දේශපාලු නෑ⁣යන් ලෝක බැංකුවටත් දාර පොලු තියලා

මෙරට වතු කේෂ්‍ත්‍රයේ සංවර්ධනය සඳහා ලෝ‍ක බැංකුව ලබා දෙන ලද ණය ආධාර පසුගිය ආණ්ඩු කාලයේදී ලබා ගෙන ඇත්තේ එම ආණ්ඩුවලට සම්බන්ධ වී සිටි දේශපාලඥයන්ගේ සමීපතම ඥාතීන් බව වැවිලි හා ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය සමන්ත විද්‍යාරත්‍න පසුගියදා (12)පාර්ලිමේන්‍තුවේදී පැවසීය.


මෙම දේශපාලන ඥාතීන් විවිධ වැවිලි ව්‍යපෘති ඉදිරිපත් කරමින් ලෝක බැංකුවෙන් ලබා ගෙන ඇති  මුදලේ වටිනාකම ඇමරිකානු ඩොලර් පන්ලක්ෂ අටදහස් අටසිය හැටතුනකි.මෙලෙස ණය ලබා ගත් කිසිවකු එම ණය මුදල් යොදවා කිසිදු ව්‍යාපෘතියක් කර නැති බව මේ වන විට අනාවරණය වී ඇතැයිද ඇමතිවරයා මෙහිදී සඳහන් කෙරුවේය.

හිටපු අමාත්‍ය දයා ගමගේ ගේ බිරිඳ වන අනෝමා ගමගේ ගේ හිමිකාරිත්වය යටතේ පවතින සමාගමක් සඳහා රුපියල් ලක්ෂ 149.5ක් එම අමාත්‍යංශ⁣යේ හිටපු ලේකම් බන්දුල වික්‍රමආරච්චිගේ පුතාට ලක්ෂ 182 ක් හිටපු අමාත්‍ය රොෂාන් රණසිංහ ගේ බිරිඳට අයත් සමාගමකට රුපියල් ලක්ෂ 180 ක්, හිටපු අමාත්‍ය ලක්ෂ්මන් සෙනෙවිරත්න ගේ පුත්‍රයා වන ඩී.ජේ.පී.සෙනෙවිරත්න ලක්ෂ 375ක් ,හා හිටපු අමාත්‍ය මහින්ද අමරවීර⁣ගේ සහෝදරයකු වන ඩබ්ලිව්.කේ.බන්‍දුල  ලක්ෂ 481 ක් ,මෙලෙස ණය මුදල් ලබා ගෙන තිබේ.

ලෝක බැංකුව ණය ලබා දුන් ව්‍යාපෘති පිළිබඳව පසු විපරම් කිරීමේදී හෙළි වී ඇත්තේ එලෙස ලබා ගත් ණය මුදල් වලින් කිසිදු ව්‍යාපෘතියක් කර නැති බවය.

කෙසේ  වෙතත් ජාජබ ආණ්ඩුව මෙම ණය මුදල් වාරික ⁣වශයෙන් ගෙවීමට ඉල්ලා ඇතත් අනිසි මුල්‍ය පරිපාලනයක වගකීම රජය විසින් ගෙවිය යුතු බව පවසා එම ණය මුදල් එකවර ගෙවිය යුතු බවට ලෝක බැංකුව දැනුම් දුන් බවද ඇමතිවරයා එහිදී හෙළි කළ අතර රටට සිඳුවන අපකීර්තිය වලක්වා ගැනීමට වර්තමාන රජය එම ණය මුදල් ලෝක බැංකුව වෙත සම්පූර්ණයෙන් ගෙවා දමන ලද බවද ඔහු වැඩිදුරටත් පැවසීය.

එලෙස ණය මුදල් ⁣ලබා ගෙන ණය ගෙවීම පැහැර හැර ඇති සියලුම දෙනාට එරෙහිව
නීතිපතිවරයා විසින් නඩු පවරා එම ණය අය කර ගැනීමට කටයුත කරමින් පවතින බවද ඇමතිවරයා අවධාරණය කෙරුවේය

Comments

Popular posts from this blog

වැඩෙි අන්තිම කැතයි ලැජ්ජයි නින්දිතයි ජනාධිපතිතුමා

නලින් හේවගේ සහෝදරයාගෙන් මහ පොළවේ දේශපාලනය ඉගෙන ගන්න අධිකරණ ඇමතිතුමෝ

මිනීමරු රණවීරගේ කෙරුවාව ගැන හිරිකිතයක් අමනාපයක් කෝපයක් ජාතික ජන බලවේගයේ සහෝදරවරුන්ට නැද්ද අප්පා