පොලිස් සැරයන් වරුන්ට අසාධාරණක් වෙලා

 



පොලිස් දෙපාර්තමේන්තුවේ උසස් වීම් ලබා දීමේදී 2009 වසරේදී පොලිස් සැරයන් තනතුරට පත් නිළධාරීන් දැඩි අසාධාරණයට ලක් වී ඇති බවට වාර්තා වේ.


මෙලෙස දැඩි අසාධාරණයට ලක් වූ පොලිස් සැරයන් වරුන් 244 දෙනෙකු සිටින බව හෙළි වී තිබේ.මෙම පොලිස් සැරයන් වරුන් වසර 15 කට වැඩි කාලයක් එකම තනතුරක සේවය කර මුළු සේවා කාලය වසර 35 ක කාලයකින් පසුව ඉදිරි වසර දෙකක කාලයකින් පසුව කිසිම උසස්වීමක් නොලබා විශ්‍රාම යාමට නියමිතය.පසුගිය පොලිස් දිනයට සමගාමීව උසස්වීම් ලබා දීමේදී ඡ්‍යෙෂ්ඨතාව අනුව සියයට හැත්තෑවකට අනුව උසස් වීම් ලබා දෙන බව ප්‍රකාශ කෙරුවද එසේ ලබා දී ඇත්තේ සියයට තිහකට පමණය.ඒ අනුව උසස් වීම් ලද සැරයන් වරුන් 455 දෙනෙකු අතුරෙන් මියගිය හා විශ්‍රාම ගිය සැරයන් වරුන් 153 දෙනෙකුට උසස්වීම් ලබා දී ඇත.

මේ අතර උප පොලිස් පරීක්ෂක තනතු⁣රේ සිට පොලිස් පරීක්ෂක තනතුර දක්වා උසස් වීම් ලද 683 ⁣කුගේ උප පොලිස් පරීක්ෂක පුරප්පාඩු තිබියදී මෙලෙස පොලිස් සැරයන් වරුන් උසස් නොකිරීම
 අසාධාරණයක් බව පැවසේ.එසේම තමන්ට සාධාරණයක් ඉටු නොකළ හොත් ඉදිරි වර්ෂයේ ජනවාරි මාසයේදී එම සැරයන් වරුන් විශ්‍රාම යාමටද තීරණය කර ඇතැයිද හෙළිවේ. 


Comments

Popular posts from this blog

වැඩෙි අන්තිම කැතයි ලැජ්ජයි නින්දිතයි ජනාධිපතිතුමා

නලින් හේවගේ සහෝදරයාගෙන් මහ පොළවේ දේශපාලනය ඉගෙන ගන්න අධිකරණ ඇමතිතුමෝ

මිනීමරු රණවීරගේ කෙරුවාව ගැන හිරිකිතයක් අමනාපයක් කෝපයක් ජාතික ජන බලවේගයේ සහෝදරවරුන්ට නැද්ද අප්පා