මහින්ද රාජපක්ෂගේ පැරලයිස් පංචස්කන්ධය වෙන්දේසියේ දැමීම

 


මෙරට දේශපාලන භූමියේ රඟ දැක්වෙන අලුත්ම නාඩගම මහරජානෝට මාලිගයක් සොයා දීමේ නාඩගමයි.මේ නාඩගමේ එක රූප දර්ශනයක කද මළු රැගෙන මහරජානෝ බලන්නට පැමි⁣ණෙන ප්‍රාන්ත වාසීන් ගේ වොයිස් කට් ප්‍රචාරයයි.දේශපාලනය ගැන මෙලෝ හසරක් ගැන අවබෝධයක් නැති අහිංසක ගැමියන් කොළඹ කැන්දාගෙන ඒම හරිම ලේසිය.තක්කඩි පොහොට්ටු හිටපු මැම්බරයකු බස් එකක් බුක් කර එවැනි අහිංසක ගැමියන් තිහ හතලිහක් කොළඹ පෙන්නනට කැන්දාගෙන එන අතරමග මහ රජානෝ බලන්නට යාමද මාර ප්ලෑන් එකකි.රාජපක්ෂලා මෙවැනි හැඩයේ කැත ගේම් වලට අති  දක්ෂයන්ය.දැන් නාමල් රාජපක්ෂගේ සැළසුම වී ඇත්තේ මහින්ද රාජපක්ෂගේ පංචස්කන්දය විකුණා තමන්ගේ දේශපාලන තීරය වෙන් කර ගැනීමය.

මහින්ද රාජපක්ෂට කිරි පැණි රැගෙන පෝලිමට එන ගම්වැසියන්  කැත වාහිනියේ මාර අතුරුපසක් වී ඇත්තේද නාමල් රාජපක්ෂගේ මේ නාඩගමේ දර්ශනයන්ය.හම්බන්තොට මෙරට ⁣ප්‍රසිද්ධ
කිරි පැණි වලටය.රාජපක්ෂලාට කිරි පැණි කෑමේ රුදාවක් තිබේ නම් ගව පට්ටියක්ම හම්බන්තොටින් විජේරාමයට රැගෙන විත් කිරි දොවා මුදවා ගෙන ඇති තරමේ කිරි කන්නට යන්නේ එකම එක දුරකතන පණිවුඩයකි.දැන් ගැමියන් මහරජානෝ බලන්නට කිරි මුට්ටි රැගෙන ඒ මේ පිටපත විහිළුවක් වන්නේ ඒ නිසාය.

ඊළඟට ප්‍රචාරය කෙරෙන්නේ මහින්ද රාජපක්ෂට විජේරාම නිවස අහිමි වුව හොත් සිදුවන අසරණකම ගැනය.මේ වන විටත් රාජපක්ෂ නිකායේ උන්නාසේලා මහින්ද රාජපක්ෂට නිවසක් සොයමින් සිටී.මේ ව්‍යාපෘතිය නම් හොඳ ඩොලර් තොගයක් මෙරටට ගෙන්වා ගැනීමේ ව්‍යාපෘතියක් කර ගන්නටද ඒ උන්නාසේලාට බැරි කමක් නැත.අසරණ මහ රජාණෝට නිවසක් සොයා දීමට පින් පත්‍රයක් විදේශගත ශ්‍රී ලාංකිකයන් වෙත යැවීමෙන් ඒ අපේක්ෂාව ඉටු කර ගත හැකිය.

මේ සෙප්පඩ විජ්ජා දකින කියවන අපට නම් නාමල් රාජපක්ෂගේ දේශපාලනය ගැන දැනෙන්නේ හිරිකිතයකි.නහින දෙහින කාලයේ ලෙඩ දුක් ගානේ ඉන්නා තමන්ගේ අප්පා උකසට තබා නාමල් රාජපක්ෂ විසින් ගෙන යන මේ ප්‍රචාරය නම් හරිම අශීලාචාරය.එහෙත් මේ අශීලාචාර දේශපාලනය අප්පාගෙන් පුතාට උරුම වූවකි.අසරණ අහිංසක ගැමියන් සූදුවේ තුරුම්බු වලට ගන්නා මේ කෂඩ පැවැත්ම රාජපක්ෂ වරුන්ගේ ජාන ගත කෙරුවාවය.

