ඇමති වසන්තගේ වත්කම ගැන අපේ සත දෙක
නන්නාත්තර වී තිබුණ සුන්බුන් විපක්ෂය එකවරම බ්‍රොයලර් ප්‍රවෘත්තියකින් බලවත් උද්දාමයට පත් වී සිටී.ඒ අමාත්‍ය වසන්ත සමරසිංහ විසින් අල්ලස් හෝ දූෂණ කොමිෂම වෙත ලබා දී ඇති වත්කම් පිළිබඳ වාර්තාවෙන් අනාවරණය වන ඔහුගේ වත්කම පිළිබඳවය.මේ වන විට ජනතා විමුක්ති පෙරමුණු දේශපාලනය පිළිබඳව විපක්ෂයේ බොහෝ දේශපාලඥයන් සමාජය කුළ අප්‍රසාදයක් ගොඩ නැගීමට බලවත් ප්‍රයත්නයක නිරත වන පෙනී යන්නේ වසන්ත සමරසිංහට එරෙහිව ප්‍රචාරාත්මක වැඩ පිළිවෙල ඇසෙන විටය.
ඔවුන් ගේ එම පදනම් විරහිත අශිලාචාර ප්‍රචාරයේ පදනම ලෙස ගෙන ඇත්තේ ජනතා විමුක්ති පෙරමුණ යනු සිය සාමාජිකයන් ගෙන් යැපෙන නායකයන් සිටින පක්ෂයක් යන සංකල්පයයි.ජනතා විමුක්ති පෙරමුණු දේශපාලනය සැබෑ ලෙස හඳුනා නොගත් බොහෝ දෙනෙකුට එහි සැබෑ යාන්ත්‍රණය ගැන අදහසක් නොතිබෙන්නට පුළුවන.තවත් බොහෝ දෙනා එහි ක්‍රියාකාරිත්වය ඉතා හොඳින් දැන සිටියද වෛරී සහගත විවේචනයක යෙදෙමින් සිටින බවද පැහැදිලිය.ඒ බොහෝ දෙනාට අමාත්‍ය වසන්ත සමරසිංහ සතුව පවතින වත්කම දරා ගන්නට බැරි තරමේ ඉරිසියාවක් මතු වී තිබේ.ඇමති වසන්ත සමරසිංහ ගේ වත්කම පමණක් නොවේ.ඇමති විජිත හේරත් සතුව පවතින වත්කම් ප්‍රමාණයද සමහර විට ඒ ඉරිසියාකාරයන්ගේ පෝලියෝ විවේචනයන්ට හොඳ ඉල්ලමක් විය හැකිය.මෙම විවේචන නින්දා අපවාද තුළින් අප වටහාගත යුතු සැබෑ යථාර්තය නම් ඒවයේ කර්තෘ කාරකයන් ගේ සැබෑ අවශ්‍යතාව කුමක්ද යන්නය.ඒ සදහා මේ වන විට මෙරට පවතින දේශපාලනික වටපිටාව තේරුම් ගත යුතුය.කවුරුන් කෙසේ විවේචනයක සිටියද ජාතික ජන බලවේගය ආණ්ඩුව ක්‍රියාත්මක වෙමින් තිබෙන්නේ සමාජ අවශ්‍යතාවන් හඳුනා ගනිමිනි.මෙරට දේශපාලනයේ පරම උරුමක්කාරයන් ලෙස සැළකුන එජාප ශ්‍රීලනිප පොදු පෙරමුණු පාක්ෂිකයන් එම පක්ෂ වලට එක්වූයේ පෞද්ගලික අවශ්‍යතාවන් කුල සබඳතාවන් හා හිත මිතුරුකම් කේන්ද්‍රීය කර ගනිමිනි.එහෙත් ජනතා විමුක්ති පෙරමුණ න්‍යෂ්ඨිය කර ගත් ජාතික ජන බලවේගයේ දේශපාලන සහභාගිත්වය තුළ සමාජය තුළ තහවුරු කෙරුණේ පොදු ප්‍රතිපත්තිමය වැඩ පිළිවෙළකි.සමාජය මේ මොහොතේ සිටියේද සම්ප්‍රදායික දේශපාලනයේ දුෂ්ඨ ඇවැතුම් පැවතුම් වලින් හෙම්බත් වීය.ඒ නිසාම පොදු සමාජයේ වැඩි සාමාජිකයන් පිරිස දේශපාලනික වෙනසක් අපේක්ෂා කරමින් ජනපතිවරණයේදී හා මහ මැතිවරණයේදී ඡන්දය භාවිතා කරන ලදී.