කාදිනල් හිමිපාණන්ගේ ආරක්ෂාවට රාජපක්ෂ ඔත්තුකරුවෙක් යොදවලා

පාස්කු ඉරිදා ප්‍රහාරය සිදු වූ දින සිටම මෙරට සමාජය තුළ සාකච්ඡා වෙමින් තිබෙන්නේ ඒ මෙලේච්ඡ ප්‍රහාරයේ පිටුපස දේශපාලන න්‍යාය පත්‍රයක් ක්‍රියාත්මක වූ බවය.ඒ සම්බන්ධයෙන් චෝදනා එල්ල වන්නේ ⁣හිටපු ජනපති ගෝඨාභය රාජපක්ෂ හටය.ආගමික උන්මාදයෙන් පෙළුන මුසල්මානු කණ්ඩායමක් රුකඩයන්  කර ගත් මෙලේච්ඡයන් පිරිසක්  සිය හාම්පුතුන්ගේ දේශපාලනික අවශ්‍යතාව වෙනුවෙන් පාස්කු ප්‍රහාරය  යොදා ගත් බව එම සිද්ධියේ සැඟවී ඇති සාක්ෂි වලින් තහවුරු වේ.


ඇතැම්විට පාස්කු ප්‍රහාරයට සම්බන්ධ වූ ප්‍රහාරකයන් තමන් අදෘශ්‍යමාන කණ්ඩායමක් විසින් හසුරවන බව හාංකාවිසියක් නොදැන සිටින්නට ඇත.
එහෙත් එම ප්‍රහාරයෙන් පසුව මෙරට ආරක්ෂක අංශ ඒ සම්බන්ධයෙන් සිදු කරන ලද පරීක්ෂණ පවා නිසියාකාරව සිඳු නොවූ බවට බොහෝ චෝදනාවන් එල්ල වෙමින් තිි⁣බේ.ජාතික ජන බලවේගය ආණ්ඩුව බලයට පත් වූයේ පාස්කු ප්‍රහාරයේ මහ මොළකරුවන්ට එරෙහිව අධිකරණ ක්‍රියා මාර්ග ගන්නා බව⁣ට දහ අතේ දිවුරමිනි.

එහෙත් මේ වන විට පාස්කු ප්‍රහාරයෙන් වින්දිත පාර්ශවයන් තුළ ජාජබ ආණ්ඩුව දුන් පොරොන්දුව කෙරෙහි තැබූ විශ්වාසය බිඳ වැටෙමින් තිබේ.එහෙත් පාස්කු ප්‍රහාරයේ පිටුපස සිටින මහ මොළකරුවන් තමන් සිදු කරන ලද එම අමානුෂික අපරාධය වසන් කීරීමට විවිධ ආකාරයේ සැලසුම් මුදා හරිමින් තිබේ.
ඔවුන් මේ වන විටත් සිටින්නේ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් ආණ්ඩුව ගන්නා ඊළඟ තීරණය කුමක්ද යන්න පිළිබඳව අවධානයකිනි.

එහිදී ඔවුන් පාස්කු ප්‍රහාරයේ වින්දිත පාර්ශවයන් මෙහෙයවන කතොලික පල්ලිය දෙස දැඩි අවධානයෙන් සිටින බවද පැහැදිලිය.එය තහවුරු කෙරෙන තොරතුරක් අප වෙත ලැබී තිබෙි.

කාදිනල් හිමිපාණන් ගේ ආරක්ෂාව සඳහා 2019 වර්ෂයේ පමණ යුද හමුදා කමාන්ඩෝ බලකායේ මේජර් වරයකු අනුයුක්ත කර තිබේ.මේ මේජර් වරයා මේ වන විටත් කාදිනල් හිමිපාණන් සමීපයේ රාජකරි කරමින් සිටී.කාදිනල් හිමිපාණන්ට ආරක්ෂාව සැපයීම ඉතා හොදය.කාදිනල් හිමිපාණන්ට ආරක්ෂා සළසන මේ මේජර් වරයා කාදිනල් හිමිපානන් ගේ ප්‍රධානත්වයෙන් පවත්වන රහස් සාකච්ඡා වලටද සහාභාගි වෙන බවටද අනාවරණය විය.

අප එම මේජර් වරයාගේ අනන්‍යතාව සොයා බලද්දී ඔහු කාදිනල් හිමිපාණන් ගේ ආරක්ෂක රාජකාරිවලට අනුයුක්ත කිරීමට පෙර රාජකාරි කර ඇත්තේ නාමල් රාජපක්ෂගේ ආරක්ෂක නිළධාරියා ලෙසය.2019 වර්ෂයේ හෝ ඊට ආසන්න වර්ෂයකදී එම මේජර් වරයා කාදිනල් හිමිපාණන් ගේ ආරක්ෂාවට යෙදවීමට රාජපක්ෂ වරුන් කටයුතු කර තිබේ.

මෙය  ඉතා සැළසුම් සහගතව සිදු කරන ලද  මැදිහත් වීමකි.එහිදී කාදිනල් හිමිපාණන් ගේ ක්‍රියාකාරකම් පිළිබඳව තොරතුරු ලබා ගැනීම සදහා යම් පාර්ශවයක් කුමන්ත්‍රණකාරීව සැළසුම් කර ඇතැයි අප හට සැකයක් මතු වී තිබේ.එය එසේ විය හැකිය.රාජපක්ෂ
වරුන්ගේ ගේම් ගැහිල්ල සිද්ධ වන්නේ ඒ විදියටය.පාස්කු ප්‍රහාරය මෙහෙයවූ සැබෑ මොලකරුවන් ඇල්ලීම විහිළුවක් වන්නේ එළඹෙන අප්‍රේල් 21 න් පසුවය.එහිදී ජාජබ ආණ්ඩුවට සිද්ධ වන්නේ දෙකට නැවී තමන්ගේ වල්ගය විකා ගැනීම පමණකි.ඒ මන්ද යත් පාස්කු ප්‍රහාරයේ වින්දිතයන් තව දුරටක් ආණ්ඩුවේ කයිවාරු ගණන් නොගන්නා බැවිනි. 

Comments

Popular posts from this blog

වැඩෙි අන්තිම කැතයි ලැජ්ජයි නින්දිතයි ජනාධිපතිතුමා

මහනුවර පොලිස් ⁣ලොක්කාට ලංකා දවසෙන් මල් මිටක්

නලින් හේවගේ සහෝදරයාගෙන් මහ පොළවේ දේශපාලනය ඉගෙන ගන්න අධිකරණ ඇමතිතුමෝ