ජාතික බුද්ධි ප්‍රධානී පත් කෙරේ

 

ජාතික බුද්ධි ප්‍රධානී ලෙස මේජර් ජනරාල් නලින්ද නියංගොඩ පත් කර ඇති බව වාර්තා වේ.ඔහු එම ධුරයට පත් කිරීම සඳහා ආරක්ෂක අමාත්‍යංශ ලේකම් වරයා පත්වීම් ලිපිය බාර දුන් අවස්ථාවේ ගන්නා ලද ඡායාරූපයක්
මාධ්‍ය⁣යේ පල වීම පිළිබඳව ආණ්ඩු විරෝධීන් බරපතල වි⁣වේචනයක නිරත වෙමින් සිටී.⁣⁣මේ විවේචනයන්හී අන්තර්ගතයේ දැක්වෙන්නේ ජාතික බුද්ධි ප්‍රධානී තනතුර සමාජයට අනාවරණය නොවිය යුතු බවය.

පසුගිය මාර්තු මාසයේ ඇමරිකාවේ ජාතික බුද්ධි ප්‍රධානී තුල්සි ගිර්බාර්ඩ්
ඉන්දියාවේ සංචාරයක නිතර වූ බව ඒ දිනවල ජාත්‍යන්තර මාධ්‍යයන් අනාවරණය කරන ලදී.ඇය එම සංචාරයේදී  වෙස් මුහුණක් පැළඳ සිටි බවට නම් වාර්තා නොවීය.

එසේම ගෝඨාභය රාජපක්ෂ ආරක්ෂක අමාත්‍යංශ ලේකම් වරයා ලෙස කටයුතු කරමින් සිටියදී ජාතික බුද්ධි බලකායේ මූලස්ථාන ගොඩනැගිල්ල  ඉඳි කිරීම සඳහා මුල් ගල තැබීම සඳහා කරන්දෙණිය පැවැති උත්සවයට ඔහු සමග එවකට ජාතික බුද්ධි ප්‍රධානී මේජර් ජනරාල් කපිල හෙන්දවිතාණ සහභාගි වූ බව ඒ දිනවල ශ්‍රව්‍ය දෘශ්‍ය මාධ්‍යයන් මගින් වාර්තා කෙරිණි.
එය එසේ වන්නේ නම් ජාතික බුද්ධි ප්‍රධානී තනතුර දරන්නා රහසේ සැඟවී සිටිය යුතු බව ඉන් අදහස් නොවේ.

සන්නාහ සන්නද්ධ බලකායේ හා බුද්ධි බලකායේ සෙන්පතියකු වූ මේජර් ජනරාල් නලින්ද නියංගොඩ එම ධුරයට සුදුස්සෙකු බව ආරක්ෂක සේනා වල බොහෝ දෙනා පවසති.

ජාතික බුද්ධි ප්‍රධානී මේජර් ජනරාල් නලින්ද නියංගොඩට ලංකා දවසේ සුබ පැතුම් පිරිනමමු.

Comments

Popular posts from this blog

වැඩෙි අන්තිම කැතයි ලැජ්ජයි නින්දිතයි ජනාධිපතිතුමා

නලින් හේවගේ සහෝදරයාගෙන් මහ පොළවේ දේශපාලනය ඉගෙන ගන්න අධිකරණ ඇමතිතුමෝ

මිනීමරු රණවීරගේ කෙරුවාව ගැන හිරිකිතයක් අමනාපයක් කෝපයක් ජාතික ජන බලවේගයේ සහෝදරවරුන්ට නැද්ද අප්පා