මානව හිමිකමි කොමිෂන් සභා ඉතිහාසයේ විශාලම වන්දි මුදල තීරණය කරයි1

 




පොලිස් අත් අඩංගුවේදී මරා දමන ලද අන්තෝනි ගමගේ සමන් ප්‍රීති කුමාර යන අයගේ බිරිඳ වන ටී.බී.දිල්රුක්ෂි ප්‍රියදර්ශනී යන අය විසින් මානව හිමිකම් කොමිසමට කරන ලද පැමිණිල්ලක් සළකා බැලීමෙන් අනතුරුව රුපියල් ලක්ෂ 25 ක මුදලක් අගතියට පත් පාර්ශවයට ගෙවීමට මානව හිමිකම් කොමිසම නිර්දේශ කර තිබේ.


පැමිණිලිකාර පාර්ශවය වන ටී.බී.දිල්රුක්ෂි ප්‍රියදර්ශනී වන අය විසින් මානව හිමිකම් කොමිසම වෙත කරන ලද පැමිණිල්ලේ පළමු වග උත්තරකරු ලෙස කොළඹ 01 පොලිස් මත් ද්‍රව්‍ය කාර්යංශයේ උප පොලිස් පරීක්ෂක තිලංක නම් කර තිබූ අතර ,අනෙකුත් වග උත්තරකරුවන් වශයෙන් පොලිස් සැරයන් 8824 බාලසූරිය,පොකො 9000කලුආරච්චි,
පොකො 93682 අභිෂේක,පොකො 83808
විකුම් ආරියසිංහ,පොකො 31996 හේරත්,
පොකො 92447 තිලිණ මදුෂාන් ,පොකො 
61323 සංජීව සම්පත්,උප පොලිස් පරීක්ෂක තිලෝක නුවන් නම් කර තිබුණි.

මෙම පැමිණිල්ල ඉදිරිපත් කළ ටී.බී දිල්රුක්ෂි ප්‍රියදර්ශණී සදහන් කර තිබුණේ ශ්‍රී ලංකා වෘත්තීය පුහුණු අධිකාරියේ නාරාහේන්පිට පිහිටි ප්‍රධාන කාර්යාලයේ
කළමණාකරණ සහායක ලෙස සේවය කළ තම ස්වාමිපුරුෂයා වූ සමන්ත ප්‍රීති කුමාර 2023 ජනවාරි 10 දින ඉහත වග උත්රකරුවන් විසින් අසත්‍ය චෝදනා ඉදිරිපත් කරමින් අත් අඩංගුවට ගෙන නීති විරෝධීව රඳවාගෙන කෲර වද හිංසාවට ලක් කර ඝාතනය කර ඇති බවය.

එම පැමිණිල්ල විභාග.කරන ලද මානව හිමිකම් කොමිසම 1978 ශ්‍රී ලංකා ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ 11,12,13(1) සහ 13(4) ව්‍යවස්ථාවන් මගින් සුරක්ෂිත කර ඇති මූලික අයිතිවාසිකම්
උල්ලංඝනය කර ඇති බවට නිගමනය කරමින් එම වන්දි මුදල අගතියට පත් පාර්ශවයට වග උත්තරකාර පාර්ශවය විසින් ගෙවිය යුතු බවට කොමිසම නිර්දේශ කරන ලදී.එහිදී වැඩිදුරටත් කොමිසම මෙම වග උත්තරකරුවන්ට එරෙහිව විනය පරී්ෂණයක් පවත්වන ලෙසටද පොලිස්පතිවරයා වෙත දන්වා ඇත.

මෙම පැමිණිල්ල විභාගයේදී වග උත්තරකාර පාර්ශවය සමන්ත ප්‍රීති කුමාර අත්අඩංගුවට ගැනීම හා ඔහු මරණයට  පත් වීම සම්බන්ධයෙන් කොමිසම වෙත ඉදිරිපත් කරන ලද ප්‍රකාශයන් තුළ සදහන් වූයේ  සමන්ත ප්‍රීති කුමාර නැමැති අය පොඩි ලැසී නම් මත් ද්‍රව්‍ය ජාවාරම්කරු ගේ මත්ද්‍රව්‍ය ජාවාරමිවලට සම්බන්ධ බවට පෞද්ගලික තොරතුරු කරුවෙකුගෙන් ලැබුණ රහස්‍ය තොරතුරක් ලැබුණ බවත් එම තොරතුරට අනුව සමන්ත ප්‍රීති කුමාර අත් අඩංගුවට ගෙන පරීක්ෂා කිරීමේදී හොරොයින් මත් ද්‍රව්‍ය හා ඒ මත්ද්‍රව්‍ය ජාවාරම් තුළින් උපයා ගන්නා ලද බවට සැක කළ හැකි රුපියල් එක් ලක්ෂ පනස් දාහක මුදලක් සොයා ගත් බවත්ය.ඉන් අනතුරුව සැකකරු නෙළුම් කුළුණ අසල මත් ද්‍රව්‍ය කාර්යංශයේ බැරැක්කය⁣ට ගෙන ගිය බවත් එහිදී සැකකරු නිළධාරීන්ට පහරදී පලා යාමට උත්සාහ කිරීමේදී පොර බැදීමේදී සිහිසුන් වූ විට ජාතික රෝහළ වෙත ගෙන යන අතරමගදී මිය ගිය බවත් වග උත්තරකාර පාර්ශවය වැඩිදුරටත් සඳහන් කර තිබුණි.

