තාජුඩීන් ඝාතනයට කජ්ජාත් හවුල් බවට සැක මතුවේ

 


රග්බි ක්‍රීඩක වසීම් තාජඩීන් ඝාතනය වීමට පෙර ඔහුගේ මෝටර් රථය පසුපස ගමන් ගන්නා ජිප් රථයේ අනුර විදානගමගේ නොහොත් කජ්ජා ගමන් කර ඇතැයි මෙතෙක් සිදු කරන ලද විමරශන වලින් තහවුරු වී තිබෙන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පවසයි.


වසීම් තාජුඩීන් ඝාතනය පිළිබඳව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වසර 13 ක් තිස්සේ විමර්ශනය කෙරුවද එම ඝාතනය කළ පුද්ගලයා නිශ්චිතව හඳුනාගැනීමට මෙතෙක් හැකිවී නැත.

අනුර විදානගමගේ නොහොත් කජ්ජා ගේ බිරිඳ පසුගියදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පවසා තිබුණේ තාජුඩීන්ගේ රථය පසුපස ගමන් ගත් වාහනයේ තම සැමියා සිටි බවය.ඒ එම සිද්ධියට අදාල සීසීටීවී දර්ශන ඇයට පෙන්වා දෙමින් සිදු කරන ලද ප්‍රශ්ණ කිරීම් වලදීය.මෙහිදී ඇය පවසා තිබුණේ තම සැමියා හදිසි අනතුරකින් සිදුවූ ආබාධයක් හේතුවෙන් නිතරම ඉණට තබා ගෙන සිටින බවත් එම සීසීටීවී දර්ශන තුළ සිටින පුද්ගලයාද එම ඉරියව්වේ සිටින නිසා ඒ තමන්ගේ සැමියා බවට නිශ්චිතවම අඳුරාගත හැකි බවය.
පසුගියදා ටෲත් ඔෆ් චමුදිත නම් යූ ටියුබ ප්‍රකාශනයේ සාකච්ඡාවකට එක්වූ අරුණ විදානගමගේ සොයුරියන්ද තම සහෝදරයා නිතරම ඉණට තබා ගෙන සිටින බව අනාවරණය කෙරුවේය.

යහපාලනය අවදියේ තාජුඩීන් ඝාතනය ගැන විමර්ශනය කළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මාධ්‍ය වෙත අනාවරණය කරන ලද්දේ තාජුඩීන් ගේ වාහනය පසුපස ගිය වාහනයේ කපිතාන් තිස්ස සිටි බවත් ඔහු ටී පනස් හය අවියකින් තාජුඩීන්ට පහර දී ඇති බවය.
එම විමර්ශන තොරතුරු මේ වන විට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සතුව නොමැති වීම බරපතල ප්‍රශ්ණයකි. 


Comments

Popular posts from this blog

වැඩෙි අන්තිම කැතයි ලැජ්ජයි නින්දිතයි ජනාධිපතිතුමා

නලින් හේවගේ සහෝදරයාගෙන් මහ පොළවේ දේශපාලනය ඉගෙන ගන්න අධිකරණ ඇමතිතුමෝ

මිනීමරු රණවීරගේ කෙරුවාව ගැන හිරිකිතයක් අමනාපයක් කෝපයක් ජාතික ජන බලවේගයේ සහෝදරවරුන්ට නැද්ද අප්පා