මෙන්න හේමාල් ප්‍රශාන්ත ගැන ඇත්ත විස්තරේ

 


පොලීසියේ මත්ද්‍රව්‍ය කාර්යංශයේ අධ්‍යක්ෂ ඡ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී හේමාල් ප්‍රශාන්ත එම තනතුරෙන් ඉවත් කර ස්ථාන මාර කර යැවීම ගැන සමාජ මාධ්‍ය තුළ විවිධ අදහස් දැක්වීමි කියවිය හැකිය.විශේෂ⁣යෙන් මෙහිදී ජාජබ ආණ්ඩුවට චෝදනා නැගෙමින් තිබෙන්නේ දක්ෂ පොලිස් නිළධාරියකු ස්ථාන මාරු කර යැවූ බවටය.එහෙත් හේමාල් ⁣ප්‍රශාන්ත ගේ ජීවි⁣තයේ පෞද්ගලික පැටිකිරිය ගැන දැනුවත් කිසිවෙකුත් එම චෝදනා ගැන හිනහෙන්නේ පස්සා පැත්තෙනි.අප මෙි ලියන දේ ගැන තව දුරටත් තහවුරු කර ගන්නට රාජපක්ෂලා මෙරට බලය තහවුරු කර ගෙන සිටි කාලය පිළිබඳව හාරා අවුස්සා බැලිය යුතුමය.



දිනය 2018 අගෝස්තු 25 වනදාය.එදින පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක සහෝදරයා පාර්ලිමේන්තුව අමතා මෙසේ පැවසීය.

