නාකොටික් අධ්‍යක්ෂ වරයා දේශපාලන කුමන්ත්‍රණකරුවෙක්
- Get link
- X
- Other Apps
- පසුගියදා වලස්මුල්ල අධිකරණයට බාර වූ සම්පත් මනම්පේරි අධිකරණය මගින් ඉදිරි පරීක්ෂණ කටයුතු සඳහා බාර දෙන ලද්දේ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශයේ අධ්‍යක්ෂ ඡ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී හේමාල් ප්‍රශාන්තය.ඡ්‍යෙෂ්‍ඨ පොලිස් අධිකාරී හේමාල් ප්‍රශාන්ත හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ පෞද්‍ගලික ආරක්ෂකයා වූ නෙවිල් වන්නිආරච්චිගේ ඥාති සහෝදරයෙකි.තවදුරටත් ඔහු අම්බලන්ගොඩ මූලස්ථාන පොලිස් පරීක්ෂක වරයා ලෙස රාජකාරි කරමින් සිටියදී නාගරික මන්ත්‍රී චන්ද්‍රදාස නයිදුවාවඩු ඝාතනයේ සාක්ෂි වසන් කිරීමට කටයුතු කරන ලද පොලිස් නිළධාරියා වේ.ඒ එම ඝාතනයේ කුමන්ත්‍රණකරු වූ එවකට ප්‍රදේශයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා වූ සජින් වාස් ගුණවර්ධන ඉන් ගලවා ගැනීම සඳහාය.කෙසේ වෙතත් ඡ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී හේමාල් ප්‍රශාන්ත හා සැකකාර සම්පත් මනම්පේරි අතර සමීප සම්බන්ධතාවක් පැවතුන බවද අනාවරණය වී තිබේ.ඒ ඡ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී හේමාල් ප්‍රශාන්ත ගේ බිරිඳට මිද්දෙනිය ප්‍රදේශයට ඇති සම්බන්ධතාව හරහාය.සම්පත් මනම්පේරි හේමාල් ප්‍රශාන්ත අමතන්නේ කිරි අයියා ලෙසින් බවද ඔවුන් දෙදෙනා අතර පවතින සම්බන්ධතාව ගැන දන්නා තතු දන්නෝ පවසති.කෙසේ වෙතත් පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශයේ අධ්‍යක්ෂ වරයා ලෙස හේමාල් ප්‍රශාන්ත වලස්මුල්ල අධිකරණයෙන් සම්පත් මනම්පේරි බාර ගන්නේ දෙදෙනා අතර පවතින ඥාති සම්බන්ධතාව වසන් කරමිනි.එහිදී ඡ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී හේමාල් ප්‍රශාන්ත 2023 අංක 09 දරණ දූෂණ විරෝධී පනතේ 107 (1) වගන්තියෙන් කියවෙන බැඳියාවන් අතර පවතින ඝට්ටනයන් ප්‍රකාශ කිරීමට අසමත් වීමේ වරද කර ඇති බව පැහැදිලිය.වගකිව යුතු ඡ්‍යෙෂ්ඨ පොලිස් නිළධාරියකු ලෙස හේමාල් ප්‍රශාන්ත මේ වරද සිදු කර ඇත්තේ නොදැනුවත්ව නොවේ.ඔහුගේ එම දූෂිත රාජකාරිමය මැදිහත්වීම තුළ කුමන්ත්‍රණකාරී දේශපාලනික අවශ්‍යතාවක් පැවති බවට සැක කළ හැකිය.
- ,
- or
- Get link
- X
- Other Apps
Comments
Post a Comment