ලෝයර්ගේ කබාය ගැලවේ
නීතිඥ ආචාර ධර්ම උල්ලංඝනය කිරීමේ චෝදනාවට වැරදිකරු වූ මහනුවර ප්‍රදේශයේ නීතිඥවරයකු වූ වසන්ත විජේවර්ධන නම් නීතිඥ භාවය අහෝසි කිරීමට ශ්‍රේෂ්‍ඨාධිකරණය තීන්දු කර තිබේ.
විශ්‍රාමික මේජර් ඩබ්ලිිිව්.එල්.එස්.පලිපාන විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කරන ලද පැමිණිල්ලක් විභාග කිරීමෙන් අනතුරුව මෙම තීන්දුව ලබා දුන් බව වාර්තා වේ.2006 හා 2007 වර්ෂවලදී පෙත්සම්කරුගේ නඩුවකට පෙනී සිටීම සඳහා වග උත්තරකාර නීතිඥවරයාට ගිවිසගන්නා ලද රුපියල් ලක්ෂයක මුදලින් පනස්දාහක මුදලක් ගෙවූ ඇති නමුත් ගිවිසගත් ආකාරයට වග උත්තරකරු තම වෘත්තීය දායකත්වය ලබා නොදුන් නිසා පෙත්සම්කරු විසින් ඔහු වෙත ලබා දුන් මුදල හා නඩුවට අදාල ලිය කියවිලි ආපසු බාර දෙන ලෙස ඉල්ලීමක් කළද ඔහු විසින් එම ඉල්ලීම පැහැර හැරීම හේතුවෙන් පෙත්සම්කරු ශ්‍රේෂ්ඨාධිකරණය වෙත පැමිණිලි කර තිබුනි.අදාල නඩුව දීර්ඝ ලෙස විභාග කිරීමෙන් පසුව තීන්දුව ප්‍රකාශයට පත් කරන ලද ත්‍රිපුුුුද්ගල විනිසුරු මඩුල්ලේ සභාපති විනිසුරු ශිරාන් ගුණරත්න පවසා ඇත්තේ වග උත්තකාර නීතිඥ වෘත්තියේ ගෞරවයට බරපතල හානි සිදු කර ඇති බවය.නීතිය ක්‍රියාත්මක කිරීම යනු පුද්ගලික වාසි තකා සූරා කෑමට ඇතිි වරප්‍රසාදයක් නොවන බවත් නීතිඥ වෘත්තීය යනු හුදෙක් වෘත්තියක් නොව මහජන විශ්වාසය බවත් මෙහිදී සභාපති විනිසුරු ශිරාන් ගුණරත්න වැඩිදුරටත් සඳහන් කර තිබේ.
Comments
Post a Comment