවේ සඟවා තිබුණ මේ දුරකථන හා උපාංග ලද තොරතුරක් මත අත් අඩංගුවට ගත් බව පැවසේ.හිටපු ඇමතිවරුන් මහින්දානන්ද අළුත්ගමගේ හා නලින් ප්‍රනාන්දු වැන්නන් රඳවා සිටින්නේද මේ වාට්ටුවේය. එසේම වැලිකඩ බන්ධනාගාරයෙන් ලැබෙන තොරතුරු වලින් පැවසෙන්නේ සිර දඬුවම් ලබා සිටින දුමින්ද සිල්වාට සති අන්තය ගත කිරීමට බන්ධනාගාර රෝහළට ගෙන යාම පුරුද්දක් ලෙස කරමින් පවතින බවය.

පොලීසිය පොලිස් ලොක්කාගේ මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කරලා

Image
  හිටපු අමාත්‍ය ජෙයරාජ් ප්‍රනාන්දු පුල්ලේ ඝාතන සිද්ධිය සම්බන්ධ යෙන් 2009 වර්ෂයේදී ත්‍රස්ත මර්ධන කාර්යාංශය මගින් අත් අඩංගුවට ගෙන රැඳවුම් නියෝග මත රඳවා ගෙන සිටි ගම්පහ හිටපු පොලිස් අධිකාරී ලක්ෂ්මන් කුරේ ගේ මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇතැයි ශ්‍රේෂ්ඨාධිකරණය විසින් පසුගියදා තීන්දු කරන ලදී. රැඳවම් ⁣නියෝග මත බූස්ස බන්ධනාගාරයේ රඳවා සිටි ලක්ෂ්මන් කුරේ නීතිඥ මංජල බාලසූරිය මගින් 2010 වර්ෂයේ මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කර තිබුණි .ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ඒ.එම්.ඩී නවාස් විසින් අගවිනිසුරු මුර්දු ප්‍රනාන්දු සහ ජයන්ත ප්‍රනාන්දු යන විනිසුරුවරුන්ගේ එකඟත්වයෙන් මේ තීන්දුව ප්‍රකාශය⁣ට පත් කරන ලදී. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 11 සහ 13(2) යන ව්‍යවස්ථාවලින් සහතික කර තිබෙන පෙත්සම්කරුගේ මූලික අයිතිවාසිකම්වග උත්තරකාර පොලිස් නිළධාරීන් විසින් උල්ලංඝනය කර ඇති බවද ඒ අනුව රජය විසින් පෙත්සම්කරුට රුපියල් 30000ක් වන්දියක් ගෙවිය යුතු බවද එසේම පෙත්සම්කරු වධ හිංසනය ලක් කරන ලද ත්‍රස්ත විමර්ශන අංශයේ පොලිස් නිළධාරීන් දෙදෙනෙකු ඔවුන්ගේ පෞද්ගලික මුදලින් රුපියල් ලක්ෂ දෙක බැගින් පෙත්සම්කරුට ගෙවි...

හෙට අනිද්දා හිටපු ඇමති හොරෙකුට මාංචු වැටේ

Image
  රුපියල් කෝටි පන්සියයක මුදලක් අවභාවිතා කිරිමේ චෝදනාවකට හිටපු අමාත්‍යවරයකු අත් අඩංගුවට ගැනීමට නියමිත බව අල්ලස් හෝ දූෂණ කොමිෂම් සභාවේ ආරංචි මාර්ග වලින් පැවසේ. එම චෝදනාව සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ කොමිෂම සිදු කරන ලද විමර්ශනයේදී සිද්ධියට අදාල අමාත්‍යංශයේ ඉහළ නිළධාරීන් කිහිප දෙනෙකුගෙන්ම ප්‍රකාශ සටහන් කර ගෙන ඇති බව අනාවරණය වේ. විවිධ ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම සදහා යැයි ප්‍රකාශ කරමින් රජයේ මුදල් අව භාවිතා කිරීම හා විදේශ රැකියා කෝටා පෞද්ගලික ව්‍යාපාරිකයන්ට ලබා දී මුදල් ලබා ගැනීම ආදී චෝදනා රැසක් මේ හිටපු අමාත්‍යවරයාට එරෙහිව එල්ල වී තිබේ. අල්ලස් හෝ දූෂණ කොමිසම මගින් ⁣අත් අඩංගුවට ගැනීමට නියමිත හිටපු අමාත්‍යවරයා මනූෂ නානායක්කාර බවට සැක කළ හැකිය.මීට දින ගණනකට ඉහතදී ඔහුගේ පෞද්ගලික ලේකම්වරයාද අත් අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලදී

