හිරු පට්ට බොරු කියයි
පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විශ්‍රාමික මේජර් ජනරාල් සලේ අත් අඩංගුවට ගැනීමත් සමග දේශපාලනිකව බොහෝ අයවළුන් කලබලයට පත් වී ඇති බව පෙනෙන්නට තිබේ.ආණ්ඩුවට එරෙහිව මේ වන විට පවතින ගල් අඟුරු වංචාව යටපත් කිරීමේ අපේක්ෂාවෙන් මේජර් ජනරාල් සලේ අත් අඩංගුවට ගන්නා ලදැයි මේ ඇතමුන් චෝදනා කර සිටී.ඒ අතරේ හිරු වාහිනිය මේ අත් අඩංගුවට ගැනීම පිළිබඳව ආණ්ඩුවට එරෙහිව සමාජ මතයක් ගොඩ නගන්නට ඉතා ව්‍යාජ පුවතක් සමාජ ගත කර ඇත.මේ ප්‍රවෘත්තිය තුළින් වාර්තා කරන ලද්දේ
පාස්කු ප්‍රහාරයට සම්බන්ධ නඩුවේ චුදිත ඊබ්‍රාහිම් ගේ අධිකරණය භාරයේ පැවැතිරන් මැණික් ඇතුළු දේපොල නිදහස් කරන ලද බවය.සලේ ඇතුලට යවා සැකකාර ඊබ්‍රාහිම්ට රත්තරන් මුදාහැරීමේ ප්‍රවෘත්තිය අසන ඕනෑම අයෙකුට කෝපයක් හා සැකයක් ඇති වීම සාධාරණය.එම සැකය වඩාත් තහවුරු වන්නේ ඒබ්‍රාහිම් ජනතා විමුක්ති පෙරමුණේ ජාතික ලැයිස්තුව නියෝජනය කළ පුද්ගලයකු නිසාය.එහෙත් මේ ප්‍රවෘත්තිය සම්පූර්ණ අසත්‍ය පුවතක් බව අනාවරණය වේ.සැබවින්ම මෙතෙක් කාලයක් අධිකරණය බරයේ පැවැති මෙම රන් මැනික් ආදී භාණ්ඩ නිදහස් කරන ලද්දේ ඉෆ්ලාල් අහම්ඩ් නම් පුද්ගලයෙකුටය.ඔහු හට මෙතෙක් චෝදනාවක් වත් අධිකරණයට ඉදිරිපත් වී නැත.පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් අධිකරණය භාරයට ගෙන ඇති රත්තරන් මැණික් භාණ්ඩ සමහරක් තමන්ගේ බවත් ඒවා තමන් වෙත නිදහස් කරන ලෙසත් ඉෆ්ලාල් අහමඩි අධිකරණයෙන් ඉල්ලා තිබේ.එම ඉල්ලීම ඔහු අද ඊයේ කළ ඉල්ලීමක් ද නොවේ.ඉෆ්ලාල් අහමඩ් ගේ මෙම ඉල්ලීම සම්බන්ධයෙන් පසුගිය නඩු වාර වලදි විරෝධතාවන් තිබේදැයි විනිසුරු වරයා විසින් සලකා බලා එම භාණ්ඩ ඔහු වෙත නිදහස් කිරීමට අධිකරණය නියෝග කර තිබේ.එහෙත් හිරු වාහිනිය එම සත්‍යය වසන් කරමින් අසත්‍ය ප්‍රවෘත්තියක් වාර්තා කර ඇත්තේ ආණ්ඩුව කෙරෙහි අප්‍රසාදයක් ඇති කිරීමේ අපේක්ෂාවෙන් බව පැහැදිලිය.සන් කරමින් අසත්‍ය ප්‍රවෘත්තියක් වාර්තා කර ඇත්තේ ආණ්ඩුව කෙරෙහි අප්‍රසාදයක් ඇති කිරීමේ අපේක්ෂාවෙන් බව පැහැදිලිය.ඊබ්‍රාහිම් මේ වන විටත් කොළඹ මහාධිකරණයේ විභාග වන පාස්කු නඩුවක සැකකරුවෙක් වන අතර ඔහු වෙනුවෙන් පෙනී සිටින්නේ හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ අත් අඩංගුවට ගත් අවසථාවේ ඇප ගැනීම සඳහා පෙනී සිටි නීතිඥ අනූජ ප්‍රේමරත්නය.ඊබ්‍රාහිම්ට එරෙහිව ත්‍රස්තවාදය වැළක්වීමේ පනතේ 2, 1(අ) 3(අ)5(අ)වගන්ති හා දණ්ඩ නීති සංග්‍රහයේ 32 වන වගන්තිය යටතේ නඩු පවරා ඇති අතර එම නඩුවේ අංකය HC 3071/21 වේඊබ්රාහිම් මේ වන විටත් කොළඹ මහාධිකරණයේ විභාග වන පාස්කු නඩුවක සැකකරුවෙක් වන අතර ඔහු වෙනුවෙන් පෙනී සිටින්නේ හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ අත් අඩංගුවට ගත් අවසථාවේ ඇප ගැනීම සඳහා පෙනී සිටි නීතිඥ අනූජ ප්‍රේමරත්නය.ඊබ්‍රාහිම්ට එරෙහිව ත්‍රස්තවාදය වැළක්වීමේ පනතේ 2, 1(අ) 3(අ)5(අ)වගන්ති හා දණ්ඩ නීති සංග්‍රහයේ 32 වන වගන්තිය යටතේ නඩු පවරා ඇති අතර එම නඩුවේ අංකය HC 3071/21 වේ.


Comments
Post a Comment