"....චන්ද්‍රදාස නයිදුවාවඩු හා නන්දන බාල⁣ගේ යන ජවිපෙ ක්‍රියාකාරිකයන් ඝාතනය කිරීම සම්බන්ධව හා නීතිය ක්‍රියාත්මක කිරීම ප්‍රමාද වීම හේතුවෙන් මතු වී ඇති හැම ගැටළුකාරී තත්ත්වය මේ සභාවේ අවධානයට යොමු කරනු කැමැත්තෙමි.පසුගිය අඳුරු දශකය තුළ සිදුවූ දේශපාලන ඝාතන සම්බන්ධයෙන් පරීක්ෂණ යටපත් වී තිබීම හා නීතිය ක්‍රියාත්මක වීම ප්‍රමාද වීම පොදු තත්ත්වයක් වී තිබුණි.එහෙත් වත්මන් පාලනය බලය⁣ට පත් වී වසර තුනක් ගත වී ඇතත් වසර දහයකට පෙර එම ඝාතන ද්විත්වය පිළිබඳව සාධාරණය ඉටු නොකිරීම කණගාටුවට කාරණයක්.2010 ජනපතිවරණයේ මැතිවරණ ප්‍රචාරක ප්‍රචාරක කටයුතු වල නිරත වී සිටි ජවිපෙ අපේ පක්ෂ⁣යේ අම්බලන්ගොඩ නාගරික මන්ත්‍රී නයිදුවාවඩු චන්ද්‍රදාස  සහෝදරයා ජනවාරි 25 වන දින එවකට පැවැති ආණ්ඩුවේ ආධාරකරුවන්ගේ පහරදීමකින් තුවාල ලැබ රෝහල් ගතව සිටියදී 2010 පෙබරවාරි 02 වන දින මියගියා.මේ පහරදීම නිසා තවත් දෙදෙනෙකු තුවාල ලබා තිබුණා.මේ පිරිසට දරුණු ලෙස පහර දී තිබුණා.අම්බලන්ගොඩ පොලීසිය  මැරයන්ට එරෙහිව කිසිදු පියවරක් ගෙන නොතිබුණේ ඔවුන් ප්‍රදේශයේ පාර්ලිමේන්තු මන්ත්‍රී සජින් වාස් ගුනවර්දනගේ ආධාරකරුවන් නිසයි.
එසේම නයිදුවාවඩු සහෝදරයාට මරණීය තර්ජන එල්ල කිරීම සම්බන්ධව ඒ කියන්නේ මේ ඝාතනයට පෙර ජනවාරි 14 වනදා EIB 52/37සටහන් කර තිබූ පැමිණිල්ල පිළිබඳව පොලීසිය පරීක්ෂණ කරල නැහැ.ඇසින් දුටු සාක්ෂි හා මේ ඝාතනයට අදාල බළපිටිය අධිකරණයේ නීතිමය කටයුතු හදිසියේ යටපත් වුනා.මේ අඳුරු දශකය තුළ සිඳුවූ ඝාතන අතර මේ ඝාතනයත් පවතිනවා.ආණ්ඩුව බලය යොදාගෙන  නීතිය අවභාවිතා කරමින් මේ ඝාතන යටපත් කර ඇති බව ඉතාම පැහැදිලියි.ඒ නිසා තමුන්‍නාන්සේලා ගේ ආණ්‍ඩුව පිහි⁣ටෙව්වේ කුමක් වෙනුවෙන්ද එක පැත්තකින් නීතියේ ආධිපත්‍යය හා විධානය පිහිටුවීම සඳහා තමුන්නාන්සේලා ගේ පාලනය අවුරුදු තුනාමාරක් ගත වී තිබෙනවා.මීට පෙරත් පාර්ලිමේන්තුවේ මේ පිළිබඳව ප්‍රශ්ණ කර තිබෙනවා.නීතිපති දෙපාර්තමේන්තුව නයිදුවාවඩු සහෝදරයා පිළිබඳ පයිල් එක එ⁣හෙම් පිටින් යටපත් කරලා.බහාල පැත්තකින් තබලා තියෙනවා.තමුන්නාන්‍සේලා මේ බලය ලබා ගත්⁣⁣තේ මේ ඝාතකයන්ට එරෙහිව ගොඩ නැඟුණ ජනමතය අස්සෙ.එහෙම නැතුව රනිල් වික්‍රමසිංහ ⁣මෛත්‍රීපාල සිරිසේන මහත්තයගෙ පුද්ගලික හපන්කම් මත ආණ්ඩුව හැදුනා නො⁣වෙයි.මේ ප්‍රජාතන්ත්‍ර විරෝධී ඝාතනයන්ට එරෙහිව ගොඩ නැගුන මහජන බලය තමයි තමුන්නාන්සේලා ඔය පුටුවල වාඩි කෙරෙව්වෙ.ඒ නිසා තමුන්නාන්සේලා ගේ වගකීම තමයි මේ ඝාතනයන්ට සාධාරණය ඉටු කිරීම.නමුත් අවුරුදු තුනාමාරක් ගෙවී ගොස් තිබෙනවා.පරීක්ෂණ කටයුතු පියවරක්වත් ඉදිරිය⁣ට ගොස් නැහැ.එබැවින් මා මේ ප්‍රශ්ණ සභාගත කරනවා.

⁣1.මෙම ඝාතනයන් සම්බන්ධව නීතිමය කටයුතු අතරමග නතරවීමට හේතු කවරේද?

2.එම  ඝාතන සම්බන්ධව පරීක්ෂණ හා නීතිමය කටයුතු නැවත නිසි ලෙස ඇරඹිය ⁣නොහැකිද?

3.එම ඝාතන වලට සම්බන්ධ වැරදිකරුවන්ට නීතිය හමුවේ දඬුවම් පැමිණවීමට හා මෙම දේශපාලන ඝාතන වලට ලක්වූ පවුල් වලට වන්දි ගෙවීමට කටයුතු කරනවාද?

කතානායකතුමණි,මෙම දේශපාලන ඝාතන වලට වහාම සාධාරණය ඉටු විය යුතුයි.