දේශබන්දු පොහොට්ටුවෙන් පාර්ලිමේන්තුවට පත් කිරීමේ සූදානමක

Image
  හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් එම ධුරයන් නෙරපීම සදහා අගෝස්තු මාසයේ 05 වන දින පාර්ලිමේන්තුවේ පැවැත්වෙන ඡන්ද විමසීමේදී පොදුජන පෙරමුණ එම යෝජනාවට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කිරීමට සැළසුම් කර ඇති බව පැවසේ. ඒ බව සදහන් වී තිබුණේ (27 )ඉරිදා ලංකාදීප  පුවත්පතේය.ලංකා දීප පුවත්පත වාර්තා කර ඇති ආකාරයට දේශබන්දු තෙන්නකෝන් කුරුණෑගල දිස්ත්‍රික්කයේ මැතිවරණ කොට්ඨාශයක පොදු ජන පෙරමුණේ ආසන සංවිධායක වරයා ලෙස පත් කිරීමටද නියමිතය. ⁣අන්තර්ජාල ප්‍රකාශනයක සඳහන් වී තිබුණේ දේශබන්දු තෙන්නකෝන් පොලිස්පති ධුරයෙන් ඉවත් කිරීමෙන් පසුව පොදුජන පෙරමුණේ මන්ත්‍රී ධුරයකින් පාර්ලිමේන්තුවට පත් කිරීමට පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ සැළසුම් කර ඇති බවය. කෙසේවෙතත් දේශබන්දු තෙන්නකෝන් පොලිස්පති ධුරයෙන් නෙරපා හැරීමේ යෝජනාවට සමගි ජන බලවේගය පක්ෂව ඡන්දය ලබා දීමට තීරණය කර ඇති බවද වාර්තා  වේ.

කළු ජූලියේ සිත රිදවීම

Image
  අද ජුලි 24 දාය.⁣අද දිනයේදී 1983 කලු ජූලිය සිහිපත් කර මාධ්‍යයන්හි බොහෝ කයි කතන්දර ලියවෙන බව නිසැකය.එහෙත් කලු ජූලිය ගැන සිහිපත්වන හැම අවස්ථාවකම මගේ සිතට නැගෙන්නේ ඒ හා බැඳුන පෞද්ගලික අත් දැකීමකි. එදවස මා සෙබළෙකි.හරියටම ජුලි 24 වනදා පෙරවරුවේ බිරිඳට මාගේ වැඩිමහල් පුත්‍රයා ඉපදුන බවට ම⁣⁣ගේ කඳවුරේ දුරකථන ක්‍රියාකරු  මට දැනුම් දුන්නේ මාගේ ඥාතියෙකු දැනුම් දුන් බව පවසමිනි.මම ඒ බව මාගේ අණ දෙන නිළධාරියාට පැවසුවෙමි ඔහු මට නිවසට යාමට අවසර දුන්නේය.ඒ ඊට පසුදින කොළඹ හමුදා මූලස්ථානයට වාර්තා කරන ලෙසට පවසමිනි.කඳවුරෙන් එළියට ආ මම කඩවත නගරයෙන් ත්‍රි' මලය සිට කොළඹට යන බස් රථයකට නැග ගතිමි.බස් රථයේ සිටි මගීන් සිටියේ නොසන්සුන්වය.ඔවුන් යමක් අපේක්ෂාවෙන් බස් රථයේ කවුළු වලින් එබී එබී බලමින් සිටීම මට ප්‍රෙහේලිකාවක් විය.ඒත් මා පැටළුන ඒ ප්‍රෙහේලිකාව මොහොතකින් අවසන් විය.මා බස් රථයට නැග ගත් බව දුටු එහි සිටි හමුදා ලුතිනන් වරයකු මගේ අතින් තදින් අල්ලා ගත්තේය. ස්ටාෆ් දෙමළ අයගෙ කඩ පුච්චනවා යැයි ඔහු මට පැවසුවේ වෙවුලන ස්වරයෙනි.ඔහු ගේ අනන්‍යතාව මට සිහිපත් වූයේ ඒ අවස්ථාවේදීය.මේ තරුණ හමුදා ලුතිනන් වරයා මීට මාස හය හතක...

