ශෂීන්ද්‍ර රාජපක්ෂ අත් අඩංගුවට ගනී

 



හිටපු කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ අල්ලස් හෝ දූෂණ කොමිසම මගින් අද අත් අඩංගුවට ගන්නා ලද බව වාර්තා⁣ වේ.

පසුගිය අරගල සමයේදී සිදු වූ නිවාස හානි සදහා ලබා ගත් වන්දි මුදල් වංචනිකව ලබා ගෙන ඇතැයි පැවසෙන චෝදනාවකට හිටපු රාජ්‍ය අමාත්‍යවරයා අත් අඩංගවට ගත් බව අල්ලස් හෝ දූෂණ කොමිෂමෙන් ලැබෙන ආරංචි මාර්ග වලින් පැවසේ.

හිටපු නියෝජ්‍ය අමාත්‍යවරයා ඒ සමයේදී සෙවනගල ප්‍රදේශයේ ඒකනායක නැමැත්තකුගේ නිවසක කාර්යාලයක් පවත්වා ගෙන ගොස් ඇති අතර අරගලය අවස්ථාවේ එම කාර්යාලය ගිණි තබා තිබේ.පසුගියදා එම නිවස අයිති ඒකනායක නැමැත්තා අල්ලස් හෝ දූෂණ කොමිෂමට කැඳවා ප්‍රශ්ණ කළ බවද සඳහන් වේ.ගිණි තබා විනාශ කරන ලද එම නිවසට හිටපු රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ විසින් වන්දි ලබා ලබා ගත්තේ යැයි පැවසෙන චෝදනාවට ඔහු අත් අඩංගුවට ගන්නා ලද බවද වැඩිදුරටත් වාර්තා⁣ වේ.

Comments

Popular posts from this blog

වැඩෙි අන්තිම කැතයි ලැජ්ජයි නින්දිතයි ජනාධිපතිතුමා

නලින් හේවගේ සහෝදරයාගෙන් මහ පොළවේ දේශපාලනය ඉගෙන ගන්න අධිකරණ ඇමතිතුමෝ

මිනීමරු රණවීරගේ කෙරුවාව ගැන හිරිකිතයක් අමනාපයක් කෝපයක් ජාතික ජන බලවේගයේ සහෝදරවරුන්ට නැද්ද අප්පා