පොලීසිය පොලිස් ලොක්කාගේ මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කරලා

 

හිටපු අමාත්‍ය ජෙයරාජ් ප්‍රනාන්දු පුල්ලේ ඝාතන සිද්ධිය සම්බන්ධ යෙන් 2009 වර්ෂයේදී ත්‍රස්ත මර්ධන කාර්යාංශය මගින් අත් අඩංගුවට ගෙන රැඳවුම් නියෝග මත රඳවා ගෙන සිටි ගම්පහ හිටපු පොලිස් අධිකාරී ලක්ෂ්මන් කුරේ ගේ මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇතැයි ශ්‍රේෂ්ඨාධිකරණය විසින් පසුගියදා තීන්දු කරන ලදී.

රැඳවම් ⁣නියෝග මත බූස්ස බන්ධනාගාරයේ රඳවා සිටි ලක්ෂ්මන් කුරේ නීතිඥ මංජල බාලසූරිය මගින් 2010 වර්ෂයේ මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කර තිබුණි .ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ඒ.එම්.ඩී නවාස් විසින් අගවිනිසුරු මුර්දු ප්‍රනාන්දු සහ ජයන්ත ප්‍රනාන්දු යන විනිසුරුවරුන්ගේ එකඟත්වයෙන් මේ තීන්දුව ප්‍රකාශය⁣ට පත් කරන ලදී.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 11 සහ 13(2) යන ව්‍යවස්ථාවලින් සහතික කර තිබෙන පෙත්සම්කරුගේ මූලික අයිතිවාසිකම්වග උත්තරකාර පොලිස් නිළධාරීන් විසින් උල්ලංඝනය කර ඇති බවද ඒ අනුව රජය විසින් පෙත්සම්කරුට රුපියල් 30000ක් වන්දියක් ගෙවිය යුතු බවද එසේම පෙත්සම්කරු වධ හිංසනය ලක් කරන ලද ත්‍රස්ත විමර්ශන අංශයේ පොලිස් නිළධාරීන් දෙදෙනෙකු ඔවුන්ගේ පෞද්ගලික මුදලින් රුපියල් ලක්ෂ දෙක බැගින් පෙත්සම්කරුට ගෙවිය යුතු බවටද ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවේ දැක්වේ.

පෙත්සම්කාර පොලිස් අධිකාරිවරයා වසර 14 ක් බන්ධනාගාරයේ රඳවා ගෙන සිට ඇති බවද නඩු විභාගයේදී අනාවරණය වී තිබේ.

Comments

Popular posts from this blog

නලින් හේවගේ සහෝදරයාගෙන් මහ පොළවේ දේශපාලනය ඉගෙන ගන්න අධිකරණ ඇමතිතුමෝ

රෙදි ඉල්ලේ සන්ධානය මරු

සිරගෙදර බොසාලා ගැන අපේ හෙළිදරව්ව