ලංකා දවස කර්තෘවරයාට එරෙහිව පොහොට්ටුවේ ළදරු වලිප්පු කාරයන්ගේ මොනිටසෝරි මඩ ගැහිල්ල

 

ජාතික ජන බල⁣⁣වේගයට එරෙහිව සමාජ මාධ්‍ය තුළ විවිධ අසත්‍ය ප්‍රචාරයන් ගෙන යා⁣මේ වැඩ පිළිවෙලක් පිළිබඳව බුද්ධි සේවා වෙත වාර්තා වී තිබේ. ජාජබයේ මැති ඇමති මන්ත්‍රීවරුන්ට අමතරව ජාජබයට හිතවත් සිවිල් පුරවැසියන්ගේ පෞද්ගලික ජීවිත ඉලක්ක කර ගනිමින් මෙලෙස අසත්‍ය ප්‍රචාරය කෙරෙමින් පවතින බවද මෙහිදී අනාවරණය වී ඇති බවද වාර්තා වේ.ඉලක්‍ක කර ගත් පුද්ගලයන්ට එරෙහිව  සිදු කරන මෙම අසත්‍ය ප්‍රචාරයන්  අපහාසාත්‍මක තොරතුරු ඇතුළත් කරමින් සිදු කරන ඒවා බවට නිරීක්ෂණය වී ඇත.මෙරට නීති පද්ධතිය තුළ අපහාසය අපරාධමය වරදක් ⁣ලෙස නොසැළකීම නිසා බොහෝ පුරවැසියන් වර්තමානයේදී සමාජ මාධ්‍ය තුළින් සිය පෞද්ගලික ජීවිතයට බලපෑමක් ⁣වන ආකාරයට සිඳු කරන යම් යම් අපහාසාත්මක ප්‍රකාශනයන් නිසා බරපතල අපහසුතාවට පත් වෙමින් සිටී.

අපහාසය සිවිල් වරදක්⁣ ලෙස සැළකෙන බැවින් ඒ සඳහා නඩු පැවරීමක් කළ යුත්තේ පෞද්ගලිකවය.එසේ අධිකරණමය ක්‍රියා මාර්ගයක් ගත හැක්කේද අත මිට මිල මුදල් තිබෙන යමක් කමක් කළ හැකි අයට පමණය.එහෙත් කිසිවක් කර කියා ගත නොහැකි
පුරවැසියන්ට සිද්ධ වී ඇත්තේ අපහාසය විඳ දරා ගෙන නිහඬව සිටින්නටය.
අප මේ පූර්විකාව ලියන ලද්දේ ලංකා දවස ප්‍රධාන සංස්කාරක අජිත් ධර්මපාලට එරෙහිව ඉතා අශීලාචාර මඩ ප්‍රහාරයක්සමාජ මාධ්‍ය තුලින් සිඳු කරමින් තිබෙන නිසාය.පසුගියදා ජවිපෙ ප්‍රධාන ලේකම් වරයා ටිල්වින් සිල්වා එක්සත් රාජධානියේ සංචාරයක නිරතව සිටියදී එහි ජීවත්වන එල්ටීටී ක්‍රියා කාරිකයන් විරෝධය දක්වන ලදී.ඒ අවස්ථාවේ ඔහු වෙත ආරක්ෂාව සැළසීමට සෙවෙච්ඡාවෙන් ඉදිරිපත් වූයේ ලංකා දවස ප්‍රධාන සංස්කාරක වරයාය.
   මේ මැදිහත් වීම පොදු ජන පෙරමුණට සම්බන්ධ දේශපාලන ක්‍රියාකාරිකයන් ගේදැඩි විරෝධතාවට හේතු වී තිබේ.එහිදී ඔවුන්ගේ අදහස වී ඇත්තේ ටිල්වින් සිල්වා හට එක්සත් රාජධානියේදී එල්ටීටී විරෝධතාකරුවන් ගේ ප්‍රහාරයකට ලක් වීම වලක්වා ගැනීම වරදක් බවය.පොදු ජන පෙරමුණේ ඇතැම් දේශපාලන ක්‍රියාකාරිකයන් ගේ අසික්කිත හා අශීලාචාර දේශපාලනික අපේක්ෂාවන් ඉන් වටහා ගත හැකිය.රාජපක්ෂවරුන් ගේ ජාන ගත සාහසික මෙලේච්ඡත්වය ගැන සිතන විට පොදු ජන පෙරමුණේ මරා ගෙන මැරෙන කාඩරය  එවැනි අමානුෂික සිතීම් වල පිහිටීම ගැන එක අතකින් පුදුම විය යුතුද නැත.

