ආරක්ෂක නියෝජ්‍ය ඇමතිට එරෙහිව විශ්වාස භංඟයක්
කොළඹ දිස්ත්‍රික්කයේ සමගි ජන බලවෙිගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් විසින් ආරක්ෂක
නියෝජ්‍ය අමාත්‍ය අරුණ ජයසේකරට එරෙහිව විශ්වාස භංගයක් ඉදිරිපත් කර තිබේ.ඔහු විසින් ඉදිරිපත් කරන මෙම විශ්වාස භංග යෝජනාව ලබන සඳුදා පාර්ලිමේන්තු සභාවාරයේදී කතානායකවරයාට බාර දීමට නියමිතය.එම විශ්වාස භංග යෝජනාව මෙසේයගරු කථානායක තුමා,ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව,විශ්වාස භංග යෝජනාවගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සදහා වන චර්යා ධර්ම සංග්‍රහය- ¡¡¡ වන කොටස06 වන වගන්තිය.මන්ත්‍රීවරුන් සෑම අවස්ථාවකදීම ඔවුන් වෙත තබා ඇති මහජන විශ්වාසයට අනුව ක්‍රියා කළ යුතු අතර,සෑම විටම යම් පොදු සම්පත් භාවිතයද ,ඇතුළු ඔවුන්ගේ හැසිරීම අවංක භාවයකින් ඒකග්‍රතාවකින් විය යුතුය.යනුවෙන් සදහන් කර ඇතත් එය කඩ කර ඇති හෙයින්ද,.ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සදහා වන චර්යා ධර්ම සංග්‍රහයේ V වන කොටසේ 09 වගන්තියේ චර්යා රීති වල සදහන්,(අ) හෘද සාක්ෂියට එකඟව කටයුතු කිරීම(ඇ) ජනතාවගේ විශ්වාසය හා ගෞරවයට යෝග්‍ය වන පරිදි කටයුතු කිරීම(ඉ)තමන් වගකිව යුතු චර්යාව සහ කාර්ය භාරයන් සම්බන්දයෙන් වග කිව යුතු වීම.යන චර්යා රීති උල්ලංඝනය කර ඇති බව බැලූ බැල්මට තහවුරු වන හෙයින්ද,එමෙන්ම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 28 වන ව්‍යවස්ථාවට අනුකූලව මූලික යුතුකම් ඉටු කිරීමට නියෝජ්‍ය අමාත්‍යවරයකු ලෙස අපොහොසත් වන බව නිරීක්ෂණය වන හෙයින්ද,එසේම1.පාස්කු ඉරිදා ප්‍රහාරයේ කුමන්ත්‍රණයේ මූලාරම්භයක් ලෙස සැළකෙන 2018 ව්‍යවස්ථා විරෝධී කුමන්ත්‍රණ සමයේ එනම් 2018 නොවැම්බර් මාසයේදී 17 වන ආරක්ෂක සේනා (නැගෙනහිර)ආඥාපති ලෙස ගරු අරුණ ජයසේකර මහතා පත් කළ හෙයින්ද,ඒ අනුව ඔහු ආරක්ෂක සේනා (නැගෙනහිර) ආඥාපති ලෙස වැඩ බාර ගත් හෙයින්ද ,2.පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් වන විමර්ශන වලදී වැදගත් තොරතුරු රැසක් අනාවරණය කර ගනිමින් සැකකරුවන් අත් අඩංගුවට ගන්නා වවුනතිව් පොලිස් මුරපොළේදී ශ්‍රී ලංකා පොලීසියේ කොස්තාපල්වරුන් දෙදෙනෙක් ඝාතනය කිරීම සිඳුවන අවස්ථාවේ ගරු අරුණ ජයසේකර මහතා ආරක්ෂක සේනා (ආඥාපති) ලෙස කටයුතු කළ හෙයින්ද3.පාස්කු ඉරිදා ප්‍රහාරයේ,තීරණාත්මක සංසිද්ධියක් වන සයින්මරන්දු බොලිවේරියන් ග්‍රාමයේ සිඳුවීම සිඳුවන අවස්ථාවේ ගරු අරුණ ජයසේකර මහතාආරක්ෂක සේනා ආඥාපති ලෙස කටයුතු කළ හෙයින්ද,4.