මිනින්දෝරු කම්කරුවකුගේ පුත්‍රයකුට ජනපතිවරයා වීමටද පාර්ලිමේන්තු බලය ඔහු විසින් මෙහෙයවන ලද කණ්ඩායමට ලබා ගැනීමට හැකි වූයේද සමාජය අපේක්ෂා කළ දේශපාලනික වෙනසේ අවසන් ප්‍රතිඵළය ලෙසිනි.ජාතික ජන බලවේගය ආණ්ඩුව පිහිටුවන ලද මුල් කාලයේ විපක්ෂය ආණ්ඩුව විවේචනය කරන ලද්දේ ආණ්ඩුවේ මැති ඇමතිවරුන් පෙට්ටි කඩයක වෙළදාමවත් නොදන්නා ආණ්ඩුකරණයේ ආධුනිකයන් බව පවසමිනි.කෙසේ වෙතත් බලයට පත් වූ මුල් මාස දෙක තුන තුළ ජනපති අනුර කුමාර සහෝදරයා හා ආණ්ඩුවේ මැති ඇමති මන්ත්‍රීවරුන්ගේ හැසිරීම අත්දැකීම් අඩු දේශපාලඥයන් බවට අවධාරණය කෙරෙන ඇතැම් සිදුවීම් වාර්තා විය.එහෙත් දැන් දැන් ජාජබය ආණ්ඩුව නිවැරිදි පීල්ලට පැමිණ ඇති බව තහවුරු වෙමින් පවතී.දූෂිත දේශපාලඥයන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක වෙමින් පවතින්නේ සැමට නීතිය එක සමානය යන්න තහවුරු කරමිනි.අල්ලස් හෝ දූෂණ කොමිසමේ මෙහෙයුම් වඩාත් සක්‍රීය වී තිබේ.අධිකරණ පද්ධතිය උඩු යටිකුරු කරමින් දූෂණ චෝදනාවන්ට ලක්වූ විනිසුරුවරුන් හා අධිකරණ නිළධාරීන් සම්බන්ධයෙන් විනය ක්‍රියා මාර්ග ගැනීමට අගවිනිසුරු වරයා ක්‍රියාත්මක වෙමින් සිටී.පොලිස් දෙපාර්තමේන්තුවද එහි මූලික අරමුණ තුළ ප්‍රතිසංවිධානය කරමින් පවතී.ජාජබ ආණ්ඩුවේ ඉක්මන් අපේක්ෂාව මෙරට සමාජය තුළ විනය ගොඩ නැගීමය.සැබැවින්ම මේ වන විට එම වැඩ පිළිවෙල ගැන සමාජය තුළ පවතින්නේ ඉතා හොඳ ප්‍රතිචාරයකි.අමාත්‍ය මණ්ඩලය තුළ හෝ ආණ්ඩුව පාර්ශවයේ මන්ත්‍රීවරයකු රජයේ මුදල් වංචා කරන ලදැයි මෙතෙක් චෝදනාවක් එල්ල වී නැත.මේ සියල්ල විපක්ෂයට විඳ දරා ගත නොහැකි ඇවතුම් පැවතුම්ය.මෙරට පැවතුණ ආණ්ඩු නියෝජනය කරන ලද පට්ට දූෂිතයන්ගේ කෙරුවාවන් හා සංසන්දනාත්මකව ජාජබ ආණ්ඩුවට පොදු ජනතාව වෙතින් හිමි වෙමින් තිබෙන තක්සේරු වටිනාකම ඉතා ඉහළ යමින් තිබේ.අමාත්‍ය වසන්ත සමරසිංහට එරෙහිව විපක්ෂය විසින් මතු කරන අවලාද පිළිබඳව අප අවධානය යොමු කළ යුතු වන්නේ ජාජබ ආණ්ඩුවේ වැඩපිළිවෙල තුළ පවතින එම හොඳ ගුණය තුළ සිට ගනිමිනි.එහිදී ජාතික ජන බලවේගය ආණ්ඩුව බලයට පත් වන්නේ මෙරට ආර්ථිකය බිමට සමතලා වූ කාලයක බව අප අමතක කළ යුතු නොවේ.සමාජය විඳවන ආර්ථික ප්‍රශ්ණ වලින් ගොඩ දැමීමේදී ආණ්ඩුව මුහූණ දෙන ප්‍රශ්ණ හා අභියෝග ලේසි පහසු නැත.