දේශපාලු නෑයන් ලෝක බැංකුවටත් දාර පොලු තියලා
මෙරට වතු කේෂ්‍ත්‍රයේ සංවර්ධනය සඳහා ලෝක බැංකුව ලබා දෙන ලද ණය ආධාර පසුගිය ආණ්ඩු කාලයේදී ලබා ගෙන ඇත්තේ එම ආණ්ඩුවලට සම්බන්ධ වී සිටි දේශපාලඥයන්ගේ සමීපතම ඥාතීන් බව වැවිලි හා ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය සමන්ත විද්‍යාරත්‍න පසුගියදා (12)පාර්ලිමේන්‍තුවේදී පැවසීය. මෙම දේශපාලන ඥාතීන් විවිධ වැවිලි ව්‍යපෘති ඉදිරිපත් කරමින් ලෝක බැංකුවෙන් ලබා ගෙන ඇති මුදලේ වටිනාකම ඇමරිකානු ඩොලර් පන්ලක්ෂ අටදහස් අටසිය හැටතුනකි.මෙලෙස ණය ලබා ගත් කිසිවකු එම ණය මුදල් යොදවා කිසිදු ව්‍යාපෘතියක් කර නැති බව මේ වන විට අනාවරණය වී ඇතැයිද ඇමතිවරයා මෙහිදී සඳහන් කෙරුවේය. හිටපු අමාත්‍ය දයා ගමගේ ගේ බිරිඳ වන අනෝමා ගමගේ ගේ හිමිකාරිත්වය යටතේ පවතින සමාගමක් සඳහා රුපියල් ලක්ෂ 149.5ක් එම අමාත්‍යංශයේ හිටපු ලේකම් බන්දුල වික්‍රමආරච්චිගේ පුතාට ලක්ෂ 182 ක් හිටපු අමාත්‍ය රොෂාන් රණසිංහ ගේ බිරිඳට අයත් සමාගමකට රුපියල් ලක්ෂ 180 ක්, හිටපු අමාත්‍ය ලක්ෂ්මන් සෙනෙවිරත්න ගේ පුත්‍රයා වන ඩී.ජේ.පී.සෙනෙවිරත්න ලක්ෂ 375ක් ,හා හිටපු අමාත්‍ය මහින්ද අමරවීරගේ සහෝදරයකු වන ඩබ්ලිව්.කේ.බන්‍දුල ලක්ෂ 481 ක් ,මෙලෙස ණය මුදල් ලබා ගෙන තිබේ. ලෝක බැංකුව ණය ලබා දු...