අදාල සිඳුවීම සමබන්ධයෙන් විමර්ශන කරන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයෙන් ශ්‍රී ලංකා යුද හමුදාවේ කිහිප දෙනෙකුට එරෙහිව විදේශ ගමන් තහනමක් ලබා ගෙන ඇති හෙයින්ද ,කටුවාපිටිය දේවස්ථානයේ බෝම්බකරු වූ හස්තුන් නැමැත්තාගේ බිරිඳ ලෙස හැඳින්වෙන සාරා ජස්මින් නොහොත් පුලස්තිනී මහේන්ද්‍රන් සයින්ද මරන්දු එම ස්ථානයේ සිටි බවට සහ ඇය බෝම්බය පිපිරීමෙන් පසුවද ජීවතුන් අතර සිටි බවට සහරාන් ගේ බිරිඳ ෆාතිමා හාදියා ප්‍රකාශ කර ඇති හෙයින්,සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවද ඇය මියගිය බවට කී සිද්ධිය සැක සහිත යැයි ප්‍රකාශ කර ඇති හෙයින්ද,6.අදාල සයින්දමරන්දු සිද්ධිය සම්බන්ධයෙන් මේ වන විට විමර්ශන ආරම්භ ආරම්භ කර යුද හමුදාවේ එදින මෙහෙයුමට සහභාගි වූ එකල ගරු අරුණ ජයසේකර මහතා යටතේ සිටි නිළධාරීන්ගෙන් ප්‍රකාශ ගැනීම ආරම්භ කර ඇති හෙයින්ද,7.මෙම සිද්ධියට අදාලව ගරු අරුණ ජයසේකර මහතා විසින්ම පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළ පරිදි ඔහුගෙන්ද ප්‍රකාශ ලබා ගෙන ඇති හෙයින්ද,8.වවුනතිව්, සහ සයින්දමරන්දු සිඳුවීම්දෙකටම අදාල විමර්ශනයේදී සාක්ෂි කට උත්තර යුද හමුදාවේ පිරිස් වලින් තවදුරටත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ලබා ගෙන සිටින හෙයින්ද,9.ගරු අරුණ ජයසේකර මහතා පූර්ව මැතිවරණ සමයේ ජාතික ජන බලවේගයේ විශ්‍රාමික ත්‍රිවිධ හමුදා සාමූහිකයේ ක්‍රියාකාරී සාමාජිකයකු ලෙස කටයුතු කරමින් සිට අංක 2410/08 දරණ2014/11/17 දිනැති අති විශේෂ ගැසට් නිවේදනය ප්‍රකාරව ජාතික ජන බලවේග රජයේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයකු ලෙස පත්ව,අංක 2412/23 දරන 2024/11/18 දිනැති අති විශේෂ ගැසට් නිවේදනය ප්‍රකාරව ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙස පත් වූ හෙයින්ද ,ඇතැම් අවස්ථාවල වැඩ බලන ආරක්ෂක අමාත්‍යවරයා ලෙසද කටයුතු කරන බැවින්ද10.අදාල සිදුවීම් ගැන සාක්ෂි දෙනු ලබන යුද හමුදාවේ නිළධාරීන් විසින් සාක්ෂි ලබා දීමේදී එවකට ප්‍රදේශය බාර ප්‍රධානියා වූ ගරු අරුණ ජයසේකර මහතා වර්තමානයේ යුද හමුදාව බාර අමාත්‍යංශයේ ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙස කටයුතු කරමින් සිටින බැවින් නිළධාරීන් සාක්ෂි දීමේදී ඔවුන් උසස්වීම් /මාරුවීම් සහ වෙනත් කටයුතු වලට බලපෑමක් ඇතිවේ යැයි බියෙන් සාක්ෂි ලබා දීමේ මැලිකමක් දැක්වීමට ඉඩ ඇති හෙයින්ද,11.එවකට ආරක්ෂක සේනා (නැගෙනහිර) ආඥාපති ලෙස සිටි ගරු අරුණ ජයසේකර මහතා යටතේ සිටින නිළධාරීන් විමර්ශනයට ලක් වෙමින් සිටින බැවින් ඔහු එම නිළධාරීන් සිටි යුද හමුදාව බාර අමාත්‍යංශයේ ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙස කටයුතු කරන හෙයිිින් විමර්ශන ගැන සැක සංකා මතුවීමට ඉඩ ඇති හෙයින්ද සහ ළබැඳියාවන් අතර ගැටුමක් ඇති වීමට ඉඩ ඇති හෙයින්ද,12.