රතනං පනීතං අතුරුදන්
අපේ ජන බල පක්ෂයේ මහ ලේකම් වේදිනිගම විමලතිස්ස හිමියන් පැහැර ගෙන ගොස් උන්වහන්සේ පැහැර ගෙන ගොස් බිය ගන්වා 2020 වර්ෂයේදී එම පක්ෂයට හිමිවූ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය ලබා ගැනීම සම්බන්ධයෙන් අතුරලියේ රතන හිමියන් අත් අඩංගුවට ගැනීමට කොළඹ අපරාධ කොට්ඨාශයේ
නිළධාරීන් උන්වහන්සේ වැඩ වාසය කරන රාජගිරියේ සඳහම් සෙවන වෙත ගොස් ඇති බව වාර්තා වේ.එහෙත් මේ වන විට සිය ජංගම දුරකථනය අක්‍රිය කරමින් අතුරලියේ රතන හිමියන් සැඟවී ඇතැයි දැන ගැන්මට තිබේ.වේදිනිගම විමලතිස්ස හිමියන්ගේ පැමිණිල්ල පරිදි සේවයෙන් නෙරපා සිටින හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ගෙන් ප්‍රශ්ණ කිරීමට නියමිතය.මේ වන විට එම සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් දෙදෙනෙකු අත් අඩංගුවට ගෙන ඇතැයිද පොලීසිය පවසයි.ඉන් එක සැකකරුවකු කටුවන නන්දසීල නමින් පැවිදිව සිට උපැවිදි වූ අයෙක් බවද හෙළිවී තිබෙි.අත් අඩංගුවට ගන්නා ලද එම සැකකරුවන්ගේ දුරකථන ඇමතුම් පරීක්ෂාවේදී අදාල පැහැර ගැනීම සිදු වූ කාලසීමාවේදී රතන හිමියන් අසාමාන්‍ය ආකාරයට මේ සැකකරුවන් සමග සම්බන්ධතා පවත්වා ඇති බවද පොලීසිය හෙළි කර ගෙන ඇත.වේදිනිගම විමලතිස්ස හිමියන් ලේකම් ධුරය දරන අපේ ජන බල පක්ෂයේ සභාපති සමන් පෙරේරා 2024 ජනවාරි 22 වන දින දකුණු අධිවේගී මාර්ගයේ බෙලිඅත්ත පිවිසුම ආසන්නයේදී ඝාතනය කෙරිණි.එම ඝාතනය කොන්ත්‍රාතුවක් මත කොස්ගොඩ සුජී නැමැති පාතාල ක්‍රියාකාරිකයා විසින් සිදු කළ බවට සැක කෙරේ.කෙසේ වෙතත් තමන් පැහැර ගැනීම පිළිබඳව මාධ්‍ය වෙත ප්‍රකාශයක් කළ වේදිනිගම විමලතිස්ස හිමියන් පැවසුවේ එම පැහැරගැනීමට හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් හා හිටපු ඇමති ටිරාන් අලස් සම්බන්ධ බවය.එහෙත් පොලීසිය ටිරාන් අලස් ගෙන් කට උත්තර ලබා ගැනීම මග හරිමින් සිටින බවද අනාවරණය වේ.
Comments
Post a Comment