බන්ධනාගාරයේ ස්ත්‍රී දූෂකයාට මාලිමාවෙන් සේවා දිගුවක් හිමිවේ

 


බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ මාධ්‍ය ප්‍රකාශක වරයා ලෙස කටයුතු කරන සහකාර බන්ධනාගාර කොමසාරිස් ජගත් වීරසිංහ හට වසරක සේවා දිගුවක් දී ඇති බවට වාර්තාවේ.ජගත් වීරසිංහ ⁣ගේ කෙරුවාවන් දන්නා බොහෝ බන්ධනාගාර නිළධාරීන් ජාජබ රජයේ මේ "ගොන් පාට්" ගැන හිනහෙන්නේ මුඛයෙන් නම්‍ නොවේ.

බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ අතිශය දූෂිතයකු ලෙස කප් ගසා සිටින ජගත් වීරසිංහ දේශපාලන වැල යන පැත්තට මැස්ස ගැසීමේද දක්‍ෂයෙක් විය.

1986 වර්ෂයේ කදියනාරු එස්ටීඑෆ් කඳවුරේ උප පොලිස් පරීක්ෂක වරයකු ලෙස සේවය කළ ජගත් වීරසිංහ එම කඳවුරේ සේවය කරන ලද තවත් නිළධාරීන් දෙදෙනෙකු සමග කාන්තවක දූෂණය කිරීමේ වරදට එවකට විශේෂ කාර්ය බලකායේ අණදෙන නිළධරියා වූ ලයනල් කරුණා⁣⁣සේන විසින් පොලිස් දෙපාර්තමේන්තු අපකීර්තිමත් ලෙස සේවයෙන් පහ කළ ⁣අයෙකි.ඒ දිනවල කදියනාරු එස්ටීඑෆ් කඳවුරේ අණ දෙන නිළධාරියා වූයේ පොලිස් පරීක්ෂක ජයවීරය.

පොලිස් දෙපාර්තමේන්තුවෙන් අප කීර්තිමත් ලෙස සේවයෙන් පහ කරන ලද ජගත් වීරසිංහ අධිකරණ සේවය හා සම්බන්ධ ජේලර් වරයකු ලෙස බන්ධනාගාර දෙපාර්⁣මේන්තුවට බැඳෙන්නේ රාජ්‍ය බුද්ධි සේවා වාර්තා වසන් කරමිනි.එහිදී ඔහුගේ උප්පැන්නය පවා වෙනස් කළ බව කියවේ.ජේලර් වරයකු ලෙස සේවයට එක් වන විට රාජ්‍ය බුද්ධි සේවාවෙන් ලබා දෙන පසුබිම් වාර්තාවට වංගුවක් දැමීමට ජගත් වීරසිංහට හැකි වූයේ ඒ දිනවල ඔහුගේ පියා ජාතික බුද්ධි සේවාවේ ගාල්ල කොට්ඨාශයේ ස්ථානාධිපතිවරයා වීමය.එසේ නොමැති වූයේ නම් ආරක්ෂක අංශයකින් සේවයෙන් නෙරපා හරින ලද ජගත් වීරසිංහට බන්ධනාගාරයේ ජේලර් වරයකු ලෙස තබා නියාමකවරයකු ලෙසවත් සේවයට එක් වීමට නොහැකිය.
එහෙත් ජගත් වීරසිංහ මේ පත්වීම ලබා ගැනීමේදී කොකා පෙන්වා ඇත්තේ මෙරට අධිකරණ ⁣සේවයටය.ඔහු ජේලර් පත් වීම ලබා ගැනීම සඳහා කූඨ ලේඛන ඉදිරිපත් කර ඇත්තේ අධිකරණයට වීම ⁣⁣සිල්ලර වරදක් ලෙස සළකන්නට නොහැකිය.

