සබීතාට සැප දුන් දුමින්ද කොටුවෙයි



 යහපාලන ආණ්ඩු සමයේ කෘෂිකර්ම අමාත්‍යංශය සදහා කුලියට ගන්නා ලද සිනමා නිළි සබීතා පෙරේරාට අයත් ගොඩනැගිල්ල සඳහා බදු මුදල් ගෙවීමේදී සිදු කරන ලද මුදල් වංචාවක් සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ කොමිසම මගින් හිටපු අමාත්‍ය දුමින්ද දිසානායක නුදුරේදීම අත් අඩංගුවට ගනු ඇතැයි දැන ගැන්මට තිබේ.


මේ සිද්ධිය සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ  ⁣කොමිසම මෑතකදී හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන ගෙන් ප්‍රකාශයක් ලබා ගන්නා ලදී.

හිටපු අමාත්‍ය දුමින්ද දිසානායක විසින් එම ගොඩනැගිල්ල බදු ගැනීම සඳහා අමාත්‍ය මණ්ඩල පත්‍රිකාව අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කරන ලද බවද අනාවරණය වේ.

කෙසේවෙතත් හිටපු අමාත්‍ය දුමින්ද දිසානායක විසින් එම අමාත්‍ය මණ්ඩල පත්‍රිකාව ඉදිරිපත් කරන ලද්දේ එවකට අගමැති රනිල් වික්‍රමසිංහ ⁣ගේ බලපෑම මත බවද පැවසේ.ඇතැම් විට මේ සිද්ධිය සම්බන්ධයෙන් බොහෝ දුරට රනිල් වික්‍රමසිංහට එරෙහිවද නඩු පැවරෙනු ඇතැයිද වාර්තා වේ.එසේ වුව හොත් රනිල් වික්‍රමසිංහද අල්ලස් හෝ දූෂණ කොමිසම මගින් අත් අඩංගුවට ගෙන අධිකරණ⁣යට ඉදිරිපත් කරනු ඇත.

Comments

Popular posts from this blog

අනුරගේ සැබෑ ඇත්ත හා රාජපක්ෂ වරුන්ගේ සැඟවුන ඇත්ත

රාජපක්ෂවරුන් ගොඩ දා ගැනීමට අසූචි ඇඟ පුරා හලාගත් පැන්ෂන්කාර මේජර් ජනරාල් වරයා

සිද්ධාලේප වදකයෙක් එ්ඇස්පී වෙලා