මහේස්ත්‍රාත්වරුන් පස් දෙනෙකුගේ වැඩ තහනම්

 



අද දින (06)අධිකරණ සේවා කොමිසම මගින් මහේස්ත්‍රාත්වරුන් 05 දෙනෙකුගේ වැඩ තහනම් කර ඇති බවට වාර්තාවේ.

මොරටුව මහේස්ත්‍රාත් තිලිණ ගමගේ, මහියංඟනය අතිරේක මහේස්ත්‍රාත් රංඟනී ගමගේ හා පරිවාස කාලය අවසන් නොකරන ලද මහෙස්ත්‍රාත්වරුන් 03 ක් ඒ අතර වේ.අධිකරණ සේවා කොමිසම වෙත මෙම ⁣මහේස්ත්‍රාත්වරුන් පිළිබඳව ලැබී තිබෙන පැමිණිලි සම්බන්ධයෙන් මූලික විමර්ශන කටයුතු අරඹා ඇතැයිද අනාවරණය වේ.

අධිකරණ සේවා කොමිසමේ සභාපතිවරයා වශයෙන් අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේනද ලේකම් වරයා වශයෙන් මහාධිකරණ විනිසුරු ප්‍රසන්න අල්විස් හා සාමාජික මහින්ද  සමයවර්ධනද කටයතු කරනු ලබයි.මේ වන විට අධිකරණ කොමිසන් සභා නියෝජනයේ එක් සාමාජිකයෙක් ගේ අඩුවක් පවතී.

යුක්තිය පසිඳලීම සඳහා අවශ්‍ය කෙරෙන යටි තල පහසුකම් සැලසීමද විනිසුරුවරුන්ගේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම හා අධිකරණ කාර්ය මණ්ඩල වල හරියාකාරව මානව සම්පත් කළමණාකරනය පවත්වා ගැනීම යන මේවා මගින් සෑම පුරවැසියෙකුටම නීතියේ රැකවරණය කඩිනමින් හා එක සමාන ආකා⁣රයෙන් ලබා දෙන බවට 
සහතික වීම මගින් ජාතියේ සංවර්ධනය වේගවවත් කිරීම අධිකරණ සේවා කොමිසමේ මෙහෙවර ලෙස සඳහන්ව  තිබේ.

වැඩ තහනම් කරන ලද මොරටුව ⁣මහේස්ත්‍රාත් තිලිණ ගමගේ වෙත පසුගිය  ජුනි මාසයේදී කොමිසම මගින් චෝදනා පත්‍රයක් ලබා දී තිබූ අතර එම චෝදනා පත්‍රයට දින 21 ඇතුළත පිළිතුරු දෙන ලෙසට ඔහුට නියෝග කර තිබුණි.

2016 වර්ෂයේදී කොළඹ අතිරේක මහේස්ත්‍රාත්වරයා ලෙස කටයුතු කරන ලද තිලිණ ගමගේට එරෙහිව කූඨලේඛන සේ සකස් කරන ලද බලපත්‍රයක් උපයෝගි කරගෙන සකුරා නම් අලි පැටවකු සන්තකයේ තබා ගනිමින් පොදු දේපොළ පනත යටතේ වරදක් සිදු කර ඇතැයි 2019 වර්ෂයේ නඩු පැවරිනි.2021 දෙසැම්බර් 16 වන දින ප්‍රමාණවත් සාක්ෂි නොමැති කම නිසා ඔහු එම නඩුවෙන් නිදහස් කරන ලදී.ඉන් අනතුරුව ඔහු කොටුව මහේස්ත්‍රාත්වරයා වශයෙන් පත් කෙරුණ අතර 2024 අප්‍රේල් මස 23 වන දින ඔහු කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ධුරයට පත් කෙරිණි.2025 ජනවාරි 01 දින තිලිණ ගමගේ මොරටුව මහේස්ත්‍රාත්වරයා ලෙස ස්ථාන මාරු කර යවන ලදී.

මේ වන විට වැඩ තහනමට ලක්වී සිටින 
මහිංයංඟනය අතිරේක මහේස්ත්‍රාත් රංඟනී ගමගේට එරෙහිව නීති විරෝධී තීන්දු දීම හා නීතිඥවරුන්ගේ වෘත්තියට බාධා පැමිණවීම යන චෝදනා එල්ල වී තිබේ.

Comments

Popular posts from this blog

වැඩෙි අන්තිම කැතයි ලැජ්ජයි නින්දිතයි ජනාධිපතිතුමා

මහනුවර පොලිස් ⁣ලොක්කාට ලංකා දවසෙන් මල් මිටක්

නලින් හේවගේ සහෝදරයාගෙන් මහ පොළවේ දේශපාලනය ඉගෙන ගන්න අධිකරණ ඇමතිතුමෝ