ජේලර්වරයකු ලෙස පත් වුවද ජගත් වීරසිංහ ⁣තුළ ඇබ්‍බැහියෙන්ම පැවති  සල්ලාල ජාන නිසා එහිදීද කාන්තාවක දූෂණය කිරීමේ වරදට චෝදනා ලබා සේවය අත් හිටුවන ලදී.ඉන් අනතුරුව තැන තැන රස්තියාදු ගසමින් සිටි ජගත් වීරසිංහ කොක්ක ගසන්නේ මහින්ද රාජපක්ෂගේ ආණ්ඩුවේ ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා වූ සජින් වාස් ගුණවර්දනටය.සජින් වාස් ගුණවර්ධන සමීපයේ සිටියදී ගාල්ල දිස්ත්‍රික්කයේ පදිංචි කරුවන්ට ඇස් කණ්නාඩි බෙදා දීමේ ව්‍යාපෘතියක් බාරව සිටි ජගත් වීරසිංහ එම සායන වලදී  ඇස් පරීක්ෂාව සඳහා දෘෂ්ඨි විශේෂඥයන් ලෙස යොදවා ගත්තේ 
හිනිදුම ප්‍රදේශයේ ගිං ගඟෙන් වැලි ගොඩ දාන කොල්ලන්ය.මේ කොල්ලන් හැඩට අන්දා ටයි පටි පවා එල්ලා සජින් වාස් ගුණවර්ධනට කොලේ වසා ගාණ කපා ගැනීමට ජගත් වීරසිංහ සමත් විය.මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක වූයේ සජින් වාස් ගේ පෞද්ගලික මුදලිනි.එහිදී ජගත් වීරසිංහ දෘෂ්ඨි පරීක්ෂකයන් වෙනුවෙන් වැය කරන ලද මුදල් වෙනුවෙන් බිල් පත් සජින් වාස් වෙත ඉදිරිපත් කර ලක්ෂ ගණනින් මුදල් ලබා ගත්තේ කිසිම ගාණක් නැතුවය.කෙසේ වෙතත් සජින් වාස් ගුණවර්ධන ගේ දේශපාලනයේ සමීපතම අත් උදව්කරුවකු වූ ජගත් වීරසිංහට ඔහුගේ මැදිහත් වීමෙන් නැවත බන්ධනාගාරයේ සේවයට එක් වීමට හැකි විය.එපමනක්ද නොවේ.ජගත් වීරසිංහ සේවය අත් හිටවූ කාලයට අදාල පරිදි සිය උසස්වීම්ද ලබා ගත්තේය.

මේ දිනවල බන්ධනාගාර කොමසාරිස් ධුරයේ කටයුතු කරන ධනසිංහ මීට ප්‍රථම වාරයකද බන්ධනාගාරයේ කොමසාරිස් ධුරයේ කටයුතු කෙරුවේය.ඒ වාසනාව ධනසිංහට උදා⁣වූයේද සජින් වාස් ගුණවර්ධන නිසාය.සජින් වාස් ගුණවර්ධන හා ධනසිංහ යන දෙදෙනාම අම්බලන්ගොඩ පදිංචි කරුවන්ය.
ධනසිංහගේ ⁣සොයුරියගේ පුත්‍රයා සජින් වාස් ගේ පෞද්ගලික කාර්ය මණ්ඩලයේ සේවය කෙරුවේය.