අහෝ කෙහෙළිය නුදුටු නීතිය

Image
  මෙහි පහත දැක්වෙන දින කිහිපය මෙරට ජනතාව කෙදිනකවත් අමතක නොකළ යුතු දින කිහිපයකි.ඒ 2023 සැප්තැම්බර් මස 06 ,07 හා 08 දිනයන්ය.ඒ දින තුන තුළ මෙරට පාර්ලිමේන්තුවේ සාකච්ඡාවට ගන්නා ලද්දේ ⁣හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලට එරෙහිව විපක්ෂය ගෙන ආ විශ්වාසභංගයයි.  මේ විශ්වාසභංගය පිළිබඳව ඡන්ද විමසන අවසාන දවසේ එනම් සැප්තැම්බර් 08 වන දා සභාව අමතන ලද ආණ්ඩු පක්ෂයේ නියෝජනයන් අතර ඇමති මනූෂ නානායක්කාර ,ඇමති කාංචාන විජේසේකර හා පාම රෝහිත අබේගුණවර්ධනද විය.එහිදී පාම රෝහිත අබේගුණවර්ධන සභාව අමතමින් මෙසේ පැවසුවේය. ".....බාල බෙහෙත් ගෙනාවත් ඒ බාල බෙහෙත් මිනිහෙක් කෝමද බලන්නෙ. එහෙමත් නැතිනම් මේ ඇමතිතුමාට  කෙහෙළිය ඇමතිතුමාට පුළුවන්ද මේ බේත් බීල බලන්න.ඒම නැතිනම් පුළුවන්ද ඒ එන්නත අරගෙන බලන්න.ඉතින් ඒක වැරදුනොත් මොකද වෙන්නෙ.ගරු කතානායක තුමණි ගත්තු මිනිහා මැරෙනවා.ගරු ඇමතිතුමණි තියෙන්නෙ තව පැය කිහිපයයි. තමුනාන්සේ බය  නැතුව ඉන්න.ඔබතුමා අනිවාර්යෙන්ම අද හවස් වෙන කොට මේ විශ්වාස භංගය පරාජය කරල ඔබතුමා නිර්දෝෂී පුද්ගලයෙක් බව රටට හෙළි කරනවා.." මේ එම අවස්ථාවේ සභාව ඇමතූ කාංචන විජේසේකර  අමාත්‍යවරයා කළ සඳහන...

