Posts

වැබ පොලිස්පති දේශබන්දු පුරවැසියෙකුගේ මූලික අයිතිවාසිකම් කඩ කර ඇති බවට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කරයි.

Image
   පුද්ගලයෙකුගේ මූලික අයිතිවාසිකම් කඩ කිරීමේ වරදට වරදකරුවන්වූ වැඩ බලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ඇතුළු පොලිස් නිළධාරීන් තිදෙනෙකුට ස්වකීය මුදලින් රුපියල් ලක්ෂ 20ක වන්දියක් ගෙවන ලෙස ශ්‍රේෂ්‍ඨාධිකරණය අද නියෝග  කළේය. මීට අමතරව වැඩ බලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ඇතුළු සිද්ධියට සම්බන්ධ සියළු පොලිස් නිළධාරීන්ට එරෙහිව විනය පියවර ගන්නා ලෙසටද ශ්‍රේෂ්ඨාධිකරණය වැඩිදුරටත් ජාතික පොලිස් කොමිසමට හා නීතිපතිවරයාට නියෝග කරන ලදී. වර්ෂ 2011 දී තමන් නීති විරෝධී ලෙස අත්අඩංගුවට ගෙන මිරිහාන පොලිස් ස්ථානයේ රඳවා තබා ගනිමින් මේ වන විට වැඩ බලන පොලිස්පති වශයෙන් කටයුතු කරන දේශබන්දු තෙන්නකෝන් අධීක්ෂණය යටතේ පොලිස් නිළධාරීන් සිවු දෙදෙනෙකු තමන්ට වද හිංසා පැමිණ වූ බවත් ඉන් තමන්ගේ මූලික මිනිස් අයිතිවාසිකම් කඩ වූ බවත් කියමින් මෙම පෙත්සම ගොනු කර තිබුණේ ඩබ්ලිව්.රංජිත් සුමංගල නම් හමුදා සෙබලෙකි.ඉහත වග උත්තරකාර නිළධාරීන් පෙත්සම්කරු නීති විරෝධීව අත් අඩංගුවට ගෙන රඳවා තබා ගෙන වද හිංසා පැමිණවීමෙන් ඔහුගේ මූලික අයිතිවාසිකම් කඩ කර ඇති බවද අද ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කළේය.මෙම සිද්ධියට සම්බන්ධ වූ පුද්ගලික ප...

කුරුණෑගල හිටපු නගරාධිපති වැලිකඩට දක්කයි

Image
  පුරාවස්තු ආඥා පනත යටතේ ගැසට් කරන ලද පුරා විද්‍යා රක්ෂිත ස්මාරකයක් වූ 13 වන සියවසට අයත් කුරුණෑගල රාජ සභා මණ්ඩපයේ කොටසක් ඩෝසර් කර  විනාශ කිරීමේ සිද්ධියට වරද පිළිගත් කුරුණෑගල හිටපු  නගරාධිපති තුෂාර සංජීව විතාරණ ඇතුළු පස්දෙනෙකුට වසර තුන බැගින් බරපතල වැඩ සහිත සිර දඬුවම් නියම කිරීමට කුරුණෑගල පලාත්බද මහාධිකරණය නියෝග කෙරුවේය. එම නඩුව අද (14)කුරුණෑගල පලාත්බද මහාධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේදී මෙසේ දඬුවම් නියම කරන ලද්දේ කුරුණෑගල මහ නගරසභාවෙි හිටපු නගරාධිපති තුෂාර සම්පත්,එහි හිටපු  නාගරික කොමසාරිස් ප්‍රදීප් තිලකරත්න,එහි හිටපු නාගරික ඉංජිනේරු චමිත් බණ්ඩාර ,වැඩ අධිකාරී අයි.සුල්තිකාර්,බැකෝ යන්ත්‍ර ක්‍රියාකරු වන ලක්ෂ්මන් ප්‍රියන්ත යන විත්තිකරුවන්ටය. මෙම සිර දඬුවම⁣ට අමතරව රජයට රුපියල් එක් කෝටි තිස් හය ලක්ෂයක වන්දි මුදලක් සහ එක් අයෙකුට රුපියල් පනස්දහස බැගින් වූ දඩ මුදල්ද නියම කෙරිණි. කුරුණෑගල නගර මාධ්‍යයේ පිහිටි දෙවැනි බුවනෙක භාහු රජුගේ රාජ සභා මණ්ඩපය හෙවත් මගුල් මඩුවේ කොටසක් කුරුණෑගල නගර සභාව මගින් ඩෝසර් කර විනාශ කරනු ලැබුවේ පසුගිය 2020 වර්ෂයේ ජුලි 14 වනදාය. මේ සම්බන...

