ජාජබ ආණ්ඩුව "රුබිකන් නදිය" තරණය කරයි
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත් අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලද හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ ලබන 26 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලදී.ඔහු බන්ධනාගාර ගත කරමින් නියෝගය ප්‍රකාශයට පත් කරන ලද මහේස්ත්‍රාත්නිලුපුලී ලංකාපුර මෙනෙවිය සඳහන් කරන ලද්දේ නඩු විභාගයේදී දෙපාර්ශවය ඉදිරිපත් කළ කරුණු විමසීමේදී මේ නඩුකරයට පාදක වන ප්‍රශ්ණගත සංචාරය පෞද්ගලික සංචාරයක් යැයි පෙනී යන බවය.පොදු දේපළ පනත යටතේ චෝදනා ඉදිරිපත් කරන අවස්ථාවක ඇප ප්‍රදානය කළ හැක්කේ අසාමාන්‍ය කරුණු අනාවරණය වන අවස්ථාවක පමණක් බවත් එහිදී සැකකරුගේ ඇප ඉල්ලීම පිළිබඳව අධිකරණයට ඉදිරිපත් වූ කරුණු තුළ අසාමාන්‍ය කරුණු අනාවරණය නොවන බැවින් සැකකරුට ඇප ප්‍රදානය නොකළ හැකි බවත් තීන්දුවේ සඳහන් වේ
2023 වසරේ සැප්තැම්බර් මාසයේ 22 වනදා හා 23 වනදා සැකකාර හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ විසින් බ්‍රිතාන්‍යයේ සිඳු කළ පුද්ගලික සංචාරයකදී රුපියල් ලක්ෂ 166ක රජයේ මුදල් වැය කිරීම සම්බන්ධයෙන් ඔහුට එරෙහිව මේ නඩුව පවරා තිබුණි.මෙම නඩුව විභාගයට ගත් අවස්ථාවේ සැකකාර හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ ඇප මත මුදා හරින ලෙස ඉල්ලා ජනාධිපති නීතිඥ අනූජ ප්‍රේමරත්න අධිකරණයෙන් ඇප ඉල්ලමින් ඔහුට තිබෙන රෝග විස්තරය අනුව ඔහු සිටිය යුත්තේ රෝහළකය.එහිදී අනාවරණය වූයේ හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ හෘද රෝගී තත්වයකින් හා පාලනය කළනොහැකි දියවැඩියා රෝගයෙන්ද පෙළෙන බවය.එයට අමතරව වෙනත් රෝග කිහිපයකටත් ඔහු ප්‍රතිකාර ලබමින් සිටින බව මෙහිදී හෙළි විය.රනිල් වික්‍රමසිංහ අත් අඩංගුවට ගැනීමත් සමගම ජනාධිපති නීතිඥ සාලිය පීරිස් සිය ෆේස්බුක් පිටුවේ මෙලෙස සටහනක් පල කර තිබුණි.ක්‍රිපූ 49 ජනවාරි මාසයේදී ගෝල් හි ආණ්ඩුකාරයා වූ ජුලියස් සීසර් රෝමයේ සෙනෙට් සභාවේ නියෝග නොතකමින් තම හමුදාව සමග රුබිකන් නදිය තරණය කෙරුවේය.රුබිකන් නදිය තරණය කළ පසු ආපසු හැරීමේ හැකියාවක් නොවීය.එය නොආපසු හැරෙන සීමාව විය.එහි ප්‍රතිඵළය වූයේ සිවිල් යුද්ධයක් වන අතර අවසානයේ ජුලියස් සීසර් ගේ ජයග්‍රහණයෙන් එය නිමා විය.මේ සිදුවීම විසින් රුබිකන් තරණය හෝ ආපසු හැරෙන සීමාව තරණය යන යෙදුම නිර්මාණය කෙරුවේය.දේශපාලනයේ හෝ පාලනයේ ඇතැම් අවස්ථාවන් රුබිකන් තරණය හෝ නොආපසු හැරෙනසීමාව ලෙස හැඳින්විය හැකිය.