සැබැවින්ම මහින්ද රාජපක්ෂට විජේරාම නිවසින් එළියට යන්නට සිදු ⁣වු⁣ව හොත් ඉන්න හිටින්නට තැනක් නැති අනාථයකු විය හැකි යැයි පවසන තරමේ ප්‍රචාරයක් මේ වන විට සමාජය පුරා පැතිරවීමට පොහොට්ටු හෙංචයියන් බරපතල උත්සායක නිරතව සිටී.මෙරට පුරවැසියන් බොහෝ දෙනෙකු දේශපාලන ඩිමෙන්සියා රෝගයෙන් පෙළෙන්නන්ය.මහින්ද රාජපක්ෂ නිවසක් නැති අසරණයෙක් බවට ස්ථානගත වන්නේ ⁣මේ ඩිමෙන්ෂියා 
රෝගී වටපිටාව තුළය.

මහින්ද රාජපක්ෂගේ හිමිකාරිත්වය යටතේ මැදමුලන බංගලාවද තංගල්ලේ කාල්ටන් බංගලාවද තිබේ.මැදමුලන බංගලාවේ ඉතිහාසය 1800 වසර දක්වා දිවේ.ඒ කාලයේ මේ නිවස බුද්ධියගම වලව්ව විදියටය.එම වලව්වේ හිමිකරුවා වූයේ දොන් කොන්ස්ටයින් ද සිලවා චින්තාමනී මොහොට්ටාල නොහොත් සපුගොඩ රාළ නම් ප්‍රභූවරයෙකුටය.මේ වලව්වෙි හරක් ප⁣ට්ටිය⁣ බලා කියා ගත්තේ පැලමඩුල්ලේ සිට ආ කාත් කවුරුත් නොමැති මාටින් රාජපක්ෂ නම් කොලුවෙකි.ඔහු මැදමුලන පදිංචිව සිටියේය.1874 වර්ෂයේදී බුද්ධියගම වලව්වේ හිමිකරු මිය ගියේ සිය දේපල වල භාරකාරිත්වය කිසිවෙකුට නොපවරමිනි.එම⁣ දේපොල වලට උරුමක්කාරයකුද නො⁣වීය.ඒ අතරේ මාටින් රාජපක්ෂ වලව්⁣වේ තිබූ වටිනා දේපොල  මැදමුලන නිවසට  ⁣ගෙන ගියේය.මේ නිවස බුද්ධියගම වලව්වේ හිමිකරු විසින් මාටින් රාජපක්ෂට නැවතීම සදහා ලබා දී තිබූ නිවසයි.
රජය මැදිහත් වී බුද්ධියගම වලව්වේ දේපොල නිරවුල් කිරීම සඳහා නඩුවක් පැවරුවද සපුගොඩරාළගේ ඥාතීන් කිසිවකු එම නඩුවට ඉදිරිපත් නොවූ අතර ඒ සඳහා ඉදිරිපත් වූ එකම තැනැත්තා මාටින් රාජපක්ෂ විය.මැදමුලන නිවස බුද්ධියගම ⁣වලව්වේ දේපොල රාජපක්ෂ වරුන්ට හිමිවූයේ එලෙසය.තංගල්ල කාල්ටන් නිවස හිමිකාරිත්වය පැවතියේ නීතිඥ වරයෙකුටය.මහින්ද රාජපක්ෂ ගේ දේශපාලන කටයුතුවලට පහසුව සඳහා එම නීතිඥවරයා කාල්ටන් බංගලාවේ කාර්යාල කාමරයක් නොමිලේ ලබා දී තිබේ.එහෙත් පසුකාලයකදී එම නීතිඥවරයා එලවා දමා කාල්ටන් බංගලාවේ හිමිකාරිත්වය ලියා ගැනීමට මහින්ද රාජපක්ෂට හැකි විය.

මාටින් රාජපක්ෂ නම් ගොපල්ලාගේ  ගේම් ගැහිල්ලේ ජානගත පුරුද්ද රාජපක්ෂ වරුන්ගේ ලේ වලටම ජීර්ණ වී තිබේ.