(උපුටනය අවසන්)

එවකට පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක සහෝදරයා එදින පාර්ලිමේන්තුවේදී සඳහන් කරන ලද අම්බලන්ගොඩ නගර සභාවේ ජවිපෙ නාගරික මන්ත්‍රී චන්ද්‍රදාස නයිදුවාවඩු සහෝදරයා⁣ ගේ මරණයට හේතු වූ පහරදීම සිඳු කරන ලද්දේ එවකට ප්‍රදේශයේ පාර්ලිමේන්තු මන්ත්‍රී  සජින් වාස් ගුනවර්දනගේ මැරයන් බව ඒ දින වල අම්‍බලන්ගොඩ ප්‍රදේශවාසීන්ට රහසක් නොවීය.ඒ වන විට අම්බලන්ගොඩ පොලීසියේ  මූලස්ථාන පොලිස් පරීක්ෂක වරයා වූ⁣යේ ප්‍රධාන පොලිස් පරීක්ෂක බූදාගොඩය. 

සජින් වාස් ගුනවර්ධනගේ මැරයන්‍ගේ පහර දීමට ලක්වී මිය ගිය ජවිපෙ  නාගරික මන්ත්‍රී චන්ද්‍රදාස නයිදුවාවඩු වෘත්තීයෙන් ගුරුවරයෙකි.චන්ද්‍රදාස
නයිදුවාවඩු හට සජින් වාස් ගුණර්ධනගේ දේශපාලන අනුගාමිකයකු වූ ඉඳුනිල් එදරිවික්‍රමසූරිය නැමැත්තා මරණ තර්ජනය කර තිබුණි.ඔහු ඒ තර්ජනය සම්බන්ධයෙන් EIB 106 /86 යටතේ අම්බලන්⁣ගොඩ පොලීසියට පැමිණිල්ලක් කරන ලදී.

චන්ද්‍රදාස නයිදුවාවඩු මිය යන විට අම්බලන්ගොඩ දේවානන්ද මහා විද්‍යලයේ සේවය කෙරුවේය.2010 වසරේ ජනවාරි මාසයේ 25 වනදා අළුයම 5.30 ට පමණ ඔහු අම්බලන්ගොඩ පොල්වත්ත ප්‍රදේශයේ මැතිවරණ පොස්ටර් අලවමින් සිටියේ තවත් ජවිපෙ සාමාජිකයන් දෙදෙනෙකු සමගය.එම පෝස්ටර් ජනපතිවරණය සඳහා තරග කළ මේජර් ජනරාල් සරත් ෆොන්⁣සේකා ගේ මැතිවරණ ප්‍රචාරය සඳහා මුද්‍රිත පෝස්ටර් විය.ඒ අවස්ථාවේ එහි පැමිණි සජින් වාස් ගුනවර්දනගේ මැරයන් චන්ද්‍රදාස නයිදුවාවඩු ඇතුළු ජවිපෙ සාමාජිකයන් දෙදෙනාට පහර දුන්නේ ඉතා මෙලේච්ඡ ආකාරයටය.චන්ද්‍රදාස නයිදුවාවඩු සතුව තිබූ පාප්ප වලින් ඔවුන් නැහැවීමට එම පිරිස කටයුතු කරන ලදී.මේ මැරයන් පිරිස අතර ප්‍රියන්ත(බැගී) හිරේවත්තේ කලු චානක,ගොඩහේනේ ඉවෝන් හා සජින් වාස් ගේ ආරක්ෂක අංශයට අනුයුක්ක දෙදෙනෙකු සිට ඇත.