පොදුජන පෙරමුණේ හයිය පෙන්වන සම්මේලනය ජනතාවගේ විහිළුවට ලක් වෙලා

Image
   පොදුජන පෙරමුණේ මහා සම්මේලනය දෙසැම්බර් 15 වන දා කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගනයේදී පැවැත්වීමට නියමිතය.මෙම සම්මේලනය මෙරට වර්තමාන සමාජ දේශපාලනයේ ඉතා වැදගත් කියවීමක් වන බව නිසැකය. මේ වන විටත් දිවයිනේ බොහෝ ස්ථාන වල මෙම සම්මේලනය පිළිබඳව ජනතාව දැනුවත් කිරීම සඳහා පොදු ජන පෙරමුණේ ධජ පතාක  බැනර් හා පෝස්ටර් ප්‍රදර්ශනය කරමින් තිබෙන බව දැක ගත හැකිය.එම ප්‍රදර්ශනාත්මක පූවරු පිළිබඳව ඇතැම් කණ්ඩායම් උපහාසාත්මකව ප්‍රතිචාර දක්වා ඇති බවද වාර්තා වේ.එම කොඩි කණු වල තන කොල මිටි බැඳ ඇති ඡායාරූපයක්ද අන්තර්ජාලයේ දකින්නට තිබේ.මුහුණු පොත පුරාද මෙම සම්මේලනය උපහාසයට ලක් කරමින් බොහෝ පෝස්ටු හා ඡායාරූප පල වෙමින් පවතී.  ⁣පොදු ජන පෙරමුණේ මෙම සම්මේලනයට පක්ෂය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 40 කට ආසන්න සංඛ්‍යාවක් සහභාගි නොවන බවට ආරංචි පැතිර යමින් තිබේ.මේ කණ්ඩායම ජනපති රනිල් වික්‍රමසිංහට දේශපාලනිකව සහයෝගය දැක්වීමට තීරණය කර ඇති පිරිස වේ. පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් ලන්සා ගේ ප්‍රධානත්වයෙන් සංවිධානය වී ඇති මේ කණ්ඩායමද අභිනව වර්ෂයේ ජනවාරි මාසයේ එම සංධානයේ සමාරම්භක  සමුළුව පැවැත්වී...

විශ්‍රාමික හමුදා මේජර් ජනරාල්වරයකු ගේ හෘද සාක්ෂිය

Image
  හිතවත් අජිත් ධර්මපාල වෙතය; මා ශ්‍රී ලංකා යුද හමුදාවේ විශ්‍රාමික මේජර් ජනරාල් වරයෙකි.තරුණ විය මව්බිම වෙනුවෙන් යුද්ධයට කැප කළ ගෞරවාන්විත අතීතයක් මා හට තිබේ.එහෙත් ඒ අතීතය තුළ තවමත් නෙතට කඳුළු මතුවන සිහිපත් කිරීම් බොහෝය.යුද්ධයේ කුරිරු හා ඛේදජනක අත් දැකීම් අමතක කළ නොහැකි තරමට මා සිත රිදවයි.එහිදී මා සමග සිට යුද්ධයේදී ජීව්තය මග හැරණ මගේ සහෝදර නිළධාරීන් මාගේ අණදීම් යටතේ සිටියදී සටන් පෙරමුණේ  සිට ජීවිතය පූජා කළ වීර සෙබළුන් මගේ සිත තුළ තවම හුස්ම ගනිමින් සිටී.එහෙත් එය මට දරාගන්නට බැරි තරමේ කම්පනයක් ඇති කරවන්නක් බව කිව යුතුය. සටන් පෙරමු⁣ණේදී වෙඩි වැදුන ඇතැම් වීර සෙබළුන් මා ඉදිරිපිටදී ජීවිතයේ හුස්ම අත හැරියේ සර් අම්මාට මං මැරුණ කියල කියන්න එපා කියමිනි.තවත් සෙබළකු සර් මගේ  සාක්කුවෙ තියෙන පර්ස් එකේ මැණිකෙයි දරුවගෙයි පොටෝ එකක් ඇති ඒක අරගෙන පෙන්වන්නයැයි ඉල්ලූ හැටිත් ඒ සමගම ඔහු නැවත ඇස් හැර නොබැලූ සැටිත් මා මතකය තුළ   තවමත් විඳවන අත්දැකීම්ය. තව බොහෝ දෙනෙකු තරුණ වියේදීම අත් පා ඇස් අහිමි කර ගන්නා ලද්දේය.ඒ පමණක් නොවේ.හමුදාවට ඒමට පෙර ලෙන්ගතුව වැළඳගෙන සිටි ප්‍රේමයද ඔවු...

