චන්දන කත්‍රීආරච්චි අත් අඩංගුවට ගැනීම දේශපාලන ගේමක්
කැස්බෑව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දන කත්‍රීආරච්චි පොලීසිය මගින් පසුගියදා අත් අඩංගුවට ගන්නා ලද බව වාර්තා විය.ඔහු සන්තකයේ තිබී ගිනි අවි පතොරම් සහ ජීව අත් බෝම්බයක් පොලීසිය විසින් සොයා ගත් බවද එහිදී වැඩිදුරටත් වාර්තා කෙරිණි.
පිලියන්දල සමූපකාර චන්දයක් පැවැති අවස්ථාවේ පුද්ගලයෙකුට වෙඩි තබා ඝාතනය කිරීමේ චෝදනාවකට චන්දන කත්‍රීආරච්චි අත් අහිටවූ සිර දඬුවම් පවා ලැබූ තැනැත්තෙකි.මෙම මිනීමැරුම් නඩුව පානදුර මහාධිකරණයේ විභාගයට අවස්ථාවෙි ජූරි සභිකයන්ට කළ මරණීය තර්ජන හේතුවෙන් එම ජූරි සභිකයන් අවස්ථා දෙකකදී නඩුවෙන් ඉවත්වූ බවටද සඳහන්ය .ඉන් අනතුරුව මේ නඩුව විභාග කර ඇත්තේ කොළඹ මහාධිකරණයේය.විත්තිකාර චන්දන කත්‍රීආරච්චි වෙනුවෙන් පෙනී සිටියේ උපුල් කුමාරප්පෙරුමය.එම නඩුවේදී චන්දන කත්‍රීආරච්චි හට ලබා දුන් දඬුවම පිළිබඳව ඒ දිනවල සමාජය තුළ කතා බහට ලක් වූ අතර ඔහුට එහිදී අත් හිටවූ සිර දඬුවම් ලබා දෙන ලද්දේ පැවැති ආණ්ඩුවේ මැදිහත් වීම නිසා බවටද චෝදනා නැගිණි.
එවකට කැස්බෑව ආසනය නියෝජනය කළ එක්සත් ජාතික පක්ෂයේ ගාමිණි ලොකුගේ ගේ දේශපාලන මැරකම් වලට එරෙහිව නැගී සිටියේ චන්දන කත්‍රීආරච්චිය.පසුකාලීනව ගාමිණි ලොකුගේද චන්දන කත්‍රීආරච්චි ගේ දේශපාලනය සමග අත්වැල් බැඳ ගත්තේය.එහෙත් එහිදී කැස්බෑව ආසනයෙ රජපක්ෂවරුන්ගේ දේශපාලනය තුළ ගාමිණි ලොකුගේ තරුවක් බවට පත් වූයේ චන්දන කත්‍රීආරච්චිගේ දේශපාලනය යටපත් කර දමමිනි.
කැස්බෑව ආසනයේ නැවත දේශපාලන හිඩැසක් මතු වූයේ ගාමිණි ලොකුගේ ගේ මරණයෙන් පසුවය.එහිදී නාමල් රාජපක්ෂගේ දේශපාලනය සමග සම්බන්ධතා පැවැත්වූයේ කැස්බෑව හිටපු නගරාධිපති සුමන රණවීරය.ඔහු නීතිය හා සාමය අමාත්‍යංශයේ අමාත්‍ය උපදේශක හිටපු නියෝජ්‍ය පොලිස්පති රණවීරගේ සහෝදරයාය.කැස්බෑව ආසනයේ සුමන රණවීරගේ ඉදිරි දේශපාලනයට බාධාවක් විය හැකිව තිබුණේ චන්දන කත්‍රීආරච්චිය.සුමන රණවීර ගේ දේශපාලනය පැවතියේ චන්දන කත්‍රීආරච්චිගේ පාදඩ මැරකම් වලට වඩා ගව් ගණාවක් පිටුපසය.
මෙහිදී සිය සහෝදරයා ගේ ඉදිරි දේශපාලන බාධක ඉවත් කිරීම සඳහා ඇමති උපදේශක අයියා මැදිහත් වන්නේය.ඒ චන්දන කත්‍රීආරච්චි සන්තකයේ ගිනි අවි ඇති බවට පොලීසියට රහසේ දන්වමිනි.සිය අමාත්‍යංශ උපදේශකයා දැන්වූ තොරතුරක් අහක දමන්නට පොලීසියට
නොහැකිය.එය තොරතුරකටත් වඩා එහා ගිය නියෝගයකි.
කෙසේ වෙතත් ඒ අත් අඩංගුවට ගැනීම ජාතික ජන බලවේගය ආණ්ඩුවේ නීතිය හා සාමය ආරක්ෂා කිරීමේ මැදිහත්වීම් වලට එකඟ රාජකාරියකි.කිසිවෙකුටත් ඒ ගැන ප්‍රශ්ණ කරන්නටද නොහැකිය. ආණ්ඩුවේ පාක්ෂිකයන්ට එම අත් අඩංගුවට ගැනීම මාරය.
එලෙසම චන්දන කත්‍රීආරච්චි හදිසියේ අත් අඩංගුවට ගත්තේ සිය උපදේශක උන්නැහේගේ සැළසුමක් මත බව මහජන ආරක්ෂක අමාත්‍යංශයේ ඇමති ඩබල විශ්වාස නොකරන බවද අපි දනිමු.එසේ සිතන්නට තරමේ පරිනත දේශපාලනික අත් දැකීම් මේ මොනිටසෝරි ඩබලට ඇත්තේද නැත.චන්දන කත්‍රීආරච්චි හදිසියේම අත් අඩංගුවට ගැනීමේ අල ගිය මුල ගිය තැන් නිවැරිදිව සොයා ගත්තේ නම් තමන් සමීපයේ ඉන්නා උපදේශකයාගේ කෙරුවාව හොඳ හැටි තේරුම් ගන්නට පුළුවන.ජාජබ ආණ්ඩුවට කෙල වන්නේ වර්තමානයේ මාලිමාවේ විශ්‍රාමික හමුදා හා පොලිස් සංසද වල කෙරුම්කාරයන් වී සිටින මෙවැන්නන් ගෙනි.මේ අයවළුන් ගෙන් බොහෝ අයවළුන් සක්‍රීය සේවයේදී පට්ට දූෂිතයන් ලෙස රාජපක්ෂවරුන් හා එක්ව ගේම් ගැසූ අය වේ.මහජන ආරක්ෂක අමාත්‍යංශයේ උපදේශක උන්නැහේද රාජපක්ෂ වරුන්ගේ සූදු පිට්යේ සූදු කෙළිය හොඳ සූදු කප්පිත්තෙකි.ඒත් දැන් මේ උන්දෑ පොලිස්පතිවරයා සමග එක්ව ගෙන යන තක්කඩි ක්‍රියාකාරකම් වල රහ ජාජබ ආණ්ඩුවට දැනෙනු ඇත්තේ තව අවුරුදු දෙක තුනක් ගෙවී ගිය පසුවය.

Comments
Post a Comment