කෙසේ වෙතත් අජිත් ධර්මපාලට එරෙහිව මඩ ප්‍රහාරයේ පීතෘවරයා ලෙස අප⁣ට අනාවරණය වූ පුද්ගලයා මානසික ආබාධිතයෙක් ලෙස සැළකිය හැකි කීර්ති රත්නායකය.මෙම කීර්ති රත්නායක විසින් තමන් හඳුන්වන්නේ ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ බුද්ධි අංශයේ ⁣සේවය කළ කොමිෂන් ලත් නිළධාරියෙක් විදියටය.
එහෙත් ශ්‍රී ලංකා ගුවන් හමුදාව ප්‍රකාශයට පත් කරන ලද මාධ්‍ය ප්‍රකාශයක සඳහන් වී ඇති ආකාරයට මේ පුද්ගලයා ගුවන් හමුදාවේ බුද්ධි අංශයට අනුයුක්තව සි⁣ටි 
කොමිෂන් ලත් නිළධාරියෙක් නොවේ.මොහු මුදල් වංචාවක් සම්බන්ධ යෙන් වැරදි කරු වී අපකීර්තිමත් ආකාරයෙන් ගුවන් හමුදා සේවයෙන් නෙරපන ලද ගුවන් හමුදා සෙබළෙක් බවද එහි වැඩිදුරටත් දැක්වේ.කෙසේ වෙතත් මේ පුද්ගලයා ඉන්දියාවේ රෝ සංවිධානයේ අවශ්‍යතාව පරිදි ගෝඨාභය රාජපක්ෂ ජනපතිවරයාගේ කාලයේදී මෙරට යුද හමුදා බුද්ධි අංශය තුළ බරපතල බෙදීමක් ඇති කිරීම සඳහා කුමන්ත්‍රණයක් කළ බව ජාතික බුද්ධි සේවාවන්ට අනාවරණය වී තිබුණි.
එක් අවස්ථාවකදී කීර්ති රත්නායක අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු⁣වේ අත් අඩංගුවට ගන්නා ලද අතර එහිදී සිඳු කරන ලද විමර්ශන වලදී හෙළිදරව් වී තිබුණේ මොහු රාත්‍රී කාලවලදී මුහුණ පොතින් දැන හඳුනාගත් කාන්තාවන් තිස් දෙනෙකුට අධික සංඛ්‍යාවක් සමග වීඩියෝ තාක්ෂණය ඔස්සේ විකෘති ලිංගික ආස්වාදය ලබා ගෙන ඇති බවය.
එම කාන්තාවන් පිරිසගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ලබා ගත් කට උත්තර අනුව මොහු ලිංගික අසහනයෙන් පෙළෙන අයෙකු බව තහවුර වී තිබුණි.⁣මේ සිද්ධිය සිඳු වූයේ ටිරාන් අලස් පොලීසිය බාර ඇමතිවරයා ලෙස කටයුතු කරන කාලයේදීය .මෙම කට උත්තර ටිරාන් අලස් ඇමතිවරයා අතට පත් වීමෙන් පසුව ඇමතිවරයා එය ප්‍රයෝජනයට ගනිමින් කීර්ති රත්නායක තම වහලෙක් බවට පත් කර ⁣ගෙන තමන්ගේ දේශපාලන සතුරන්ගේ චරිත ඝාතනය කරවීම සඳහා මෙහෙවන ලද්දේය.

