වැඩ බලන නියෝජ්‍ය පොලිස්පති දෑතට මාංචු වැටේ

 

අනුරාධපුර ශ්‍රාවස්තිපුර ,තිඹිරිගස්කඩවලපිහිටි දේවාල භූමියක නිදන් හැරීමේ සිදුවීමකට කොළඹ දිසාව බාර වැඩ බලන නියෝජ්‍ය පොලිස්පති උදිත ⁣ලියනගේ අද (25)දින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත් අඩංගුවට ගන්නා ලදී.

මෙම නිදන් හැරීමේ සිදු වීමට මීට පෙර වැබ නියෝජ්‍ය පොලිස්පති උදිත ලියනගේ ගේ බිරිඳ ඇතුළු තවත් සැකකරුවන් අට දෙනෙකු අනුරාධපුර පොලීසිය මගින් අත් අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර තිබුණි.අනතුරුව මේ සිද්ධිය වැඩිදුර පරීක්ෂණ කටයුතු පොලිස්පතිවරයා විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට බාර දී තිබුනි.වැඩ බලන නියෝජ්‍ය පොලිස්පතිවරයා  අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත් අඩංගුවට ගන්නා ලද්දේ නිදන් හෑරීමේ සඳහා ආධාර අනුබල දීමේ චෝදනාව යටතේය.

Comments

Popular posts from this blog

අනුරගේ සැබෑ ඇත්ත හා රාජපක්ෂ වරුන්ගේ සැඟවුන ඇත්ත

සිද්ධාලේප වදකයෙක් එ්ඇස්පී වෙලා

රාජපක්ෂවරුන් ගොඩ දා ගැනීමට අසූචි ඇඟ පුරා හලාගත් පැන්ෂන්කාර මේජර් ජනරාල් වරයා