එහෙත් මේ වන විටත් ආණ්ඩුව සෙමෙන් සහ විධිමත්ව ආර්ථිකය කළමනාකරණය කරමින් පවතින බව තහවුරු වෙමින් පවතී.ආණ්ඩුවේ ශක්තිමත් වැඩ පිළිවෙල විපක්ෂයට දරා ගත නොහැකි තරමේ ප්‍රහාරයක් බව අමුතුවෙන් සදහන් කළ යුතු නොවේ.මෙරට පැවැති ආණ්ඩු බිඳ හෙලීමට ගත් පැරණි සටන් ක්‍රම වර්තමානයට වලංගු නොවන නිසා විපක්ෂයට අළුත් සටන් පාඨ සොයා යන්නට සිදු වී තිබේ.ජාජබ ආණ්ඩුව බලයට පත් වූ දින සිට මේ දක්වා අණ්ඩුවට එරෙහිව විපක්ෂය එල්ල කරන ලද චෝදනාවන් "එදා වේල" චෝදනාවන්ය.බිත්තර ලුණු ආදී භාණ්ඩ හිඟය ගැන චෝදනාවන් ජාජබ රජයට එල්ල කරමින් ජනතාව තුළ ජාජබ නායකයන් අප්‍රසාදයට පත් කරවීමට විපක්ෂය පසු ගිය දින වල නිරන්තර උත්සාහයක යෙදුන මුත් මේ වන විට ඒ මැදිහත්වීම අසාර්ථක බව වෙළඳාපොළ තුළින් තහවුරු වේ.අමාත්‍ය වසන්ත සමරසිංහ ගේ වත්කම සම්බන්ධයෙන්ද විපක්ෂය නගන චෝදනාවද එදා වේල චෝදනාවක් බව නිසැකය.පොදු ජන පෙරමුණේ දේශපාලඥයන් බොහෝ දෙනෙකු බලයේ සිටි කාලයේ දූෂිතව උපයා ගන්නා ලද වත්කම් ගැන ප්‍රශ්ණ කිරීම අමතක කර විපක්ෂය විසින් අමාත්‍ය වසන්ත සමරසිහ ගේ දේපොල පිළිබඳව පොදු සමාජය වෙත මුදා හරින චෝදනාව විහිළු සහගතය.සැබැවින්ම අමාත්‍ය වසන්ත සමරසිංහ එම දේපොළ අයුතු හා දූෂිත ලෙස උපයා ගැනීමක් ලෙස කවරකු හෝ සඳහන් කරන්නේ නම් ඒවා උපයා ගෙන තිබිය යුතු වන්නේ 2024 අප්‍රේල් මාසයේ සිටය.එහෙත් එය එසේ නොවන බව සීයට සීයක්ම ස්ථිරය.ජනතා විමුක්ති පෙරමුණේ සාමාජිකයකු ලෙස ඇමති වසන්ත සමරසිංහට පෞද්ගලිකව ව්‍යාපාර කිරීමේ තහනමක්ද නැත.ජනතා විමුක්ති පෙරමුණේ පූර්ණ කාලීන සාමාජිකයන් හට සිය පැවැත්ම ස්ථාවරව පවත්වා ගෙන යාම සඳහා නෛතික එකඟතාවට යටත් හා සාධාරණ උපයා ගැනීමකට බාධාවක්ද නැත.එය එසේ වන්නේ නම් මේ වන විට විපක්ෂයට වැළඳී ඇති ළදරු වලිප්පුව ගැන සමාජය තඹ දොයිතුවකට ගණන් ගෙන ඇති බවක් පෙනෙන්නටද නැත.රාජපක්ෂවරුන්ගේ හා රනිල් සජිත් දේශපාලනයේ ඔඩොක්කු කුක්කන් බලය උදුරාගැනීම සඳහා දකිමින් සිටින ආතල් සිහින තුළ නම් අමාත්‍ය වසන්ත සමරසිංහ ගේ වත්කම විලාපයකි. විපක්ෂයටම සීමා වූ ඒ විලාපය පසලොස්වක පෝය හඳට බල්ලන්ගේ උඩු බිරීමට සමාන කළ හැකිය.අමාත්‍ය වසන්ත සමරසිංහ පරමිපරාවෙන් ලැබුණ දේපල වලට උරුම කම් කියන්නෙකි.