ජාජබ ආණ්ඩුව බලයට පත් වීමත් සමගම සමාජය තුළ වීරයෙක් වෙන්නට දඟලන්⁣⁣නේ මේ මානසික ලෙඩාය.අජිත් ධර්මපාලට එරෙහිව මඩ ප්‍රහාර එල්ල කිරීමට කීර්ති රත්නායක පොදු ජන පෙරමුණට සම්බන්ධ යූ ටියුබ ළදරු වලිප්පු කාරයෙක්ද සම්බන්ධ කර ගෙන සිටී.මෙහිදී මේ මානසික ලෙඩුන් දෙදෙනා ⁣ පොදු ජන පෙරමුණේ සිය හාම්පුතුන් ගේ අවශ්‍යතාවන් පිරිමැසීම සඳහා අජිත් ධර්මපාලට එරෙහිව අසත්‍ය ප්‍රචාරය කරන බව නිසැකය.මෙහිදී මොවුන් දෙදෙනා අජිත් ධර්මපාල පොලිස් සේවාවේ නිරතව සිටියදී පොලිස් දෙපාර්ත⁣ම්න්තුව විසින් යාවත්කාලීන කළ ඔහු ⁣පුද්‍ගලික ⁣ලිපි ගොනුවේ තිබූ රහස්‍ය ලේඛන භාවිතා කරමින් සිටී.මෙම රහස්‍ය ⁣ලිපි ගොනුව පිළිබඳව වගකීම මේ වන විට පැවරී ඇත්තේ පොලීසියේ පිරිස් හා පාලන අධ්‍යක්ෂ ඡ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සිසිර කුමාර හටය.මහින්ද රාජපක්ෂ ජනපතිවරයා ගේ කාලයේදී මේ සිසිර කුමාර සේවය කෙරුවේ ඇල්පිටිය ඡ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා ලෙසය.සිසිර කුමාර ඇල්පිටිය ඡ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී වරයා ලෙස පත් කර ගන්නේ එවකට ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු  මන්ත්‍රී සජින් වාස් ගුනවර්දනගේ නිර්දේශය මතය.සජින් වාස් ගුනවර්දනට සිසිර කුමාර හඳුන්වාදෙන්නේ තාජුඩීන් ඝාතනයේ ප්‍රධාන සැකකරුවකු බවට සැක කරන කැප්ටන් තිස්ස නැමැත්තාය.සජින් වාස් ගුනවර්දනගේ මදාවි අනුගාමිකයන් පිරිසක් අම්බලන්ගොඩ නාගරික මන්ත්‍රී නයිදුවාවඩු ඝාතනය කරන්නේ මේ දිනවලදීය.එම ඝාතනය කරන අවස්ථාවේ අම්බලන්ගොඩ පොලීසි⁣යේ මූලස්ථාන පොලිස් පරීක්ෂක වරයා නීතිය ක්‍රියාත්මක කිරීමට මැදිහත් වන විට සජින් වාස් ගේ උපදෙස් පරිදි  ඔහු ස්ථාන මාරු කර යවන්නේ මේ සිසිර කුමාරය.ඉන් අනතුරුව අම්බලන්ගොඩ මූලස්ථාන පොලිස් පරීක්ෂක වරයා ⁣ලෙස නෙවිල් වන්නිආරච්චිගේ ඥාති සහෝදරයා පත් කර ගනිිිමින් නයිදුවාවඩු ඝාතනය යටපත් කෙරුවේද සිසිර කුමාරය.මේ සියලු සිදුවීම් පසුගිය කාලයේ අවස්ථා ගණනාවකදී අජිත් ධර්මපාල විසින් අනාවරණය කරන ලදී.මේ නිසාම ⁣ඡ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සිසිර කුමාර අජිත් ධර්මපාල සමග සි⁣ටියේ දැඩි වෛරයකිනි.ජවිපෙ ලේකම් ටිල්වින් සිල්වා එක්‍සත් රාජධානියේ සංචාරය කරන අවස්ථාවේදී ඔහු හට අජිත් ධර්මපාල ආරක්ෂාව සැපයීම ගැන කෝපයට පත් පොදු ජන පෙරමුණේ පාදඩයන් හට අජිත් ධර්මපාල ගේ පෞද්ගලික ලිපි ගොනුවේ තිබූ අති රහස්‍ය ලේඛන සියල්ල දුන්නේද ඡ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්‍පති සිසිර කුමාරය.අප ඒ  පිළිබඳව වගකීමෙන් සඳහන් කරමු.
මෙය ඉතා බරපතල සිදුවීමකි.මින් තහවුරු වන්නේ පොලිස් මූලස්ථානයේ ඇති අති රහස්‍ය ලේඛන පවා දේශපාලන අවශ්‍යතා මත දූෂිතයන් අත⁣ට පත් කරන බවය.ඡ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සිසිර කුමාරගේ මේ කෙරුවාව ගැන අප විමතියට පත් වන්නේද නැත.ඒ රාජපක්ෂ වරුන් හා කල්ප කාන්තයක් තිස්සේ ඔහු බැඳී ඇති පාහර දේශපාලන පෙකණිවැල තවමත් කපා දමා නැති බැවිනි.ජාජබ ආණ්ඩුවේ පොලීසිය බාර ඇමතිවරුන් දෙදෙනාගේ නෝන්ජල් ක්‍රියා කළාපය නිසා සිසිර කුමාර වැනි පාදඩයන් තවමත් පොලිස් මූලස්ථානයේ බඩ පිණුම් ගසමින් සිටී.

