පොලීසියේ තිදෙනෙක්ට අච්චු කරලා
මත් ද්‍රව්‍ය ජාවරම් කරන ලදැයි චෝදනා කරමින් අත්අඩංගුවට ගත් සැක කරුවෙකුට අමානුෂික ලෙස පහරදී කෲර වද හිංසා පැමිණවූ වරදට පොලිස් නිළධාරීන් තිදෙනෙකුට මීගමුව මහාධිකරණ විනිසුරු කාවින්ද්‍ය නානායක්කාර විසින් පසුගියදා බරපතල වැඩ ඇතුව අවුරුදු හත බැගින් වූ සිර දඬුවම් නියම කරන ලද බව වාර්තා වේ.
එසේ සිර දඬුවම් හිමි වූයේ උප පොලිස් පරීක්ෂක අසංක අමරසිංහ ,පොලිස් කොස්තාපල් වරුණ දිනේෂ් හා පොලිස් කොස්තාපල් තිලිණ උදයංග යන අයවළුන්ටය.2018 වසරේ නොවැම්බර් මාසයේ දිනක මත් ද්‍රව්‍ය ජාවරම් කරන බවට චෝදනා කරමින් කටුනායක ප්‍රදේශයේ සන්නාලියකු වූ මොහොම්ඩ් නදීප් නැමැත්තා අත් අඩංගුවට කෲර ලෙස වද හිංසා පැමිණ වූ බවට පැමිණිල්ලෙන් හෙලි කෙරිණි.එහිදී වින්දිතයා ගේ හිසට පොලිතින් බෑගයක් දමා හුස්ම හිර කර ඇති බවද දෑත් දෙපා බැඳ ලීයක රඳවා පහර දෙමින් ලිංග ප්‍රදේශයේ දැවිල්ල ඇති වන ආකාරයේ ආලේපනයක් ආලේප කර ඇති බවද සාක්ෂි වලින් අනාවරණය වී තිබේ.
අධිකරණයට ඉදිරිපත් වූ වෛද්‍ය වාර්තා වේ එම පහර දීම නිසා වින්දිතයාගේ ශරීරයේ බාහිර තුවාල 11 ක් තිබුණ බවද මේ නිසා ඔහුගේ දෑත් අප්‍රණිකව තිබෙන බවද සඳහන් විය.
නඩු විභාගයෙන් අනතුරුව මහාධිකරණ විනිසුරුවරිය පැමිණිල්ලේ සාක්ෂි සාධාරණ සැකයකින් තොරව ඔප්පු කර ඇතැයිද රාජකාරි බලය අවභාවිතා කරමින් විත්තිකරුවන් සිඳු කර ඇති මෙම කෲර වද හිංසාව දැඩි දෝෂ දර්ශනයටද ලක් කෙරුවාය.

Comments
Post a Comment