දකුණේ පාතාලය හමුදා මූලස්ථාන බල ප්‍රදේශයේදී වැඩ පෙන්වයි.ලැජ්ජයි හලෝ



 තලංගම අකුරෙගොඩ සුපිරි වෙළඳ සලක් ඉදිරිපිටදී අද (13) ඇල්පිටිය ප්‍රදේශයේ නීතිඥ වරයකුට හා ඔහුගේ බිරිඳට වෙඩි තබා ඝාතනය කර තිබේ.


නන්නාඳුන වෙඩික්කරුවන් දෙදෙනෙකු මේ ඝාතනය සඳහා පැමිණ ඇති බව වාර්තා වේ.බුද්ධික මල්ලවආරච්චි නම් මෙම නීතිඥවරයා කරන්දෙණිය සුද්දා නමි පාතාල ක්‍රියාකාරිකයාගේ නඩු වලට පෙනී සිට නීතිඥවරයා බවද මෑත කාලයේ අහුංගල්ලේ ලොකු පැටී වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටි බවත් අනාවරණය වේ.ලොකු පැටී හා කරන්දෙණිය සුද්දා අතර පවතින ගැටුම නිසා මේ නීතිඥ වරයා ඝාතනය කරන ලදැයි සැකයක් මතු වේ.එසේම මීට පෙර ලොකු පැටී සමග  සම්බන්ධකම් පවත්වන ලදැයි අම්බලන්ගොඩදී සිංගර් කෝසල නැමැත්තාද කරණ්දෙණිය සුද්දා විසින් ඝාතනය කරන ලදී.කරන්දෙණිය සුද්දා නැමැති පාතාල ක්‍රියාකාරිකයා මේ වන විට කොස්ගොඩ සුජී නැමති අපරාධ කරු සමග සම්බන්ධවී මෙරට මත් ද්‍රව්‍ය ජාවාරමේ නිරත වන බවට බුද්ධි අංශ වලට තොරතුරු ලැබී ඇත.කොස්ගොඩ සුජී විසින් මත් ද්‍රව්‍ය ජාවාරමෙන් උපයා ගෙන ඇති ආදායම යොදවා ඔහුගේ ඥාතීන් හා මිත්‍රයන්ගේ නම් වලින් මිලට ගෙන ඇති දේපොළ හා ඒවා පිහිටි ප්‍රදේශ  පිළිබඳව හමුදා බුද්ධි සේවාව මගින් රහස්‍ය තොරතුරු ⁣වාර්තා සපයා ඇති නමුත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මුදල් විශුද්ධිකරණ ඒකකය ඒ ගැන අවධානය නොදැක්වීම විමතියට කාරණයක් බව බුද්ධි අංශ වලින් දැන ගැන්මට තිබේ.අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හා විශේෂ කාර්ය බලකාය පවා කොස්ගොඩ සුජීව ගේ පාර්ශවය සිඳු කරන මත් ද්‍රව්‍ය ජාවාරම හා අපරාධ සම්බන්ධව අවධානය නොදක්වන බවද තොරතුරු ⁣ලැබෙමින් පවතී.               

අකුරෙගොඩ  ශ්‍රී ලංකාවේ යුද හමුදා මූලස්ථානය පිහිටි ප්‍රදේශයයි.පාතාල ක්‍රියා කාරිකයන් කිසිදු බියක් හැකක් නොමැතිව මෙවැනි ප්‍රදේශයකදී පවා මිනිස් ඝාතනයන් කිරීම බරපතල ලෙස අවදානයට ගත යුතු සිඳුවීමකි. කොස්ගොඩ සුජීට හා කරන්දෙණිය සුද්දා වෙත ආරක්ෂක අංශ වලින් ලැබෙන සහයෝගය නිසා මෙවැනි ප්‍රබල ආරක්ෂික ප්‍රදේශයකදී වුවද කිසිදු සැකයක් නැතුව මිනිස් ඝාතනයන් කිරීමට පෙළඹී ඇති බවට අනාවරණය වේ.

කෙසේ වෙතත් මෙරට ආරක්ෂක අමාත්‍යවරයා ලෙස ජනපතිවරයාගේ අවධානය මේ සම්බන්ධයෙන් වහා යොමු විය යුතු බව බුද්ධි සේවා වල පහල  ⁣නිළධාරීන්ගේ අදහස වී තිබේ.කොස්ගොඩ සුජී ගේ ක්‍රියාකාරකම් පිළිබඳව ඉහළට යොමු කරන ⁣බුද්ධි තොරතුරු වාර්තා පවා යම් යම් ඡ්‍යෙෂ්ඨයන් විසින් වසන් කරන බවටද සැකයක් පහල වී තිබීම එයට හේතුවයි.

Comments

Popular posts from this blog

අනුරගේ සැබෑ ඇත්ත හා රාජපක්ෂ වරුන්ගේ සැඟවුන ඇත්ත

රාජපක්ෂවරුන් ගොඩ දා ගැනීමට අසූචි ඇඟ පුරා හලාගත් පැන්ෂන්කාර මේජර් ජනරාල් වරයා

කල්පිටිය පොලීසියට නැවතත් ජාවාරම්කාර ඕඅයීසී පත් කරලා