මේ වන විට අජිත් ධර්මපාල හට චෝදනා කරන්නන් ඔහු පොලිස් සේවයේ යෙදී සිටියදී ඔහුගේ ස්ථාන මාරුවීම් සඳහා නිර්දේශ කරන ලද දේශපාලඥයන්  විසින් යොමු කරන ලිපි පිටපත් කිහිපයක්ද සමාජ මාධ්‍ය තුළ හුවමාරු කරමින් සිටී.
සැබැවින්ම මේ ලිපි වලින් අනාවරණය කෙරෙන්‍නේ රාජපක්ෂ වරුන්ගේ පාලනය තුළ පොලීසිය වැටී තිබුණ අසූචි වලේ තරමය.ඒ බව ⁣මේ පොදු ජන පෙරමු⁣ණේ සූටික්කන්  විසින්ම සමාජයට පෙන්වීමද එක්තරා ආකාරයකට හාස්‍යය මතු කරන්නකි.ඒ කාලයේ පොලිස් නිළධාරියකු අධෝ වාතයක් යැවූවද ඒ සඳහා රාජපක්ෂවරුන් ගේ අවසරය අවශ්‍යව තිබූ බව මේ ලිපි වලින් තහවුරු වේ.

කෙසේ වෙතත් අජිත් ධර්මපාල පොලීසිය නිර්දේශපාලනී කරණය කිරීම සඳහා වර්තමානයේදී දැඩි වෙහෙසක් ගනිමින් සිටින්නේ පොලිස් සේවාවේදී තමන් ලද එම කටුක අමිහිරි අත් දැකීම් වර්තමාන ⁣පොලිස් සේවාවේ නිරත නිළධාරීන් අත් ⁣නොවිඳීමට ජාජබ රජය මැදිහත් විය යුතු යැයි සිතන නිසාය.මේ නිසාම පොහොට්ටුවේ ළදරු වලිප්පු කාරයන්ට අපට ලියන්නට ඇත්තේ අනේ පව් ඕයි තවුසෙලා කියා විතරය.


Comments

Popular posts from this blog

නලින් හේවගේ සහෝදරයාගෙන් මහ පොළවේ දේශපාලනය ඉගෙන ගන්න අධිකරණ ඇමතිතුමෝ

රෙදි ඉල්ලේ සන්ධානය මරු

සිරගෙදර බොසාලා ගැන අපේ හෙළිදරව්ව