තුසිත හල්ඔළුවගේ පුස් වෙඩි නාඩගමේ කොන්ත්‍රාත්කරු නිදැල්ලේ

 



ව්‍යාජ පැමිණිල්ලක් පොලීසියට ඉදිරිපත් කිිිිරී⁣මේ වරදට අත් අඩංගුවට ගන්නා ලද තුසිත හල්⁣ඔළුව රිමාන්ඩි බන්ධනාගාර ගත කරන ලදී.ජනපති අනුර කුමාර දිසානායක විදේශයක මුදල් ආයෝජනයක් කර ඇතැයි තුසිත  හල්ඹළුව විසින් කරන ලද ප්‍රකාශයක් සම්බන්ධයෙන් පොලීසිය මීට පෙර කට උත්තර ලබා ගන්නා ලදී.එහිදී ඔහු පොලීසියට ප්‍රකාශ කර තිබුණේ සිය ප්‍රකාශය තහවුරු කිරීමට අදාල ලියකියවිලි ඉදිරිපත් කරන බවය.තුසිත හල්ඔළුව ගමන් කළ කාරයට වෙඩි තබා එහි තිබූ ලිපි ගොනුවක් පැහැර ගෙන ගිය බව වාර්තා වූයේ ඉන් අනතුරුවය.එම සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂණ ඇරඹුන අතර තුසිත හල්ඔළුව පොලීසියට ප්‍රකාශ කර තිබුණේ තමන් නීතිඥ දිනේශ් දොඩම්ගොඩ සමග ඔහුගේ කාරයෙන් නීතිඥවරයකු මුණ ගැසීමට ගොස් ආපසු එන විට ආයුද රැගත් දෙදෙනෙකු තමන් ගත් කාරයට වෙඩි තබා තමා සන්තකයේ තිබූ ලිපි ගොනුවක් පැහැරගෙන ගිය බවත්ය.එම ලිපිගොනුව ජනපතිවරයාගේ විදෙස් මුදල් ආයෝජනය සම්බන්ධයෙන් වූ ලියකියවිලි ඇතුළත් ලිපි ගොනුව බවද ඔහු විසින් පොලීසිය වෙත අනාවරණය කර තිබුණි.

ඔහු ලබා දුන් තොරතුරු ඔස්සේ එම සිද්ධිය සම්බන්ධයෙන් පොලීසිය  පරීක්ෂණ සිඳු කරන ලදී.එම පොලිස් පරීක්ෂණ වලදී හෙළි වූයේ ⁣එම වෙඩි තැබීම තුසිත හල්ඔළුව විසින්ම සිදු කර ගත් වෙඩි තැබීමක් බවය.ඉන් අනතුරුව පොලීසිය   ඒ සම්බන්ධයෙන් අධිකරණයට කරුණු වාර්තා කර තුසිත හල්ඔළුව අත් අඩංගුවට ගැනීමට ක්‍රියා කරමින් සිටියදී ඔහු සැඟවී තිබුණි.ඔහුට එරෙහිව අධිකරණ වරෙන්තු නිකුත් කෙරුණ අතර 

