සිද්ධාලේප පොලිසාට ඒඇස්පී උසස්වීමක් ලැබිලා

 


හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ට එරෙහිව චෝදනා කෙරුණ බරපතල හා සමාජයේ කතාබහට ලක් වූ සිද්ධියක් වූයේ ඔහු නුගේගොඩ ප්‍රදේශය බාර පොලිස් අධිකාරීවරයා ලෙස සේවය කරමින් සිටියදී අත් අඩංගුවේ සිටි සැකකරුවකු ගේ ලිංගික ප්‍රදේශයේ සිද්ධාලේප ගා කෲර වද හිංසා පැමිණවීමේ සිද්ධියයි.


මේ සිද්ධිය අනාවරණය වූයේ හිටපු හමුදා සෙබළෙකු  විසින් තමන් නීති වීරෝධීව අත් අඩංගුවට ගෙන කෘෘර වද හිංසාවට ලක් කිරීමෙන් තමන්ගේ මූලික අයිතිවාසිකම් කඩ කරන ලදැයි දේශබන්දු තෙන්නකෝන් ඇතුළු වග උත්තරකරුවන් හතරදෙනෙකුට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයේ පවරන ලද නඩුවක තීන්දුවකිනි.⁣2023 දෙසැම්බර් මස 14 වන දින ශ්‍රේෂ්ඨාධිකරණය ලබා දුන් එම තීන්දුවෙන් වරදකරුවන් වූයේ එවක⁣ට නුගේගොඩ ප්‍රදේශය බාර පොලිස් අධිකාරීවරයා වූ දේශබන්දු තෙන්නකෝන් ,මිරිහාන පොලීසියේ හදිසි අපරාධ මර්ධන ඒකකයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක භාතිය ජයසිංහ පොලිස් කෙසේතාපල්වරුන් වන බණ්ඩාර හා අජිත් වනසුන්දර නම් සිවිල් පුද්ගලයෙකි. එම ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව
ප්‍රකාරව වග උත්තරකාර භාතිය ජයසිංහට සිය පෞද්ගලික මුදලින් රුපියල් ලක්ෂ පහක් පෙත්සම්කරු වෙත ගෙවීමට නියම කෙරිණි.එමෙන්ම එම නඩුවේ වග උත්තරකාර පාර්ශවය වූ දේශබන්දු තෙන්නකෝන් ,භාතිය ජයසිංහ හා අනෙකුත් පොලිස් නිළධාරීන්ට එරෙහිව විනයානුකූල පියවර ගන්නා ලෙසට දන්වා එම නඩු තීන්දුවේ පිටපත් පොලිස් කොමිෂමටත් නීතිපතිවරයාටත් යොමු කරන ලදී.

මේ නඩුවේ පෙත්සම්කාර පාර්ශවය වූ හොරණ මිල්ලව ප්‍රදේශයේ රන්ජිත් සුමංගල නම් හිටපු හමුදා සෙබළා ශ්‍රේශ්ඨාධිකරණය⁣ට ඉදිරිපත් කරන ලද මූලික අයිතිවාසිකම් පෙත්සමෙි සඳහන් කර තිබුණේ 2010 වසරේ දෙසැම්බර් 18 වන දින තමන් මිරිහාන පොලීසියේ සේවය කරන බණ්ඩාර හා භාතිය ජයසිංහ ය පොලිස් නිළධාරීන් විසින් අත් අඩංගුවට ගත් අතර ඉන් අනතුරුව තමන් දඹර ⁣ප්‍රදේශයේ සූසාන භූමියක⁣ට ගෙන ගොස් මොවුන් විසින් තමන්ට අමානුෂික ලෙස පහර දෙමින් වද හිංසා පැමිණ වූ බවය.අනතුරුව පොලිසිය⁣ට ගෙන යාමෙන් පසුව පොලිස් අධිකාරී දේශබන්දු තෙන්නකෝන් රාත්‍රියේ පැමිණ තමන්ගේ ලිංග ප්‍රදේශයේ සිද්ධාලේප තවරා බඳ පටියකින් පහර දුන් බවද මෙම පෙත්සමේ සඳහන් වී තිබුණි.

කෙසේවෙතත් ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව ප්‍රකාරව වගඋත්තරකාර භාතිය ජයසිංහ ඇතුළු අනෙකුත් පොලිස් නිළධාරීන්ට එරෙහිව පොලිස් කොමිෂම හෝ නීතිපතිවරයා විසින් මෙතෙක් කිසිදු ක්‍රියා මාර්ගයක් ගෙන නැති බව වාර්තා වේ.
එය එසේ තිබියදී 2023 නොවැමිබර් මස 18 හා 19 දෙදින තුළ පොලිස් දෙපාර්තමේන්තුව තුළ පැවති සහකාර පොලිස් අධිකාරී ධුරයට උසස් කිරීමේ විභාගයට  පොලිස් පරීක්ෂක භාතිය ජයසිංහ පෙනී සිටීමට එවකට පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් අවස්ථාව සළසා දී තිබේ.දෙදහසකට වැඩි පොලිස් පරීක්ෂක වරුන් සංඛ්‍යාවක් පෙනී සිටි මෙම විභාගයෙන් භාතිය ජයසිංහ 26 වන ස්ථානයේ සිටී.මෙම විභාගය සම්බන්ධයෙන් ඒ දිනවල බොහෝ චෝදනා එල්ල වෙමින් තිබුණේ හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් විසින් ඔහුට හිතවත් පොලිස් නිළධාරීන් කිහිප දෙනෙකුට විභාග ප්‍රශ්ණ පත්‍ර විභාගයට පෙර ලබා දී ඇති බවටය.

සහකාර පොලිස් අධිකාරී තනතුරු 40 ක් බඳවා ගැනීම සදහා පැවැති මෙම විභාගයේ ප්‍රතිඵළ අනුව සමත් වූ පොලිස් නිළධාරීන් 2025 මාර්තු 25 වන එම ධුරයේ පිහිටුවා ඇතත් විනය හේතූන් මත 05 දෙනෙකුගේ උසස්වීම් අත්හිටුවා තිබේ.
මේ වන විට භාතිය ජයසිංහ පොරොත්තු ලේඛනයේ රඳවා සිටී.ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවකින් වරදකරු කළ භාතිය ජයසිංහට එරෙහිව නෛතික පියවර ගන්නා ලෙසට නීතිපතිවරයාට හා පොලිස් කොමිෂමට නියෝග කර තිබියදී එම නියෝග තඹ දොයිතුවකට නොසලකා ඔහු හට උසස්වීම් ලබා දීමට කටයුතු කිරීම පිළිබඳව පොලීසිය තුළ මෙි වන විට කතාබහට ලක් වී තිබේ. 

Comments

Popular posts from this blog

වැඩෙි අන්තිම කැතයි ලැජ්ජයි නින්දිතයි ජනාධිපතිතුමා

නලින් හේවගේ සහෝදරයාගෙන් මහ පොළවේ දේශපාලනය ඉගෙන ගන්න අධිකරණ ඇමතිතුමෝ

මිනීමරු රණවීරගේ කෙරුවාව ගැන හිරිකිතයක් අමනාපයක් කෝපයක් ජාතික ජන බලවේගයේ සහෝදරවරුන්ට නැද්ද අප්පා