ඇමතිනී ඩයනා සැකකාරියක් කරනවාද නැද්ද යන තීන්දුව ලබන මාසයේ 6 වන දා
.png)
ආගමන විගමන නීති උල්ලංඝනය කරමින් විදේශ ගමන් බලපත්‍රයක් සකස් කරන ලදැයි චෝදනා කර රාජ්‍ය ඇමතිණී ඩයනා ගමගේට එරෙහිව පවරා ඇති නඩුවට අදාලව ඇය සැකකාරියක ලෙස නම් කරන්නේද නැද්ද යන්න ගැන නියෝගය ලබන මස 6වන දාට ලබා දීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් අද (23)තීරණය කරන ලදී. මහේස්ත්‍රාත්වරයා විසින් මෙම නියෝගය නිකුත් කිරීමට පෙර ඇගේ පුරවැසි බව පිළිබඳව විමසන ප්‍රශ්න කිහිපයක් ආගමන විගමන දෙපාර්තමේන්තුවේ පාලක වරයාට හා පුද්ගලයන් ලියා පදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ වරයාට යොමුකර ඊට අදාල වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරන ලෙසද අපරාධ දෙපාර්තමේන්තුවට නියෝග කෙරිණි. රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේ සිඳු කර ඇත්තේ සංඥය වරදක් බවට මෙතෙක් සිදු කර ඇති විමර්ශන වලින් තහවුරු වන බැවින් ඇය මෙම නඩුවේ සැකකාරියක් බවට පත් කරන ලෙසට අගතියට පත් පාර්ශවය වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටි ජනාධිපති නීතිඥ රියන්සි අර්සකුලරත්න අධිකරණයෙන් කළ ඉල්ලීම සළකා බැලූ මහේස්ත්‍රාත්වරයා ඉහත නියෝගය නිකුත් කළේය.