ඉන් අනතුරුව එම මැරයන්ගේ දැනුම් දීම අනුව එම ස්ථානයට පැමිණියේ සජිිින් වාස් ගේ ඥාති සහෝදරයා වූ තාරක වාස් ගුණවර්ධන,ජනපති ආරක්ෂක අංශයේ පො.කො මාරසිංහ හා චීවරධාරියෙකි.
එම ස්ථානයට ඒ අවස්ථාවේ‍ පැමිණි වාහන වල අංක වූයේ 325/2625
WPLB 2418 WPLB 8739 වේ.ඉන්පසු එහි පැමිණි කණ්ඩායමේ සිටි ජනපති ආරක්ෂක අංශයේ පො.කො.මාරසිංහ විසින් එම මැරයන් විසින් පහර  දී සිටි චන්ද්‍රදාස නයිදුවාවඩු ඇතුළු අනෙක් දෙදෙනා තමන් භාරයට ගෙන අම්බලන්ගොඩ පොලීසියට බාර දෙන ලද්දේ මැතිවරණ නීති කඩ කිරීමේ වරදටය.අම්බලන්ගොඩ පොලීසියට බාර දෙන ලද චන්ද්‍රදාස නයිදුවාවඩු මැරයන්ගේ පහරදීම නිසා දැඩි අසාධ්‍ය තත්ත්වයෙන් පෙළුන බැවින්  පොලීසිය ඔහු වහාම රෝහල් ගත කෙරිණි.එදින සිට බළපිටිය රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලැබූ චන්ද්‍රදාස නයිදුවාවඩු ජනවාරි 29 වන දින රෝහළෙන් ඉවත් වූයේ ජීවිත ආරක්ෂාව    පිළිබඳ පැවැති අනාරක්ෂිත බව නිසාය.
එහෙත් පොලීසිය ඔහුගේ කට උත්තරයක් EIB 106/86 යටතේ සටහන් කර ගන්නා ලදී.එහෙත් නිවසට ගිය ඔහු නැවත රෝගාතුර වීම නිසා ජනවාරි 31 වන දින රෝහල් ගත කිරීමෙන් පසුව ජනවාරි 31 වන දින රෝහලේදීම මිය ගියේය. එ⁣හිදී බලපිටිය රෝහලේ එවකට සිටි අධිකරණ වෛද්‍ය නිළධාරීවරයා ලවා එම මරණ පරීක්ෂණ වාර්තාව පවා වෙනස් කිරීමට සජින් වාස් ගුනවර්දන මැදිහත් වූයේය.
ඒ කාල සීමාවේදී බළපිටිය රෝහලේ  සේවය කළ නාරි වේද විශේෂඥ ⁣වෛද්‍යවරිය සජින් වාස් ගේ නෑනා වූ බව පැවසේ.ඇය පාම හර්ෂ ද සිල්වාගේ සොහොයුරියයි.සජින් වාස් හා හර්ෂද සිල්වා දෙමස්සිනෝ‍ය.මියගිය චන්ද්‍රදාස නයිදුවාවඩු ගේ මරණ පරීක්ෂණ වාර්තාව වෙනස් කිරීමට සජින් වාස් ගේ නෑනා වූ විශේෂඥ වෛද්‍යවරිය සම්බන්ධ යැයි තහවුරු කරන්නට අපට සාක්ෂි නැත.එහෙත් බළපිටිය රෝහළ සමග සජින් වාස් ගේ එම සමීප සම්බන්ධය පැවතුන බව නම් අපි දනිමු.        