ජගත් වීරසිංහ නැවත බන්ධනාගාර සේවයට එක්වීමෙන් පසුව ගාල්ල බන්ධනාගාරයේ අධිකාරී වරයා බවට පත් විය.එහිදී ඔහු එම බන්ධනාගාරයේ රැඳවියකු වූ පොඩි ලැසී⁣ සමග ගණු දෙනු කරන්නට විය.පොඩි ලැසී බන්ධනාගාරයේ  සිටියදීම හෙරොයින් ජාවරමේ නිරත වූ අතර ඉන් උපයා ගත් මුදල් ජගත් වීරසිංහ ගේ ගිණුමකට බැර විය.⁣මේ ජාවාරම ගැන එවකට බන්ධනාගාරයේ ප්‍රධාන ජේලර් වරයකු වූ ජයරත්න දිගින් දිග⁣ටම අධිකරණ අමාත්‍යංශ ප්‍රධානීන් දැනුවත් කෙරුවේය.
ඉන් කුපිත වූ ජගත් වීරසිංහ ජේලර් ජයරත්න ඝාතනය කරවන්නේ පොඩි ලැසී ලවාය.⁣මේ සාහසික අපරාධය සම්බන්ධයෙන් අම්බලන්ගොඩ⁣ පොලීසියට තොරතුරු ලැබී තිබුනි.ඒ පොලිස් පරීක්ෂක බාලේන්ද්‍රන්ටය.එහෙත් පොලිස් පරීක්ෂක බාලේන්ද්‍රන්ද පොඩි ලැසී ගේ ගෝල බාලයන් විසින් ඝාතනය කෙරිණි.ජේලර් ජයරත්න ඝාතනයට ජගත් වීරසිංහ සම්බන්ධ බවට ඒ දිනවල මාධ්‍ය වලින් පවා අනාවරණය කෙරිණි.
එහෙත් සිය දේශපාලන සබඳතා වල හයියෙන් ඒ ⁣මිනිස් ඝාතන චෝදනාවෙන් ගැලවීමට ජගත් වීරසිංහට හැකි විය. කුඩා දරුවන් තිදෙනෙකුගේ පියෙක් වූ ජේලර් ජයරත්න අමානුෂික ලෙස ඝාතනය කිරිමේ වරදට සිය හෘද සාක්ෂියෙන් ගැලවීමට ජගත් වීරසිංහට නොහැක.

ධනසිංහ ගේ වර්තමාන පත්වීමත් සමග ජගත් වීරසිංහ බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ මාධ්‍ය  ප්‍රකාශක වරයා ලෙස පත් කරන්‍නේද පරණ දේශපාලන සබඳතා නිසා බව පැහැදිලිය.
අධිකරණ ඇමතිවරයා දේශපාලනයේ යටි කූට්ටු ගේම් ගැන අත්දැකීම් නැති අයෙකි.
එවැන්නකු ගොනාට ඇන්දීම ජගත් වීරසිංහට කජු කන්නා වාගේ වැඩකි.
එක් අවස්ථාවක ඇමතිවරයා බන්ධනාගාර මාෆියාවේ කුමන්ත්‍රණයක⁣ට හසුව රාජපක්ෂ වරුන්ගේ මිනීමරු අපරාධකාරයකු වූ බන්ධනාගාර සහකාර කොමසාරිස් ළමාහේවාට සම්මාන  ඵළකයක් ලබා දී මාලිමා හිතවතුන්ගේ අතරේ නෝන්ඩි විය.ජාජබයේ ඇමතිවරුන් අපහසුතාවට පත් කරන ආකාරයේ මේ සෑම රැවටිල්ලකම තිර පිටපත ලියන්නේ රාජපක්ෂවරුන් සමීපයේ ඇති දැඩි වූ තක්කඩියන් බව ජාජබ ආණ්ඩුව තවමත් දන්නේ නැත.ආණ්ඩුව අපහසුතාවට පත්වන විට ආතල් ගන්නේ මේ ජගත් වීරසිංහ වැන්නන්ය.මෙවැනි දෙබිඩ්ඩන් රජ⁣යේ බොහෝ තැන් වල ප්ලාන්ට් කරන්නට මේ වන විටත් පොහොට්ටුවේ දේශපාලන කෙරුම්කාරයන්ට හැකි වී තිබේ.රාජ්‍ය පාලනය පිළිබඳව නොමේරූ අත්දැකීම් ඇති ජාජබයේ මැති ඇමතිවරුන්ට මේ "ඩබල් ගේම්" ගැන අදහසක් නැතුවා මෙන්ම ඒ ගැන මෙලෝ හසරක් දන්නේද නැත.