තඹුත්තේගම නගරයේ ඔහුගේ නිශ්චල දේපොල ඇති බව පැවසේ.ඒ අතරේම නාමල් රාජපක්ෂගේ වත්කම් ප්‍රකාශයේ ඔහු සතුව රුපියල් මිලියන 8.5 ක ස්වර්ණාභරණ හා රුපියල් මිලියන 14.2ක නොකැපූ මැණික් ගල්තිබෙන බව සඳහන් කර ඇත.ඒවා පරම්පරාවෙන් ලැබුණ ඒවාද නොවේ.මේ මැණික් ගල් හා ස්වර්නාභරන ඔහුගේ බිරිඳ සන්තකයේ පවතින ඒවාට අමතර ඒවාද වේ.නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයකු වශයෙන් ගන්නා වැටුප් හා දීමනා වල එකතුව රුපියල් ලක්ෂ හතරක් වේ.එපමනක්ද නොවේ.ඔහුය දෙමව්පියන් ගෙන් ලැබුණ මිරිහානේ පිහිටි ඉඩමක්ද තිස්සමහරාමයේ හා වීරකැටියේ මිලදී ගත් ඉඩම් දේපොලක්ද වේ.එයට අමතරව ලංකා ස්පෝටිෂියන් යටතේ අක්කර 18 ක මිශ්‍ර බෝග වගා සහිත ඒකක 18 ක කුටි සහිත දේපලක් ඌව කුඩා ඔය ඇත.පර්චස් 80 ක ඉඩමක් කටුනායක ඇත.කාමර 30 කින් යුත් මරීනා හෝටලය සහ අක්කර දෙකකින් යුතු ඉඩමක් පාසිකුඩාහි හා කාමර 50 කින් යුතු පාසි විලා හෝටලය හා අක්කර 4 ක ඉඩමක් පාසිකුඩා හි පවතී.සැබැවින්ම අප විසින් පෙරළා විපක්ෂයෙන් ප්‍රශ්ණ කරන්නේ නාමල් රාජපක්ෂ මෙතරම් දේපලකට හිමිකම් කියන්නේ කෙසේද යන්න ගැනය.මහින්ද රාජපක්ෂගේ මුල්ම රැකියාව කම්කරු ශ්‍රේණියේ රැකියාවකි.ඔහු කැළණිය විශ්ව විද්‍යාලයේ පුස්තකාල සහායකය වශයෙන් රැකියාවේ නිරත විය.පසු කලෙක මහින්ද රාජපක්ෂ මන්ත්‍රීවරයකු වීමෙන් පසුව අධ්‍යාපන සුදුසුකම් නොමැතිව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට නීතිඥ විභාගයට පෙනී සිටීමේ වරප්‍රසාදය යටතේ නීතිඥයකු බවට පත් වූ අයෙකි.කැළණිය විශ්ව විද්‍යාලයේ කම්කරුවෙකු වූ මහින්ද රාජපක්ෂගේ පුත්‍රයන් සුපිරි ධනවතුන් වූයේ කෙසේද යන්න අමාත්‍ය වසන්ත සමරසිංගේ වත්කම ප්‍රශ්ණ කිරීමට වඩා ප්‍රශ්ණ කළ යුතු බරපතල ප්‍රශ්ණයකි.ජනපතිවරයා තඹුත්තේගම කම්කරු පවුලක ඉපදුන දරුවෙකි.අමාත්‍ය සමරසිංහ තඹුත්තේගම ගම්බාර පවුලේ දරුවෙකි.ගම්බාර පවුල පැරණි ගමක ප්‍රභූ පන්තිය නියෝජනය කෙරේ.එවන් පවුලක දරුවෙකු සිය ප්‍රභූත්වය අමතක කර තමා උපන් ගමේ කම්කරුවකු ගේ පුත්‍රයා ජනපතිවරයා ලෙස පත් කිරීම සඳහා කොන්දේසි විරහිතව කළ කැපවීම ජාජබ රජයේ මානුෂික ස්වරූපය අවදාරණය කරන්නකි.එය සිය දේපොල වත්කම් ප්‍රවර්ධනය සඳහා ගත් මැදිහත්වීමකට වඩා උස් අරමුණක් වෙනුවෙන් කළ දුෂ්කර අභ්‍යාසයකි.
Comments
Post a Comment