ජාවාරම්කාර තක්කඩියන් පොදු දේපොළ වෙන්දේසියේ දමා අාතල් ගනිමින් සිටී

Image
  මේ වන විට රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණ ඒකකය විසින් ප්‍රතිව්‍යගතකරණය යුතු රාජ්‍ය ව්‍යවසායන් 130ක් හඳුනාගෙන ඇති බවත් ඉන් 15 ක් ඈවර කර වසා දැමිය හැකි බවටත් රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිව්‍යුගතකරණ කිරීමේ ඒකකයේ අධ්‍යක්ෂ ජනරාල් සුරේෂ් ෂා සිළුමිණ පුවත්පතට ප්‍රකාශ කර තිබේ.ඒ අතරේම සෙසු ආයතන 115 න් 85 කටම රාජ්‍ය මැදිහත්වීම අවශ්‍ය නැති බව පෙනී යන යන නිසා එම ආයතනද ප්‍රතිව්‍යුහගත කිරීමට නියමිත බවද ඔහු එහි වැඩිදුරටත් පවසා ඇත. සුරේෂ් ෂා අධ්‍යක්ෂ ජනරාල් වරයා වශයෙන් කටයුතු කරන මෙම ඒකකය පිහිටුවීම සදහා රජය වෙන්කළ මුදල මිලියන 200කි.මෙම ආයතනය විසින් ගන්නා තීන්දු තීරණ කිසිදු විනිවිද භාවයකින් තොර බව ⁣මේ වන විටත් චෝදනා නැගෙමින් පවතී. සුරේෂ් ෂා යනු මෙරට තක්කඩි ජාවාරම්කරුවෙකි.මොහු ලයන් බෲවරිි  සමාගමේ හා කාර්සන් කුම්බර්චිචි සමාගමේද අධ්‍යක්ෂ වරයකු ලෙස කටයුතු කරමින් සිටී.කාර්සන්   කුම්බර්ච් සමාගම⁣ට අනුබද්ධ සමාගමක් වන බුකිට් ඩරා සමාගම සමගත් මොහු සම්බන්ධ වී සිට ඇත. මහා බැඳුම්කර වංචාවට ⁣සුරේෂ් ෂා අධ්‍යක්ෂ වරයකු ලෙස කටයුතු කරන කාර්සන් හා කුම්බැච් සමාගමත් ඒ හා අනුබද්ධිත බුකිට් ඩාරා සමාගමත් ...