පසුගියදා ජගත් වීරසිංහ ප්‍රසිද්ධ මහජන හමුවකදී ප්‍රකාශ කෙරු⁣වේ නැවත එල්ලුම් ගස ක්‍රියාත්මක කළ යුතු බවය.මේ අදහස ජගත් වීරසිංහ ගේ ⁣⁣පෞද්ගලික අදහසක් බව ⁣බොහෝ දෙනා සිතන්නට ඇත.
එහෙත් අපට ලැබෙන ආරංචි මාර්ග වලින් අනාවරණය වූයේ ජගත් වීරසිංහට ඒ ප්‍රකාශය කිරීමට උපදෙස් දුන්නේ පෙහොට්ටුවේ නීතිඥයකු බවය.මේ ප්‍රකාශයෙන් රජය පත් වන අපහසුතාව ගැන ගණන් හදමින් පොහොට්‍ටුවේ දේශපාලන ප්‍රබලයන් ආතල් ගත් සැටිද අපට වාර්තා විය.

අධිකරණ ඇමතිවරයා විසින් ජගත් වීරසිංහට සේවා දීර්ඝයක් දී ඇත්තේ ඔහු ගේ ⁣⁣සේවය අහිමි වීමෙන් බන්ධනාගාර පද්ධතිය කඩා වැටෙනු ඇතැයි සැකයක් මතු වූ නිසා දැයි අපි නොදනිමු.එහෙත් ඉන් අපට වැටහෙන්නේ අධිකරණ අමාත්‍යවරයාගේ මොනිටසෝරි අවබෝධයයි.අප ජගත් වීරසිංහ ගේ පැටි කිරිය ගැන ලියා ඇති අනාවරණය කිරීම් ගැන අසත්‍ය අවලාද බව ජාජබයේ කෙරුම්කාරයන් තීරණය කරන්න⁣ට පෙර මෙහි ලියා ඇති තොරතුරු ගැන ස්‍වාධීන විමර්ශනයක් කරන ලෙසට අපි  යෝජනා කරමු.එහිදී අඩුම වශයෙන් ජගත් වීරසිංහ 1986 වර්ෂ⁣යේ කදියනාරු එස්ටීඑෆ් කඳවුරේ සේවය කර තිබේද යන්න හා ඔහු ඒ කාලයේද කාන්තාවක දූෂණය කිරීමේ වරදට පොලිස් දෙපාර්තමේන්තු වෙන් අපකීර්තිමත් ලෙස නෙරපා හරින ලද්දේද යන්‍නත් සොයා බැලුවේ නම් හොඳටම ඇතිය.අප ලියා ඇති තොරතුරු සත්‍ය බවට ඉන් හෙළිදරව් වන්නේ නම් කූඨ ලේඛන ඉදිරිපත් කර අධිකරණ සේවය අපහාසයට ලක් කර ඇති ජගත් වීරසිංහට එරෙහිව වහාම නීතිය ක්‍රියාත්‍මක කළ යුතුය.

මෙවැනි පට්ට දූෂිතයන් ජාජබ ආණ්ඩුවෙන්ද හුරතල් කරන්නේ නම් ඒ අනීතික මැදිහත්වීම තුළින් බලවත් අසාධාරණයට ලක් වන්නේ නීතියේ ආධිපත්‍යය මෙරට තහවුරු කිරීම සඳහා බොහෝ බලා පොරොත්තු සහිතව ඡන්දය දුන් පුරවැසියන්ය.ඒ අතරේම ජනපති අනුර දිසානායක පිළිබඳව සමාජය තුළ සැක  සංකා මතුවීමද සිදු විය හැකිය.මෙරට දේශපාලන භුමි⁣යේ කර්කශ අත් දැකීම් ඇති ජනපතිවරයා පවා අපහසුතාවට හා නොමග යවමින් සිදු කරන මෙවැනි මෝඩ තකතිරු කම් නිසා ජාජබ ආණ්‍ඩුවේ කන්‍යා භාවයටද වන හානිය සුළු පටු නැත.          

Comments

Popular posts from this blog

නලින් හේවගේ සහෝදරයාගෙන් මහ පොළවේ දේශපාලනය ඉගෙන ගන්න අධිකරණ ඇමතිතුමෝ

රෙදි ඉල්ලේ සන්ධානය මරු

සිරගෙදර බොසාලා ගැන අපේ හෙළිදරව්ව