ලංකා දවසට යුක්තිය ඉටු කරනු

 


ලංකා දවසේ එක අතක් සාහසික ආකාරයෙන් කපා දමා වසර ගණනාවක් ගෙවී ගොසිනි.මේ ප්‍රහාරය එල්ල වූයේ මිල්ටෙරි නන්දසේන ජනපතිවරයාව වූ කාලයේදීය.ඉන් සිදුවූ තුවාලය තවමත් සනීප නැත.අප ඒ කාලයේ මිල්ටෙරි නන්දසේනගේ මෝඩකම් අබ්බගොබ්බ කම් හා ගොන්කම් එක දිගට හෙළි කරමින් සිටියෙමු.එවැනි වටපිටාවක මෙය සිඳු වූයේ තක්කඩි ලීඩර් කුමන්ත්‍රණකාරයෙකු ගේ සැළසුමකට බව අපි විශ්වාස කරමු.මෙය තවත් ඉරිසියාකාර ගේමක් බවද සිතන්නට බොහෝ කරුනු කාරණා තිබේ.අපට තොරතුරු ලැබෙන මූලාශ්‍ර හෙළි කිරීම සදාචාර සම්පන්න නොවූවද මේ කැත අශීලාචාර සිදු වීම ශ්‍රී ලාංකික මාධ්‍යවේදීන් ගේ වෘත්තිය භාවය ආරක්ෂා කිරීම සඳහා හෙළි කළ යුතුම තොරතුරකි.

මිල්ටෙරි නන්දසේනගේ කාලයේ ලංකා දවසට තොරතුරක් ලබා දුන් ඒ අශීලාචාර ලීඩර් කාරයා අනාවරණය කෙරුවේ එවකට ටෙලි කොම් ආයතනයේ සභාපති රොහාන් ප්‍රනාන්දු සිය කාර්යාලයේ වාඩි වීම සඳහා ලක්ෂ දහයක් වටිනා පුටුවක් මිලයට ගෙන ඇති බවය.මේ යුගය මෙරට ගෑස් හා විදුලිය  නැතුව පුරවැසියන් මහ මග මිය ගිය කාලයයි.රට තුළ එවැනි ආර්ථික අර්බුදයක් පවතිද්දී තමන්ගේ පස්සා පැත්තේ හුරතලය⁣ට ලක්ෂ දහයක මුදලක් වියදම් කිරීම ඉතා කණගාටුදායක බව අපටද වැටහිනි.තොරතුර දුන් පුද්ගලයා කෙරෙහි විශ්වාසය තබා අප ඒ ප්‍රවෘත්තිය පල කෙරුවෙමු.ඒ ප්‍රවෘත්තිය පල වීමත් සමගම ටෙලිකොම් සභාපති රොහාන් ප්‍රනාන්දු  අප හා සම්බන්ධ වූයේ අපට ඒ තොරතුර ලබා දුන් තැනැත්තාගේ දුරථනයෙනි.එහිදී අපට බැණ වැදුන රොහාන් ප්‍රනාන්දු ටෙලි කොම්  සභාපති ධුරයේ බලතල අයුක්ති සහගත ලෙස භාවිතා කරමින් ටෙලිකොම්  සංඛ්‍යාතයන් තුළ භාවිතයෙන් ලංකා දවස අවහිර කෙරුවේය.ඉන් අනතුරුව එතැන් සිට මේ දක්වාම ටෙලිකොම් සංඛ්‍යාත භාවිතා කරන ග්‍රාහකයන්ට ලංකා දවස පරිශීලනය කළ නොහැකි විය.මෙය කුමන්ත්‍රණයක ප්‍රතිඵළයක් බව අප ලිව්වේ තොරතුරු මූලාශ්‍රය සැපයූ තැනැත්තාම මේ අවහිරයට මුල් වූ බව අපට වැටහෙන නිසාය.රොහාන් ප්‍රනාන්දු  සිය අධිකාරිමය බලය අවභාවිතා කරමින් සිදු කරන ලද මේ හානිකර මැදිහත් වීමෙන් අපට සිදුවූ පාඩුව මිල කල නොහැකි තරමේය.ඒ නිසාම අපට වර්තමානයේදීවත් ගුගල් දැන්වීම් ලබා ගැනීමට අවහිර වී තිබේ.