කොළඹ සුඛෝපභෝගී නිවාස සංකීර්ණයක පිහිටි නිවසක සැඟවී සිටියදී ඔහු අත් අඩංගුවට ගැනුනේ එම වරෙන්තුවට අනුවය.තුසිත හල්ඔළුව සමග කාරයේ ගමන් ගත් දිනේෂ් දොඩම්ගොඩ මාධ්‍යවේදියකු ලෙස කටයුතු කරන අවදියේ අධ්‍යාපන ඇමතිවරයා ලෙස කටයුතු කරන ලද රනිල් වික්‍රමසිංහ ඉසුරුපායේදී ඔහුට කම්මුල් පහරක් ගැසූ බවට ජනමාධ්‍ය වලින් වාර්තා විය.එහෙත් එම සිද්ධියෙන් අනතුරුව දිනේෂ් දොඩම්ගො⁣ඩ රනිල් ගේ ඇතුළත කාම කවයේ සාමාජිකයකු විය.
තුසිත හල්ඔළුව ගනේගම පන්සලේ ඇබිත්තයා ලෙස සිටියදී එම විහාරස්ථානයේ නායක හිමියන් ගේ ඉල්ලීමක⁣⁣ට අනුව  අමරසිරි දොඩංගොඩ විසින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කාර්යාලයේ ඔහුට කාර්යාල කාර්ය සහායකයකු ලෙස වැඩ කිරීමට අවස්ථාව සළසා දුනි.පසුව අමරසිරි දොඩංගොඩ ගේ පෞද්ගලික කාර්ය මණ්ඩලය⁣ට තුසිත හලඔළුව සම්බන්ධ විය.කිසිදු උසස් අධ්‍යපනයක් නොමැති මේ පුද්ගලයා විවිධ අමාත්‍යවරුන් සමග සමීපව කටයුතු කරමින් බොහෝ ජාවාරම්වලට සම්බන්ධව අයුතු ලෙස දේපොල උපයා ගත් අයෙකි.තුසිත හල්ඔළුවට මිරිහාන ගල්වල පාරේ සුඛෝපභෝගී නිවසක් අරගෙන දී ඇත්තේ මේජර් නිශ්ශංක සේනාධිපතිය.ඒ මේජර් නිශ්ශංක සේනාධිපතිට මෙරට රෝහල්වල ආරක්ෂාව සැපයීමේ කොන්ත්‍රාතුව ලබා ගැනීමට කළ උපකාරයට ත්‍යාගයක් විදියටය.පසු කාලයකදී මංඟල සමරසිංහගේ සමරිසි කවයට සම්බන්ධ වූ තුසිත හල්ඔළුව ඉන් මෙරට සිටින සමරිසි සුපිරි ධනවතුන් සමග සම්බන්ධතා ඇති කර ගැනීමට තරමේ දක්ෂයකු විය.මොහු රනිල් වික්‍රමසිංහ ගේ සමීපතමයකු වන්නේද ඒ ක්‍රීඩාවේ දක්ෂතාව නිසාමය.

තුසිත හල්ඔළුව තමන්ටම වෙඩි තබා ගැනීමේ නාටකය සැළසුම් කරන ලද්දේ පාතාලය හා ගනුදෙනු කරන බෙන්තොට ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති ගයාන් සිරිමාන්⁣නගේ උදව් උපකාර ඇතුවය.ගයාන් සිරිමාන්නද මෙරට සමරිසි මිත්‍ර කවයේ සාමාජිකයෙකි.
 
කෙසේවෙතත් තුසිත හල්ඔළුවට වෙඩි තැබීමට දින දෙකකට පෙර ඔහු කොළඹදී ගයාන් සිරිමාන්න හමුවූ බවට සාක්ෂි තිබේ.මේ කොන්ත්‍රාතුව තුසිත හල්ඔළුව විසින් ගයාන් සිරිමාන්නට බාර දී ඇත්තේ එම අවස්ථාවේදීය.ගයාන් සිරිමාන්න එම අපරාධ සිද්ධියේ කොන්ත්‍රාත්කරු වන අතර පොලීසියේ ඡ්‍යෙෂ්ඨයකු ඔහු එම සිද්ධියට අත් අඩංගුවට ගැනීමෙන් වලක්වා තිබේ.ගයාන් සිරිමාන්න මෑත කාලයේදී අයුතු ලෙස උපයා ගත් කෝටි ගණනක දේපොල සම්බන්ධයෙන් බුද්ධි තොරතුරු වාර්තා මුදල් විශුද්ධිකරණ ඒකකයට යොමු කර ඇතත් එම පොලිස් ඡ්‍යෙෂ්ඨයා ඒ සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීම පවා වලක්වා ඇති බව දැනගැන්මට තිබේ.ගයාන් සිරිමාන්න දකුණු පලාතේ සිදුවන හෙරොයින් ජාවාරමක් හා සම්බන්ධ පුද්ගලයන් උපයා ගන්නා කළු සල්ලි සුදු කිරීම කරන පුද්ගලයා බව⁣ට බුද්ධි තොරතුරු ලැබී තිබියදී ඔහු පොලීසිය විසින්ම ආරක්ෂා කිරීම විශාල ගණුදෙනුවක ප්‍රතිඵළයක් බව පොලීසියෙන් ලැබෙන අභ්‍යන්තර තොරතුරු වලින් දැන ගැන්මට තිබේ. 

Comments

Popular posts from this blog

වැඩෙි අන්තිම කැතයි ලැජ්ජයි නින්දිතයි ජනාධිපතිතුමා

නලින් හේවගේ සහෝදරයාගෙන් මහ පොළවේ දේශපාලනය ඉගෙන ගන්න අධිකරණ ඇමතිතුමෝ

මිනීමරු රණවීරගේ කෙරුවාව ගැන හිරිකිතයක් අමනාපයක් කෝපයක් ජාතික ජන බලවේගයේ සහෝදරවරුන්ට නැද්ද අප්පා