පොදුජන පෙරමුණේ හිටපු ප්‍රදේශීය සභා මන්ත්‍රී පියල් විරාජ් ගේ පැටිකිරිය මෙහෙමය


 කෙහෙල්බද්දර පද්මේ විසින් මෙරට මත්ද්‍රව්‍ය නිශ්පාදනය සඳහා ගෙන එන ලදැයි පැවසෙන රසායනික අමු ද්‍රව්‍ය තොගයක් පොදු ජන පෙරමුණේ  හිටපු ⁣ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකු වන පියල් විරාජ් මනම්පේරි ගේ නිවස පිහිටි ඉඩම තුළ වල දමා තිබියදී පොලීසිය  මගින් අත් අඩංගුවට ගෙන තිබේ.මෙම රසායනික අමු ද්‍රව්‍ය තොගය පිළිබඳව පොලීසිය⁣ට තොරතුරු හෙළි කර ඇත්තේ දැනට අත් අඩංගුවේ සිටින බැකෝ සමන් නැමැත්තාය.


පොලීසිය මගින් අත් අඩංගුව⁣ට ගන්නා ලද පියල් විරාජ් මනම්පේරි 2006 වසරේ ඝාතනය කරන ලද හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රවිරාජ් ඝාතනයේ සැකකරුවෙකි.
මොහු පසුව එම නඩුවේ රජයේ සාක්ෂිකරු වූයේ නීතිපති සමාව යටතේය.ඒ වන විටත් පියල් විරාජ් මනම්පේරි හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ ආරක්ෂක අංශයට අනුයුක්තව සිටි පොලිස් කොස්තාපල් වරයෙකි.රවිරාජ් ඝාතන නඩුවේ විත්තිකරුවකු වීමට පෙර මොහු ගුවන් හමුදා නිළධාරියකු වූ නිශාන්ත ගජනායක සමග කොළඹ සිටි වෙළඳ ව්‍යාපාරිකයකු කලා ට්‍රේඩර්ස් අධිපති නඩරාජා ශ්‍රී ස්කන්ධරාජා පැහැර ගෙන ගොස් කප්පම් ගෙන ඝාතනය කිරී⁣මේ වරදට චෝදනා ලබා සිටියේය.ඒ වන විට මෙරටට සීනි පොල්තෙල් හා පරිප්පු වැනි පාරිභෝගික ද්‍රව්‍ය මෙරටට ආනයනය කිරීමේ වෙළඳ අධිකාරිය මේ දෙමළ ව්‍යාපාරිකයා සතු විය.ඔහු ඝාතනය කිරීමෙන් පසුව ඔහුගේ කෝටි 3000ක් වටිනාකමැති දේපොල ප්‍රබල දේශපාලඥයන් හා ආරක්ෂක හමුදා ඡ්‍යෙෂ්ඨයකු විසින් අත් පත් කර ගන්නා ලදැයි පැවැසේ.කෙසේ වෙතත් ඔහු සතුව පැවැති එම වෙළඳ අධිකාරිය ඔහුගේ මිය යාමෙන් පසුව අත් පත් කරගත්තේ පිරමීඩ් විල්මා ආයතනයේ සජාන් මව්සාත් බව පැවසේ.සජාන් මවුසාත්  හිටපු ජනපති ගෝඨාභය රාජපක්ෂගේ සමීපතමයෙකි.වෙළඳ ව්‍යාපාරික නඩරාජා ශ්‍රී ඝාතනය කිරීමත් ඔහු සතුව පැවැති ව්‍යාපාරික ජාලය ගෝඨාභයගේ හිතවතකු අතට පත් වීමත් අහඹු සිදුවීමක් නොවිය හැකි යැයි කවරකු හෝ සැක කිරීමද සාධාරණය.

පියල් විරාජ් මනම්පේරි හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ ආරක්ෂක අංශයට ඒමට පෙර නැගෙනහිර කරුණා අම්මාන් ගේ ආරක්ෂක අංශයේ සේවය කළ බවද අනාවරණය වේ.කෙසේ වෙතත් පියල් විරාජ් මනම්පේරි රවිරාජ් ඝාතන නඩුවේ රජයේ නීතිපතිවරයා විසින් රජයේ සාක්ෂි කරුවකු කරන ලදී.නාවුක සෙබළුන් කිහිප ⁣දෙනෙකුට හා කරුණා අම්මාන් ගේ සමීපතමයන් දෙදෙනෙකුට එරෙහිව පැවැති මේ නඩුව පසුව මහාධිකරණය මගින් නිදහස් කෙරිණි.පියල් විරාජ් මනම්පේරිගේ එම අපරාධකාරී ක්‍රියා කළාපය රාජපක්ෂවරුන් විසින් හොඳින් දැන සිටිය දීත් පොලිස්⁣ සේවාවෙන් ඉවත්ව සිටි ඔහුට පොදු ජන පෙරමු⁣ණු දේශපාලනයේ නිරත වීමට අවස්ථාව ලබා දී ඇත.ඉන් පැහැදිලි වන්නේ පියල් විරාජ් මනම්පේරි හා රාජපක්ෂවරුන් අතර පැවැති සමීපතාවයයි. 

Comments

Popular posts from this blog

වැඩෙි අන්තිම කැතයි ලැජ්ජයි නින්දිතයි ජනාධිපතිතුමා

නලින් හේවගේ සහෝදරයාගෙන් මහ පොළවේ දේශපාලනය ඉගෙන ගන්න අධිකරණ ඇමතිතුමෝ

මිනීමරු රණවීරගේ කෙරුවාව ගැන හිරිකිතයක් අමනාපයක් කෝපයක් ජාතික ජන බලවේගයේ සහෝදරවරුන්ට නැද්ද අප්පා