කෙසේ වෙතත් චන්ද්‍රදාස නයිදුවාවඩු ගේ ඝාතනයට පොලීසිය සැක පි⁣ට අත් අඩංගුවට ගන්නා ලද්දේ ඉඳුනිල් එදිරිවික්‍රමසූරිය නැමති අම්බලන්ගොඩ නගර සභාවේ මුරකරුවෙකි.ඔහු අදාල පහරදීමේ සිද්ධිය වන විට ඒ අහල පහලකවත් සිටි අයෙකු නොවේ.එහෙත් මේ සිද්ධියට පෙර චන්ද්‍රදාස නයිදුවාවඩු හට මරණීය තර්ජනය කර තිබුණේ අම්බලන්ගොඩ නගර සභාවේ ඉඳුනිල් එදිරිවික්‍රමසූරිය නම් එම මුරකරුවාය.
ඔහු සජින් වාස් ගුනවර්දන ⁣ගේ දේශපාලන ක්‍රියාකාරකම් වලට සම්බන්ධව සිටි අයෙකි.චන්ද්‍රදාස නයිදුවාවඩු හට පහර දුන් මැරයන් ආරක්ෂා කර ගැනීම සඳහා සජින් වාස් හා අම්බලන්ගොඩ මූලස්ථාන පොලිස් පරීක්ෂක වරයා වූ හේමාල් ප්‍රශාන්ත නීතියට වංගුවක් ගැසුවේ ඉඳුනිල් එදිරිවික්‍රමසූරිය සිද්ධියට සම්බන්ධ සැකකරු ලෙස නම් කරමිනි.ඒ තක්කඩිකමටය.

මෙම සිද්ධිය වූ අවස්ථාවේ අම්බලන්ගොඩ පොලීසියේ මූලස්ථාන පොලිස් පරීක්ෂක වරයා වූ⁣⁣යේ ප්‍රධාන  පොලිස් පරීක්ෂක  බූදාගොඩය.ඔහුට සජින් වාස් තර්ජනාත්මකව බලපෑම් කෙරුවේ එම සාහසික අපරාධය 
සම්බන්ධයෙන් සිදු කෙරුන පොලිස් පරීක්ෂණ අඩාල කිරීමටය.එහෙත් මූලස්ථාන පොලිස් පරීක්ෂක බූදාගොඩ සජින් වාස් ගේ නියෝග නොසලකා චන්ද්‍රදාස නයිදුවාවඩු ගේ මරණය සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂණ කිරීමට මැදිහත් විය.මේ නිසා අම්බලන්ගොඩ පොලීසියෙන් ප්‍රධාන පොලිස් පරීක්ෂක බූදාගොඩ ස්ථාන මාරු කර යැවීමට සජින් වාස් මන්ත්‍රීවරයා කටයුතු කෙරුවේය.
පොලිස්‍පති වරයාගේ නියෝග මත ප්‍රධාන පොලිස් පරීක්ෂක බූදාගොඩ ඇල්පිටිය පොලිස් ස්ථානයට මාරු කර යැවිනි.ඉන් අනතුරුව අම්බලන්ගොඩ මූලස්ථාන පොලිස් පරීක්ෂක වරයා ලෙස ප්‍රධාන පොලිස් පරීක්ෂක හේමාල් ප්‍රශාන්ත පත් කර ගත්තේය.හේමාල් ප්‍රශාන්ත මහින්ද රාජපක්ෂගේ ⁣පෞද්ගලික ආරක්ෂකයා වූ නෙවිල් වන්නිආරචිගේ ඥාති සහෝදරයෙකි.සැබවින්ම හේමාල් ප්‍රශාන්තට අම්බලන්ගොඩ මූලස්ථාන පොලිස් පරීක්ෂක වරයා වීමට අවස්ථාව උදා වු⁣යේ නෙවිල් වන්නිආරච්චි ගේ ඥාාති සම්බන්ධතාවයි.හේමාල් ප්‍රශාන්ත අම්බලන්ගොඩ මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයා වීමෙන් පසු චන්ද්‍රදාස ⁣නයිදුවාවඩුගේ ඝාතනය පිළිබඳව වූ පරීක්ෂණ යටපත් කෙරුවේ ඒ වංගු ගැසීමෙනි.