ජාජබ රජය බලය පත්වීමත් සමගම අපි ජනමාධ්‍ය ඇමතිවරයාව මේ පළිගැනීම සම්බන්ධයෙන් දැනුවත් කෙරුවෙමු.
රජයේ දේශපාලනිකව බලවත් පාර්ශවයන්ද දැනුවත් කරන ලදී.එහෙත් ඒ සියල්ලන්ම නෑසූ කන් ඇත්තන්ය.
වචීපරම උන්දැලාය.ලංකා දවසට අනීතිකව සිදු කර ඇති හානිය ඔවුන් තඹ දොයිතුවකට ගණන් ගත්තේද නැත.ඒ ගැන අප අපටම පව් කියා ගන්නවා ඇරෙන්නට වෙන කරන්නට දෙයක් නැත.
එහෙත් ජාජබ ආණ්ඩුව බලය⁣ට පත් වූ පළමු පැයේදීම ලංකා ඊ නිවුස් වෙත පමුනවා තිබූ මේ හා සමාන දඬුවමක් නිවැරිදි කර දුන් බව අපට මතකය.ඒ කවර ගනුදෙනුවක් නිසාදැයි අපි නොදනිමු.අප⁣ට මෙහිදී ප්‍රශ්ණ කරන්නට ඇත්තේ ලංකා දවස හා ඊ නිවුස් වෙනස් වන්නේ හෝ වෙනසකට පාත්‍ර වන්නේ කෙසේද කියා පමණය.

අප මේ වන විටත් නීතිඥ අචලා සෙනෙවිරත්න සහෝදරිය ගේ උපකාරයෙන් ටෙලි කොම් ආයතනය වෙත එන්තරවාසියක් යවා තිබේ.එහිදී අපට අපට සිදු කර ඇති අනීතික අවහිරය සම්බන්ධයෙන් ටෙලිකොම් වර්තමාන බලධාරීන් දැනුවත් කර තිබේ.ලංකා දවසට යුක්තිය හා සාධාරණය ඉටු කරනු ඇතැයි අපි බලාපොරොත්තුවෙන් සිටිමු.
එහෙත් කණගාටුවට කාරණයක් වන්නේ යුක්තිය හා සාධාරණය ඉල්ලා අපට එන්තරවාසි යැවීමට සිද්ධ වී ඇත්තේ නීතියේ ආධිපත්‍ය පිහිටුවීම සඳහා බලය ලබා ගන්නා ලද සහෝදර ආණ්ඩුවක පාලනය යටතේදී වීමය.      

තවදුරටත් බලධරයන්ට කන්නලව් කරන්නටද අප සූදානම් නැත.අප මේ ජාජබ ආණ්ඩුව පිහිටුවීමට කොන්දේසි විරහිතව සහයෝගය ලබා දුන්නේ අප⁣ වෙත පැවැති ජීවිත අවදානමද නොතකමිනි.ඒ හිලව්වට මේ වැරැද්ද නිවැරිදි කරන ලෙස අප බලධරයන් ගෙන් ඉල්ලා නැත.අප එසේ ඉල්ලන්නේද නැත.
අප ආණ්ඩුවට සිහිපත් කෙරුවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 12 (1)ව්‍යවස්ථාවෙන් පුරවැසියන් භුක්ති විඳින සර්ව සාධාරණත්වයේ අයිතිවාසිකම පිළිබදවය.එහිදී වැඩිදුරටත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 14 වන ව්‍යවස්ථාවේ 1(අ) යට⁣තේ වන භාෂණයේ නිදහසට සහ ප්‍රකාශනය ඇතුළු අදහස් පළ කිරීමෙි නිදහස ගැන සඳහන් ව්‍යවස්ථාපිත වගන්තියද ජාජබ ආණ්ඩුවේ කෙරුමන්ට මතක් කරමු.
අප තවමත් විඳවන්නේ මිල්ටෙරි නන්දසේන ගේ කාලයේ ඔහු⁣ තුළ පැවැති උද්දච්කම හිස තුළ රඳවා ගත් ඔහුගේ හෙංචයියෙකුගේ සාපරාධී කෙරුවාව නිසාය.

අපි අධිකරණයෙන් යුක්තිය ඉල්ලා සිටිමු.


ප්‍රවෘත්ති කර්තෘ
ලංකා දවස

Comments

Popular posts from this blog

අනුරගේ සැබෑ ඇත්ත හා රාජපක්ෂ වරුන්ගේ සැඟවුන ඇත්ත

රාජපක්ෂවරුන් ගොඩ දා ගැනීමට අසූචි ඇඟ පුරා හලාගත් පැන්ෂන්කාර මේජර් ජනරාල් වරයා

කල්පිටිය පොලීසියට නැවතත් ජාවාරම්කාර ඕඅයීසී පත් කරලා