හෙට අනිද්දා හිටපු ඇමති හොරෙකුට මාංචු වැටේ

 


රුපියල් කෝටි පන්සියයක මුදලක් අවභාවිතා කිරිමේ චෝදනාවකට හිටපු අමාත්‍යවරයකු අත් අඩංගුවට ගැනීමට නියමිත බව අල්ලස් හෝ දූෂණ කොමිෂම් සභාවේ ආරංචි මාර්ග වලින් පැවසේ.


එම චෝදනාව සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ කොමිෂම සිදු කරන ලද විමර්ශනයේදී සිද්ධියට අදාල අමාත්‍යංශයේ ඉහළ නිළධාරීන් කිහිප දෙනෙකුගෙන්ම ප්‍රකාශ සටහන් කර ගෙන ඇති බව අනාවරණය වේ.

විවිධ ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම සදහා යැයි ප්‍රකාශ කරමින් රජයේ මුදල් අව භාවිතා කිරීම හා විදේශ රැකියා කෝටා පෞද්ගලික ව්‍යාපාරිකයන්ට ලබා දී මුදල් ලබා ගැනීම ආදී චෝදනා රැසක් මේ හිටපු අමාත්‍යවරයාට එරෙහිව එල්ල වී තිබේ.

අල්ලස් හෝ දූෂණ කොමිසම මගින් ⁣අත් අඩංගුවට ගැනීමට නියමිත හිටපු අමාත්‍යවරයා මනූෂ නානායක්කාර බවට සැක කළ හැකිය.මීට දින ගණනකට ඉහතදී ඔහුගේ පෞද්ගලික ලේකම්වරයාද අත් අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලදී

Comments

Popular posts from this blog

අනුරගේ සැබෑ ඇත්ත හා රාජපක්ෂ වරුන්ගේ සැඟවුන ඇත්ත

කල්පිටිය පොලීසියට නැවතත් ජාවාරම්කාර ඕඅයීසී පත් කරලා

රාජපක්ෂවරුන් ගොඩ දා ගැනීමට අසූචි ඇඟ පුරා හලාගත් පැන්ෂන්කාර මේජර් ජනරාල් වරයා