ඇමති විජේදාසගේ කුහක බණ ජාතියටම කරුමයකි

Image
  පසුගිය දෙසැම්බර් 02වනදා පාර්ලිමේන්තුවේදී කාවින්ද ජයවර්ධන මන්ත්‍රීවරයා පාස්කු ඉරු දින ප්‍රහාරය පිළිබඳව අදහස් දක්වන ලද්දේ අධිකරණ අමාත්‍යංශයේ වැය ශීර්ෂය විවාදයට ගත් විටදීය.මේ අවස්ථාවේ අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ ඊට ප්‍රතිචාර දැක්වූයේ එම තොරතුරු දැනගෙන වසන් කිරීම අපරාධ වරදක් බැවින් එම තොරතුරු පොලීසියට ලබා දෙන ලෙසය.එහිදී කාවින්ද ජයවර්ධන මන්ත්‍රීවරයා ප්‍රකාශ කෙරුවේ තමන් විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද්දේ කාදිනල් මැල්කම් රංජිත් ඇතුළු රදගුරුවරුන්ද ප්‍රකට නීතිඥයන්ද අත්සන් කර ජනපතිවරයාට යැවූ ලිපියක තොරතුරු බවත් එම කරුනු පාස්කු ඉරු දින ප්‍රහාරය ගැන පත් කළ ජනපති කොමිෂන් සභා වාර්තාවේ ඇති බවත්ය. කාවින්ද ජයවර්ධන මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුවේදී අනාවරණය කරන ලද කරුණු මේ වන විටත් සමාජයේ ප්‍රශ්ණ කරමින් පවතින ඒවාය.ඒ අතර දෙහිවල ට්‍රොපිකල් ඉන් හෝටලයේ බෝම්බය පුපරවා ගත් ජමීල්ගේ ගෙදරට ගිය බුද්ධි අංශ සාමාජිකයන් ප්‍රශ්ණ කිරීම හමුදා බුද්ධි අංශයේ බ්‍රිගේඩියර් චූලා කොඩිතුවක්කු විසින් වැලැක්වීම,මාතලේ පොඩි සහරාන් සමග සම්බන්ධකම් පැවැත්වූ සොනික් සොනික් යැයි හැඳින්වූ රාජ්‍ය බුද්ධි අංශයේ බණ්ඩාර ...

අළුත්ම නාට්‍යය මිහින්තලයේදී වේදිකා ගත වේ

Image
    අළුත්ම නාට්‍යය වන "මිහින්තලේ ජංජාලේ" දැන් මිහින්තලයේදීී වේදිකා ගත කර  තිබේ.මේ නාට්‍යයේ මිහින්තලයේ විහාරාධිපති හිමියන් චොප්පෙට ඇඳ සිටී.රාජ්‍ය ආරක්ෂක ඇමති ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් පිටියට බැස ඇත්තේ මේ සාදු චොප්පේට එරෙහිවය.දැන් සටන ඇරඹී ඇත්තේ දතට දත ඇහැට ඇහැ ලෙයට ලෙය සීන් එකෙන්ය. රාජ්‍ය ආරක්ෂක ඇමැත්තා සිතා  සිටින්නේ ආරක්ෂක හමුදාව උගේ අම්මාගේ අප්පාගේ බූදලයක් විදියටය. මිහින්තලේ හාමුදුරු උන්නැහේ හිතන්නේ තමන් මාරම සයිස් එකේ කෙරුමෙක් බවය.දෙන්නාම වරද්දාගෙන තියෙන්නේ ඔන්න ඔය හීනි ආතල් එක නිසාය. ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් කියන්නේ දඹුල්ලේ ජනක බණ්ඩාර තෙන්න කෝන්ගේ පුත්‍රයාය.ඒ දවස්වල මෛත්‍රීපාල සිරිසේනගේ අඹ යාළුවාය.ඒත් සිරිසේන ජනපතිවරණයට තරග කරන්නට එලියට ආ දවසේම අඹ යාළු කම කුණු බක්කියට දැමූ ජනක බණ්ඩාර රාජපක්ෂ සාටකයට වසන් විය.දැන් කරපු කියපු දෑ වල විපාක විඳිමින් සිටින ජනක බණ්ඩාරට උගුරේ පිලිකාවකි. යුද්ධය පැවැති දිනවල නාවුක හමුදා බස් රථවලට දඹුල්ලේ දිගන්පතන හන්දියේදී මරාගෙන මැරෙන ප්‍රහාරයක් එල්ල විය.ඒ මරාගෙන මැරෙන ප්‍රහාරය සම්බන්ධයෙන් සිදු කළ පොලිස් පරීක්ෂණයේදීී අනාවරණය ...