පාස්කු ඉරු දින ප්‍රහාරයේ වින්දිතයන්ට යුක්තිය ඉටු කරන බවට මැතිවරණ පොරොන්දුවක් ලබා දුන් රජයක ගරු අරුණ ජයසේකර මහතා නියෝජ්‍ය අමාත්‍යවරයකු ලෙස වගකිව යුතු තනතුරක් දැරුවද මේ දක්වා පාස්කු වින්දිතයන්ට යුක්තිය ඉටු කිරීමට අපොහොසත් වී ඇති හෙයින්ද,13.පාස්කු ඉරු දින ප්‍රහාරයේ විමරශන සම්බන්ධයෙන් ගරු අරුණ ජයසේකර මහතා යුද හමුදාවේ ධුරය දරන සමයේ නිසි ක්‍රියා මාර්ග නොගත් පසුබිමක වත්මන් රජයේ නියෝජ්‍ය අමාත්‍යවරයකු ලෙස කටයුතු කිරීම මත එම විමර්ශන වලට යම් බලපෑමක් ඇති විය හැකි බවට කතෝලික සභාවට හැඟී යාම සහ එම පරීක්ෂණවල විශ්වසනීයත්වය සම්බන්ධයෙන් ගැටලු පවතින බවට කාදිනල් හිමිපාණන් ගේ ප්‍රකාශක ගරු සිරිල් ගාමිණී පියතුමන් ප්‍රකාශ කර ඇති හෙයින්ද,14.පාස්කු ඉරු දින ප්‍රහාරයේ විමර්ශන සිදු කිරීම අභියෝගයක් බවත් ,රජය රජය තුළම විමර්ශනයට ලක් කිරීම දුෂ්කර වී ඇති බවත්,රජය රජය විසින්ම පරීක්ෂාවට ලක් කළ යුතු බවත් ජනපතිවරයා කාදිනල් හිමියන්ගේ පූජක දිවියට වසර 50 ක් සම්පූර්ණ වීම නිමිත්තෙන් පැවැති උත්සවයේදී කළ ප්‍රකාශය මඟින් පාස්කු ඉරු දින ප්රහාරයේවිමර්ශන අඩපන කිරීමට තවමත් රාජ්‍ය යාන්ත්‍රණය තුළින්ම කුමන්ත්‍රණ සිඳුවන බව හැඟෙන හෙයින්ද,15.ගරු ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය ගරු අරුණ ජයසේකර මහතා 2025/07/09 වන දිින පාර්ලිමේන්තුවේදී කළ ප්‍රකාශයකට අනුව පාස්කු ප්‍රහාරයේ විම්රශනවලදී අනාවරණය වන පරිදි දේශපාලන අරමුණු ඉෂ්ඨ කර ගැනීම වෙනුවෙන් බුද්ධි අංශයේ සුළු පිරිසක් සහ රජයේ නිළධාරීන් සුළු පිරිසක් මේ සදහා යොදා ගෙන ඇති බවට ප්‍රකාශ කිරීම මගින් ඊට සම්බන්ධ බුද්ධි අංශ නිළදාරීන් පිළිබඳව දැනුවත් බවක් හෝ හෝ අවබෝධයක් එතුමාට තිබෙන්නට ඇතැයි හැඟී යන බැවින්ද,ගරු අරුණ ජයසේකර මහතා ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය ධුරය දරන රජයක ,මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යංශය මගින් පාස්කු ඉරු දින ප්‍රහාරයේ විමර්ශන සිඳු කිරීම මත බලපෑම් හා ළබැඳියාවන් අතර ගැටීමක් ඇතිවන අතර,එමගින් පාස්කි ඉරු දින ප්‍රහාරයේ වින්දිතයන්ගේත්,කතෝලිකසභාවේත්,පොදු මහජනතාවගේත්,විශ්වාසය බිඳ වැටී ඇති හෙයින්ද, ගරු අරුණ ජයසේකර මහතා ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය ධුරයේ සිටියදී පාස්කු විමර්ශනය සිඳු කිරීමෙන් මේ ගරු සභාවෙි විශ්වාසය කඩව ඇති බැවින් එතුමා එම ධුරයෙන් ඉවත් කළ යුතු බවට මෙම ගරු සභාව යෝජනා සම්මත කර සිටී
Comments
Post a Comment