අපි ඔක්කොම යාළුවො "සහෝදරයා"



 පසුගියදා අකුරෙගොඩදී  ඝාතනය කරන ලද නීතිඥවරයාට හා ඔහු⁣ගේ බිරිඳට වෙඩි තබන ලද සැකකරුවෙකු බවට චෝදනා කරමින් හෝමාගම කොට්ඨාශ අපරාධ අං⁣ශයේ ස්ථානාධිපති අමිල ගෝවින්න විසින් අම්බලන්ගොඩ දෙල්දූව ප්‍රදේශයේදී ඊයේ (21) යුද හමුදාවේ හිටපු සෙබළකු අත් අඩංගුවට ගන්නා ලදී.මෙම සැකකරු අලුත්වල අම්පෙගම ප්‍රෙඩ්රිකා වත්තේ පදිංචිකරුවකු වන 46 හැවිරිදි සුනිල් රංජිත් නැමති අයෙකි.


එහෙත් මේ වන විට අනාවරණය වී ඇත්තේ මෙම සැකකරු නීතිඥවරයාගේ ඝාතනයට සම්බන්ධ සැකකරුවකු නොවන බවය.අත් අඩංගුවට ගන්නා ලද තැනැත්තා හොරොයින් පානයට ඇබ්බැහි වූ කම්කරුවෙකි.මේ බව අනාවරණය කර ඇත්තේ විශේෂ කාර්ය බලකායේ බුද්ධි අංශයේ නිළධාරියකු විසින් පවත්වාගෙන යන "උකුසු ඇස" නම් ෆේස් බුක් ගිනුම තුළිනි.එහි සඳහන් වන ආකාරයට සැකකරු අත් අඩංගුවට ගෙන ඇති හෝමාගම අපරාධ කොට්ඨාශයේ ප්‍රධානියා ⁣ජනපති රනිල් වික්‍රමසිංහගේ කාලයේදී සේවය කර ඇත්තේ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශයේය.මේ නිළධාරියා එම අංශයේ සේවය කරමින් සිටින අවදියේදී කොස්ගොඩ සුජී සමග සිදු කරන ලද හෙරොයින් ජාවාරමක් පිළිබඳව තොරතුරු අනාවරණය වීමෙන් පසුව ඉන් ඉවත් කර⁣ තිබේ.නීතිඥවරයා හා ඔහුගේ බිරිඳ ඝාතනයේ සැකකරු ලෙස ඉතා තදබල ලෙස හෙරොයින් පානය කරන තැනැත්තකු මේ නිළධාරියා විසින් අත් අඩංගුවට ගන්නා ලද්දේ කොස්ගොඩ සුජීවගේ අවශ්‍යතාව මත අදාල ඝාතනය යටපත් කිරීම සඳහා බවද උකුසු ඇස චෝදනා කර තිබේ.මේ වන විටත් විශේෂ කාර්ය බලකායේ බුද්ධි අංශය නීතිඥ ඝාතනයේ සැකකරුවන් සොයා සිදු කරන මෙහෙයුම් අවුල් කිරීමේ අපේක්ෂාවෙන් එම කුමන්ත්‍රණකාරී සැලසුම දියත් වූ බවද උකුසු ඇසෙහි වැඩිදුරටත් සඳහන් වේ.

මෙරට පාතාල ක්‍රියාකාරකම් මර්ධනය කිරීමට සැබෑ අවශ්‍යතාවක් ජාජබ ආණ්ඩුවට පවතීද යන්න ගැන සැක මතුවන තොරතුරු රාශියක් බුද්ධි අංශ වෙතින් අප දැනුවත් කර තිබේ.ඒ අතරේ පසුගියදා ඝාතනය කරන ලද කජ්ජා ගේ ඝාතනයට සම්බන්ධ සැකකරුවන් සමග නාමල් රාජපක්ෂ  සම්බන්ධතා පවත්වා ඇති බවටද මේ වන විට රහස් පොලීසිය තොරතුරු අනාවරණය කරගෙන ඇතැයි සඳහන් වේ.එලෙසම ගනේමුල්ල සංජීව ඝාතනය කළ දිනයේ කෙහෙල්බද්දර පද්මේ සමග අවස්ථා කිහිපයකදීම එවකට පොලිස් විශේෂ කාර්ය බලකායේ ප්‍රධානියා ලෙස කටයුතු කළ වරුණ ජයසුන්දර සමග දුරකථන සම්බන්ධතා පවත්වා ඇති බවටද රහස් පොලීසිය හෙළි කර ගෙන ඇති බව දැක්වේ.

එහෙත් නාමල් රජපක්ෂ හා වරුණ ජයසුන්දර අත් අඩංගුවට නොගන්නා ලෙසට ජාජබ ආණ්ඩුවේ ඉතා ඉහළම නායකයකු නියෝග කර ඇතැයිද පැවසේ.මේ නායකයා පිළිබඳව ජනතාව තබා ඇති විශ්වාසය බිඳ  වැටීමට මෙවැනි රහස් සම්බන්ධතාවන් ඉවහල් වනු ඇති බවට පොලීසියේ අභ්‍යන්තරයෙන්ම වාර්තා වේ.
කෙසේවෙතත් ඒ නායකයාට අපට කියන්නට ඇත්තේ හැංගි හැංඟි වෙස් බැන්දාට කවදා හෝ නටන්නට සිද්ධවන්නේ එළිමහනේ බවය.එදිනට "අපි ඔක්කොම යාළුවෝ සහෝදරයා"යන්න ජාජබ ආණ්ඩුවම කකුල් දෙකෙන් අල්ලා පර සක්වල ගැසීමට තරමේ හේතුවක් වන්නට ඉඩ තිබේ.

Comments

Popular posts from this blog

අනුරගේ සැබෑ ඇත්ත හා රාජපක්ෂ වරුන්ගේ සැඟවුන ඇත්ත

රාජපක්ෂවරුන් ගොඩ දා ගැනීමට අසූචි ඇඟ පුරා හලාගත් පැන්ෂන්කාර මේජර් ජනරාල් වරයා

කල්පිටිය පොලීසියට නැවතත් ජාවාරම්කාර ඕඅයීසී පත් කරලා