එහෙත් කොමිසන් සභාව සිදු කළ විමර්ශන වලදී හෙළි වී තිබුණේ වග උත්තරකාර පාර්ශවය වෙත ලැබුණ තොරතුර ලද පසුව අනුගමනය කළ යුතු නියමිත ක්‍රමවේදයන් අනුගමනය කර නැති බවය.එහිදී මියගිය තැනැත්තාට වද හිංසා පමුණවා ඇති බවට ප්‍රබලම විද්‍යාත්මක සාක්ෂිය වන අධිකරණ වෛද්‍ය වාර්තාවේ මිය ගිය අය ගේ ශරීරයේ තුවාල 49 ක් තිබූ බවටත් මොට ආයුදයකින් සිදු වූ  බහු මෘදු පටක තුවාල හේතුවෙන් ඇති රක්ත පාත කම්පනය හේතුවෙන් මෙම මරණය සිදු වී ඇති බවටත් සදහන් වී ඇති බව මානව හිමිකම් කොමිසම් තීන්දුවේ දක්වා තිබේ.
 ⁣වග උත්තරකාර පාර්ශවය විසින්ම පිළිගනු ලැබ ඇති අයුරින් අත් අඩංගුවට ගන්නා ලද පුද්ගලයකු ප්‍රශ්ණ කිරීම සදහා පොලිස් ස්ථානයකට ගෙන යාමෙන් තොරව හා එම අත් අඩංගුවට ගැනීම පිළිබඳව වැටලීම් භාර නිළධාරී දැනුවත් නොකිරීම හරහා 2747 /2023 පොලිස්පති චක්‍රලේඛයේ 5.1,5.6 5.7 වගන්ති වල විධි විධානයන් අනුව වග උත්තරකාර කාර පර්ශවය ක්‍රියා කර නැති බවද ⁣මෙහිදී කොමිසම නිරීක්ෂණය කර තිබූණි.

කෙසේ වෙතත් මේ සියලු කාරණා සළකා බලන ලද මානව හිමිකම් කොමිෂන් සභාව පැමිණිකාර පර්ශවයේ මානව අයිතිවාසිකම් කඩවී ඇතැයි  තීන්දු කළ අතර එම තීන්දුවට අනුව පළමු වග උත්තරකරු රුපියල් ලක්ෂ දහයක් නව වන වග උත්තරකරු විසින් රුපියල් ලක්ෂයක් හා අනෙක් වග උත්තරකරුවන්
විසින් රුපියල්  ලක්ෂ දෙකක් වන ලෙස ලක්ෂ විසි පහක සම්පූර්ණ වන්දි මුදල පැමිණිලි කාර පාර්ශවයට ගෙවිය යුතු යැයිද නියම කෙරිණි.

මානව හිමිකම් කොමිසම ලබා දී ඇති මෙි තීන්දුවේ සඳහන්ව ඇති ඉතා වැදගත් කාරණය වන්නේ පුද්ගලයන් අත් අත් අඩංගුවේදී සිටියදී මිය යාම සම්බන්ධයෙන් නිකුත් කර ඇති මාර්ගෝපදේශ මාලාව අනුව කටයුතු කරන්නේද යන්න අධීක්ෂණය කිරීමට සුදුසු නිළධාරියකු පත් කිරීමට පොලිස්පතිවරයා විසින් කටයුතු කළ යුතු බවට වූ සඳහනයි.එසේම මානව හිමිකම් කොමිසම විසින් මෙම තීන්දුව මගින් ලබා දී ඇති නිර්දේශ ක්‍රියාත්මක කර ඒ සම්බන්ධ වාර්තාවක් මෙම වසරේ අගෝස්තු 28 වන දිනට පෙර වාර්තාවක් ඉදිරිපත් කළ යුතු යැයිද පොලිස්පතිවරයාට දැනුම් දී තිබේ.

Comments

Popular posts from this blog

වැඩෙි අන්තිම කැතයි ලැජ්ජයි නින්දිතයි ජනාධිපතිතුමා

මහනුවර පොලිස් ⁣ලොක්කාට ලංකා දවසෙන් මල් මිටක්

නලින් හේවගේ සහෝදරයාගෙන් මහ පොළවේ දේශපාලනය ඉගෙන ගන්න අධිකරණ ඇමතිතුමෝ