ජනාධිපති ආරක්ෂක අංශයේ පොලිස් කොස්තාපල් වරයෙකු මේ දෙගොඩ හරි ජාමයේ අම්බලන්ගොඩ රාජකාරි කිරීම පවා යමෙකුට අප්‍රභංශ තොරතුරක් විය හැකිය.එහෙත් ඒ  වන විටත් ජනාධිපති ආරක්ෂක අංශයේ පොලිස් නිළධාරීන් රොත්තක් සජින් වාස් සමීපයේ ආරක්ෂක රාජකාරි සඳහා අනුයුක්ත කර සිටියහ.එපමනක්ද  නොවේ.යුද හමුදා සෙබලුන් හා පොලිස් විශේෂ කාර්ය බලකායේ නිළධාරීන් ඇතුළුව හැට හැත්තෑවක පමණ පිරිසක් සජින් වාස් ගේ ආරක්ෂාවට යොදවා තිබූණි.මෙහිදී යුද හමුදා හා විශේෂ කාර්ය බලකා නිළධාරීන් ඔහුගේ ආරක්ෂාවට අනුයුක්‍ත කර ගැනීම නිත්‍යනුකූල විය හැකි නමුත් ජනපති ආරක්ෂක අංශයේ නිළධාරීන් සජින් වාස් ආරක්ෂාව සඳහා යොදවා ගැනීම බර පතල වරදක් ලෙස සැළකිය හැකිය.

පසුගිය කාලයේදී මත්ද්‍රව්‍ය ජාවාරම් සම්බන්ධයෙන් අත් අඩංගුවට  සම්පත් මනම්පේරි ප්‍රශ්ණ කිරීමට බාර දුන්නේ මත් ද්‍රව්‍ය නිවාරණ කාර්යංශයටය.මිද්දෙනිය ප්‍රදේශයෙන් ලැබුණ තොරතුරු අනුව මත්ද්‍රව්‍ය නිවාරණ කාර්යංශයේ අධ්‍යක්ෂවරයා වන ⁣ඡ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී හේමාල් ප්‍රශාන්‍ත හා සැකකාර සම්පත් මනම්‍පේරි අතර පෞද්ගලික සමීප සම්බන්ධතාවක් පවතී.එය මහින්ද රාජපක්ෂගේ පෞද්ගලික ආරක්ෂකයා වූ නෙවිල් වන්නිආරච්චි ගේ දැන හැඳුනුම්කම් මත සිඳු වූවකි.කෙසේ වෙතත් එය එසේ තිබියදී ඡෙ.⁣පො.අධිකාරීහේමාල් ප්‍රශාන්ත සැකකාර සම්පත් මනම්පේරි ප්‍රශ්ණ කිරීමට බාර ගැනීම පවා බරපතල වරදකි.එය 2023 අංක 09 දරණ දුෂණ විරෝධී පනතේ 107(1) වගන්තියෙන් කියවෙන පරිදි බැඳියාවන් පිළිබඳ ඝට්ටනයන් ප්‍රකාශ කිරීමට අසමත් වීමේ වරද වේ.සැකකාර සම්පත් මනම්පේරි පෞද්ගලික ජීවිතයේදී හේමාල් ප්‍රශාන්ත අමතන්නේ කිරි අයියා ලෙස බව මිද්දෙනියේ තතු දන්නන් පවසයි.

කෙසේ වෙතත් සම්පත් මනම්පේරි අධිකරණයට බාර වීම මග හැර සිට පසුව අභියාචනාධිකරණයෙන් සහනයන් ඉල්ලා අනතුරුව වලස්මුල්ල අධිකරණයට බාර වීම දක්වා වූ ජවනිකාව අධි තාත්වික රංඟනයක් බව පැහැදිලිය.සම්පත් මනම්‍පේරි වලස්මුල්ල අධිකරණයට බාර වීමත් සමඟම ප්‍රශ්ණ කිරීමට බාර දෙන්නේ ඔහු දන්නා හඳුනන හා පෞද්ගලික සමීපතාවක් ඇති පොලිස් නිළධාරියෙකුටය.මෙය යටි බිම් ගත කුමන්ත්‍රණයක් බව අප දිගින් දිගටම පැවසුවෙමු.