හිටපු බුද්ධි අධ්‍යක්ෂ නිලන්ත ජයවර්ධන කම්මුතුයි

Image
  යහපාලන ආණ්ඩුව සමයේ රාජ්‍ය බුද්ධි අධ්‍යක්ෂ ඡ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන පොලිස් සේවයෙන් පහ කිරීමට පොලිස් කොමිෂන් සභාව තීන්දු කර ඇති බව වාර්තා වේ. පාස්කු ප්‍රහාරයට පෙර ඒ සම්බන්ධයෙන් ලැබුණු  බුද්ධි තොරතුරු අනුව අවශ්‍ය ඉදිරි ක්‍රියා මාර්ග නොගැනීම පිළිබඳව සිඳු කරන ලද විනය පරීක්ෂණයකින් ඔහු වැරදිකරු වී ඇති බවට ගත් තීන්දුවක් පදනම් කරගනිමින් පොලිස් කොමිෂම මෙම තීරණය ගෙන ඇති බව පැවසේ. ඡ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධනට එරෙහිව ඉදිරිපත් වූ විනය පරීක්ෂණ වාර්තාව පිළිබඳව සභාපති විශ්‍රාමික මහාධිකරණ විනිසුරු ලලිත් ඒකනායක ගේ ප්‍රධානත්වයෙන් පොලිස් කොමිෂන් සභාව විසින් සාකච්ඡා කර මේ තීන්දුව ගත් බවද වැඩිදුරටත් වාර්තා වේ. මීට පෙර ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ඡ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධනට එරෙහිව විනය ක්‍රියා මාර්ග ගන්නා ලෙසට දුන් නියෝගයක් පොලිස් කොමිෂම විසින් නිසි පරිදි ක්‍රියාත්මක නොකර තිබුණි.ඒ සම්බන්ධයෙන් 2023 නොවැම්බර් 01 දින ශ්‍රේෂ්ඨාධිකරණ සත් විනිසුරු මඩුල්ල විසින්  ජාතික පොලිස් කොමිෂම වෙත බරපතල දෝෂාරෝපණයක් පවා එල්ල කෙරිණි. එම විනය පරීක්ෂණය කඩිනම් කර එහි ප්‍ර...

: විජේවීර ඝාතනය ගැන තොරතුරු හෙළි කරන්නට නීතියෙන්ම අවසර හිමිවේ

Image
  විශ්‍රාමික මේජර් ජනරාල් අශෝක තෝරදෙණිය හමුදා සේවයේ නිරතව සිටියදී ජනතා විමුක්ති පෙරමුණේ නායක  රෝහණ ව්ජේවීර ඝාතනය කිරීමට සම්බන්ධ බවට මාධ්‍ය මගින් අදහස් ප්‍රකාශ කිරීම වලක්වමින්  හිටපු පළාත් සභා මන්ත්‍රීවරයකු වන ඉන්ද්‍රානන්ද සිල්වාට එරෙහිව කොළඹ අතිරේක මහේස්ත්‍රාත් අධිකරණය විසින් ලබා දී තිබූ නියෝගය අහෝසි කරමින් පැමිණිලි කාර පාර්ශවය ගොනු කර තිබූ නඩුව අද (15)දින කොළඹ අතිරේක මහේස්ත්‍රාත් තනුජා ලක්මාලි විසින් ප්‍රතික්ෂේප කරන ලදී. මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතතාව පනතේ 24 වන වගන්තිය යොදා ගනිමින් රෝහණ විජේවීර ඝාතනය පිළිබඳ ඇසින් දුටු  සාක්ෂිකරුවකු වූ හිටපු පළාත් සභා මන්ත්‍රීවරයකු වන ඉන්ද්‍රානන්ද සිල්වාට එම ඝාතනය පිළිබඳ අදහස් දැක්වීම පිලිබඳ අදහස් දැක්වීම සීමා කරන නියෝගයක් මේජර් ජනරාල් අශෝක තෝරදෙණිය ව්සින් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයෙන් පසුගිය අප්‍රේල් 16 වනදා ලබා ගෙන තිබුණි.මේ නියෝගය නිකුත් කෙරුවේ කොළඹ අතිරේක මහේස්ත්‍රාත් මංජුල රත්නායකය. එම නඩුවේදී විශ්‍රාමික මේජර් ජනරාල් අශෝක තෝරදෙණිය වෙනුවෙන් පෙනී සිටි හිටපු නීතිපති සංජේ රාජරත්නම් අධිකරණය වෙත කරුණු දක්වමින් පවසා තිබු⁣ණේ විත්තිකරු ...