හිටපු පොලිස්පති දේශබන්දු මෙරට පොලීසිය බාර ඇමතිවරයා වෙන්ටද බැරි නැත

 


පසුගියදා මියගිය ලොහාන් රත්වත්තේ ගේ අවමගුල් උත්සවයේදී හිටපු ඇමති සී.බී රත්නායකත් ,දිලුම් අමුණුගම කතා බහක නිරතව සිටියේ පොලිස්පති කමින් නෙරපා හරින ලද දේශබන්දු සමගය.එම කතාබහේදී දේශබන්දු තෙන්නකෝන් පැවසුවේ තමුන් ඊළඟ පාර්ලිමේන්තු මැතිවරණයේදී කුරුණෑගල  දිස්ත්‍රික්කයෙන් පොදු ජන පෙරමුන නියෝජනය කරමින් තරග වදින බවය.

තමන් පොදු ජන පෙරමුනේ ආසන සංවිධායක වරයකු ⁣වශයෙන් පත් කිරීමට නියමිත බවද දේශබන්දු තෙන්නකෝන් එහිදී වැඩිදුරටත් පැවසුවේය.

දේශබන්දු තෙන්නකෝන් මෙරට පොලිස්පති ධුරයෙන් ඉවත් කරන ලද්දේ පාර්ලිමේන්තුවේ යෝජනා ස්ථිරත්වයකිනි
ඒ 2002 අංක 05 දරණ නිළධරයන් ඉවත් කිරීමේ (කාර්ය පරිපාටිය)පනත ප්‍රතිපාදනයන් ක්‍රියාත්මක කිරීමෙනි.
නීතිපති හා පොලිස්පති ධුරයන් ඉවත් කළ හැක්කේ මේ පනතේ විධි විධානයන් වලට යටත්වය.එහිදී මෙම ධුරයන් ඉවත් කළ හැකි හේතූන් හතරක් පනතේ 3 වන වගන්තියේ දැක්වේ.

ඒ මෙසේය

(අ) නිසි බලය ඇති අධිකරණයක් විසින් වස්තු භංගත්වයට පත් වූවකු බවට තීන්දු කරනු ලැබීම
(ආ) රෝගාතුර වීම නිසා හෝ ශාරිරික හෝ මානසික අබලතාව නිසා ධුරයේ කටයුතු කරගෙන යාමට නුසුදුසු වීම
(ඇ) චරිත දූෂණය ,රාජද්‍රෝහය,හෝ අල්ලස ඇතුළත් වරදකට වරකරු වීම
(ඈ) විෂමාචාරය හෝ දූෂණය සම්බන්ධයෙන් වරදකරු වීම 

මෙහිදී දේශබන්දු තෙන්නකෝන් පොලිස්පති ධුරයෙන් ඉවත් කිරීම සදහා පනතේ 3(ඈ ) යොදා ගත් බව පැහැදිලිය.

පාර්ලිමේන්තුවේ පනතකින් දූෂිතයකු ලෙස හඳුන්වා ධුරයෙන් නෙරපා හරින ලද දේශබන්දු තෙන්නකෝන් හට ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයකින් තරග කර ජයග්‍රහණය කර මන්ත්‍රී ධුරයක් ලබා ගැනීමටද ඉන් නොනැවතී ඇමති ධුරයක් ලබා ගැනීමටද අවස්ථාවක් පවතී.⁣එහිදී ඔහුට හිමිවන අමාත්‍ය ධුරයට පොලීසිය බාරව වගකීම පැවරේ නම් ඉන් මෙරට පවතින නීතිය බරපතල සමච්චලයකට ගොදුරු වන බව නිසැකය.රජයේ සේවයෙන් නෙරපා හරින ලද පුරවැසියෙකුට නැවත රාජ්‍ය සේවයට එක් වීමට නොහැකිය.එහෙත් පොලිස්පති ධුරයෙන් නෙරපා හරින ලද දේශබන්දු තෙන්නකෝන් හට මෙරට දේශපාලනය තුළ එවැනි සීමා කිරීමක් නැත.ජාජබ ආණ්ඩුවත් සිවිල් සමාජ ක්‍රියාකාරිකයන් දැන්මම මේ විකෘතිය නිවැරිදි කර ගැනීමට පිළිබඳව සංවාදගතව ඒ පිළිබඳව තීරණයකට  එළඹෙන්නේ නම් අනාගතයේදී අවුලක් ඇති නොවන්නේය.



Comments

Popular posts from this blog

වැඩෙි අන්තිම කැතයි ලැජ්ජයි නින්දිතයි ජනාධිපතිතුමා

මහනුවර පොලිස් ⁣ලොක්කාට ලංකා දවසෙන් මල් මිටක්

නලින් හේවගේ සහෝදරයාගෙන් මහ පොළවේ දේශපාලනය ඉගෙන ගන්න අධිකරණ ඇමතිතුමෝ