හේමාල් ප්‍රශාන්ත අම්බලන්ගොඩ මූලස්ථාන පොලිස් පරීක්ෂක වරයා ලෙස නාගරික මන්ත්‍රී චන්ද්‍රදාස නයිදුවාවඩු ඝාතන සිද්ධිය පවා වසන් කෙරු⁣වේ නෙවිල් වන්නිආරච්චි සමග ඔහුගේ පැවැති සම්බන්ධතාව මත සජින් වාස් සමග බැඳුණ දේශපාලනික ගණුදෙනුව නිසා බව පැහැදිලිය.එසේම  අම්බලන්ගොඩ ජවිපෙ නාගරික මන්ත්‍රී චන්ද්‍රදාස නයිදුවාවඩු ඝාතනයට මෙතෙක් සාධාරණය හා යුක්තිය ඉටු වී නැත.

හේමාල් ප්‍රශාන්ත අම්බලන්ගොඩ මූලස්ථාන පොලිස් පරීක්ෂක වරයා ලෙස කටයුතු කරමින් සිටියදී නෙවිල් වන්නි ආරච්චිගේ ට්‍රක් රථ නවතා තැබුවේ පොලීසියේ භූමිය තුළය.හේමාල් ප්‍රශාන්ත මත් ද්‍රව්‍ය කාර්යංශයේ අධ්‍යක්ෂවරයා ලෙස පත් කිරීම පිටුපස සිටින්නේද නෙවිල් වන්නිආරච්චිය.නෙවිල් වන්නිආරච්චි ගේ රෙකමදාරුව පිට මත්ද්‍රව්‍ය කාර්යංශයට පත්වූ හේමාල් ප්‍රශාන්ත එහි ⁣රාජකාරි කෙරුවේද ඔහුට ඕනෑ විදියටය.

ගවේශනාත්මකව තොරතුරු අනාවරණය කර ගැනීමක්  සිදු නොකරන යූ ටියුබ
 ගිරවුන්ටත නම් හේමාල් ප්‍රශාන්ත යෝද වීරයෙකි.එහෙත් ඔහු ගේ කෙරුවාව ගැන හොඳින් දන්නා අපට නම් ඒ යූ ටියුබ වීරයන් ගැන ඇති වන්නේ හාස්‍ය පමණය.
ඔවුන් හට අපට කියන්නට ඇත්තේ හේමාල් ප්‍රශාන්ත මත්ද්‍රව්‍ය කාර්යංශයේ අධ්‍යක්ෂ ධුරයේ තබා ගැනීමට වඩා නෙවිල් වන්නිආරච්චිට එම ධුරය බාර දීම හොඳ බවය.⁣

හේමාල් ප්‍රශාන්ත එම ධුරයෙන් ඉවත් කරන විට අශ්වයා ඉස්තාලයෙන් පැන ගොස් හමාරය.ඒ මත් ද්‍රව්‍ය ජාවාරම් සම්බන්ධයෙන් අත් අඩංගුවට ගත් සම්පත් මනම්‍පේරි සම්බන්ධයෙන් පොලීසිය සිදු කළ පොලිස් විමර්ශන හේමාල් ප්‍රශාන්ත ඇඟට පතට නොදැනී කුරෝලු කර ඇති නිසාය.අප මේ ලියන තොරතුරු සත්‍ය බව කාට කාටත් අනාගතයේදී තේරුම් ගැනීමට හැකි වෙනු ඇත.



Comments

Popular posts from this blog

වැඩෙි අන්තිම කැතයි ලැජ්ජයි නින්දිතයි ජනාධිපතිතුමා

නලින් හේවගේ සහෝදරයාගෙන් මහ පොළවේ දේශපාලනය ඉගෙන ගන්න අධිකරණ ඇමතිතුමෝ

මිනීමරු රණවීරගේ කෙරුවාව ගැන හිරිකිතයක් අමනාපයක් කෝපයක් ජාතික ජන බලවේගයේ සහෝදරවරුන්ට නැද්ද අප්පා