මේ වන විට පොලිස් පරීක්ෂණ වලින් අනාවරණය වී ඇති  රාජපක්ෂ වරුන් සන්තයේ පවතින දේපල අතරේ මහින්ද රාජපක්ෂගේ ගෙදර උන්දෑ ගේ සිරි ලිය ගිණුමේ ශේෂය රුපියල් මිලියන 43කි.මේ ගිණුම සිරිලිය සවිය නමින් ව්‍යාජ තොරතුරු ඉදිරිපත් කරමින් 
කොළඹ 10 ඩාර්ලි පාර මහජන බැංකුවේ පවත්වාගෙන ගිය ගිණුුමකි.බැංකුවේ ගිණුමක් අරඹන විට ඉදිරිපත් කළ යුතු නිත්‍යනුකූල ලේඛන ඉදිරිපත් නොකර 2016 නොවැම්බර් මස 14 වන දින අංක
143- 1-001-4-6235069 යනුවෙන් අරඹන ලද මේ ගිණුමට අවස්ථා 88 කදී රුපියල් අට කෝටි විසි නව ලක්ෂයක්  තැන්පත් කර ඇති අතර ආපසු ගැනීමේ අවස්ථා129 කදී ⁣රුපියල් තුන් කෝටි අනූ ලක්ෂ පහලොස් දහස් හය සිය පනස් හයක මුදලක් ලබා ගෙන ඇත.ඒ අතරේම එම බැංකුවේ ලක්ෂ 100ක ස්ථාවර  තැන්පතුවක්ද සිරිලිය නමින් අරඹා තිබුණි.මේ ගිනුම් ආරම්භ කිරීමට ලබා දී ඇති ලිපිනයන් වල සදහන් වන්නේ තංගල්ලේ කාල්ටන් නිවසේ පදිංචි කරුවන් ලෙසටය.එහි සදහන් ශිරන්ති රාජපක්ෂ ගේ හැඳුනුම්පත් අංකය ලෙස සඳහන් කර තිබුණේ 222222222 V යනුවෙනි.පැරණි ජාතික හැඳුනුපත්හි පළමු අංක දෙක උපන් වර්ෂය ලෙස සැළකේ.ශිරන්ති රාජපක්ෂ බැංකුව වෙත ඉදිරිපත් කර ඇති හැඳුනුම්පත අනුව ඇය ඉපදී ඇත්⁣තේ 1922 වර්ෂයේය.

ඒ අතරේ කොළඹ 07 ටොරිංටන් මාවතේ අංක 206/17 පිහිටි සුඛොපභෝගී නිවස ශිරන්ති රාජපක්ෂගේ හිමිකාරත්වයේ ති⁣බේ 

විජේරාම නිවසින් මහින්ද රාජපක්ෂ දොරට දැමුව හොත් යන්නට එන්නට තැනක් නැතැයි විලාප තියන පොහොට්ටු හෙංචයියන් ගේ තක්කඩිකම තහවුරු වන්නේ රාජපක්ෂ වරුන් සන්තකයේ පවතින ඉහත දැක්වෙන දේපොල ගැන විමසන විටය.මේ දේපොල ලැයිස්තුවට මහින්ද රාජපක්ෂගේ පුත්‍රයන් සන්තකයේ පවතින දේපල ගැන සදහන් කර නැත.
පොහොට්ටු හෙංචයියන් මේවා ගැන නොදන්නා වුන්ද නොවේ.දැන් මේ තක්කඩියන් යන එන මං නැති දේශපාලනික අනාථයන්ය.මේ අනාථ බවින් මිදෙන්නට ඇති මග නාමල් බබා බව මේ තක්කඩියන්ගේ අදහසයි.
මහින්ද රාජපක්ෂගේ පැරලයිස් පංචස්කන්දය වෙන්දේසියේ දමා ඇත්තේ  මේ වටපිටාව තුළය.

Comments

Popular posts from this blog

වැඩෙි අන්තිම කැතයි ලැජ්ජයි නින්දිතයි ජනාධිපතිතුමා

නලින් හේවගේ සහෝදරයාගෙන් මහ පොළවේ දේශපාලනය ඉගෙන ගන්න අධිකරණ ඇමතිතුමෝ

මිනීමරු රණවීරගේ කෙරුවාව ගැන හිරිකිතයක් අමනාපයක් කෝපයක් ජාතික ජන බලවේගයේ සහෝදරවරුන්ට නැද්ද අප්පා