හෙරොයින් රජෙක් දිවි ඇති තෙක් හිරේ

 


ශ්‍රී ලංකාවේ නමගිය මත්ද්‍රව්‍ය ජාවාරම්කරු වකු කනපති ගනේෂ් හට  ජීවිතාන්තය දක්වා සිර දඩුවම් ලබා දුන් බව වාර්තාවේ.2014 වර්ෂයේ දෙසැම්බර් මස 26 වන දා ඇලකන්ද ප්‍රදේශයේදී හෙරොයින් ග්‍රෑම් 39.99 ක් 

සන්තකයේ තබා ගැනීම හා ජාවාරම් කිරීම සම්බන්ධයෙන් සැකකරුට එරෙහිව නීතිපතිවරයා කොළඹ මහාධිකරණයේ චෝදනා ගොනු කර තිබුණි.


සැකකරුට එරෙහිව පැවති දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව පසුගිය 10 වනදා කොළඹ මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න විසින් මෙම තීන්දුව ලබා දෙන අවස්ථාවේ ඇප මත මුදා හැර සිටි සැකකරු අධිකරණ මග හැර සැඟව සිටියේය.පසුව සැකකරු කොටහේන ප්‍රදේශයේ නිවසක සැඟව සිටියදී කොළඹ
අපරාධ කොට්ඨාශය මගින් අත් අඩංගුවට ගෙන නැවත මහාධිකරණය⁣ වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඔහු වෙත ලබා දී තිබු ජීවිතාන්තය දක්වා වූ සිර දඬුවම පසුගිය 17 වනදා සිට ක්‍රියාත්මක කරන ලෙස නියෝග කෙරිණි. 

Comments

Popular posts from this blog

වැඩෙි අන්තිම කැතයි ලැජ්ජයි නින්දිතයි ජනාධිපතිතුමා

නලින් හේවගේ සහෝදරයාගෙන් මහ පොළවේ දේශපාලනය ඉගෙන ගන්න අධිකරණ ඇමතිතුමෝ

මිනීමරු රණවීරගේ කෙරුවාව ගැන හිරිකිතයක් අමනාපයක් කෝපයක් ජාතික ජන බලවේගයේ සහෝදරවරුන්ට නැද්ද අප්පා