එවැනි තීරණ ප්‍රඥාවෙන් යුතුව රටේ අභිලාෂයන්සැළකිල්ලට ගනිමින් මහත් අවධානයෙන් යුතුව ගනු ලබන තීරණ විය යුතුය.මෙතෙක් කාලයක් මෙරට පුරවැසියන් තුළ පැවැති අදහස වූයේ දේශපාලනයේ ඉහල ඇවරියට නීතියටත් ඉහළින් සිටින බවය.ඉහළ ඇවරියේ වැජඹුන දේශපාලන නායකයන්ද මෙතෙක් කාලයක් සිතා සිටියේද කවර ආකාරයේ පජාත ක්‍රියාකාරකමක නිරත වූවද නීතියේ ආධිපත්‍යයෙන් තමන් ප්‍රශ්ණ නොකරන බවය.එහෙත් ජාතික ජන බලවේගය ආණ්ඩුව ඒ සියල්ල වෙනස් කර ඇත.නීතිය සැමට එක සමානව ක්‍රියාත්මක කරන බව ජාජබ ආණ්ඩුව පෙන්වා දී තිබේ.හිටපු ජනපතිවරයා බන්ධනාගාර ගත කිරීමෙන් පසුව මෙරට දේශපාලන භූමිය දැඩි කම්පනයට පත් විය.දේශපාලනිකව සතුරන් වූ සතුරන් අතරද ජාජබයට එරෙහිව සම්මුතියකට ඒ මේ ඕනෑ කමක් දැන් පෙල ගැසෙමින් පවතී.සැබැවින්ම මෙහි යටි පෙළ අරුත ඊළඟ සැකකරු තමන් විය හැකිය යන භීතිය මිස වෙනත් කාරණයක් නොවේ.ජාජබය ආපසු නොහැරෙන බව ඔවුන් දනී.රාජපක්ෂවරුන්ට එහි ඇති භයානකත්වය හොඳින් දැනෙන්ට පටන් ගනු ඇති බවද නිසැකය.හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ මේ වන විට ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටී.ඔහු විජලනයට පත්ව ඇති බවද වාර්තා වේ.විජලනය වන්නේ බඩ යාමේ රෝගී තත්වයකට බව පැහැදිලිය.ඉන් වටහා ගත හැක්කේ රනිල් වික්‍රමසිංහ දැඩි භීතියකට හා කම්පනයට පත්ව සිටින බවය.ඔහුගේ පෞද්ගලික හා දේශපාලනික ජීවිතය තුළ මෙවැනි කටුක හා දුෂ්කර අත්දැකීමක් කිසි දිනක නොලැබෙන්නට ඇත.උද්දච්ච හා ආඩම්බරකාර ජීවිතයක් ගෙන ගිය රනිල් වික්‍රමසිංහට මෙවැනි දඬුවමක් කිසි සේත්ම දරා ගන්නටත් නොහැකිය.විපක්ෂයේ බොහෝ දෙනෙකු රනිල් වික්‍රමසිංහ බන්ධනාගාර ගත කිරීමහුවා දක්වන්නට උත්සාහ කරන්නේ දේශපාලන පලි ගැනීමක් ලෙසය.එහෙත් එය එසේ අදහස් කරන්නන් කිසිවිටක අධිකරණ තීන්දුව වැරදිය යන්න නොපවසයි.අධිකරණය පිළිබඳව විවේචනයක් නැති බවද මේ සැම පවසනු අසන්නට ලැබේ.එසේ නම් රනිල් වික්‍රමසිංහ බන්ධනාගාර ගත කිරීමට එරෙහිව අදහස් ප්‍රකාශ කරන්නන් ඒක රාශිවෙමින් සිටින්නේ පරාණ බය නිසා බව පැහැදිලිය.ඒ පරාණ බය ඇති වී ඇත්තේ තම තමන් දේශපාලන බලය අභ්‍යාස කළ කාලයේදී සිදු කරන ලද හොර තක්කඩි වැඩ ගැන හෘද සාක්ෂිය දන්නා නිසා විය හැකිය.හෙට අනිද්දා වන විට බඩයාම නිසා විජලනය වෙන විපක්ෂ දේශපාලඥයන් ගණනාවක් ගැනඅසන්නට ලැබෙනු ඇති බවට අපි විශ්වාස කරමු.එහෙත් එය එසේ සිදු විය හැක්කේ ජාජබ ආණ්ඩුව ආපසු නොහැරීම තුළය.
Comments
Post a Comment