Posts

ජනපති අනුරගේ අඹ යාළු මාධ්‍යවෙිදියාගේ හිතේ වැලපිල්ල

Image
  උවිඳු කුරුකුලසූරිය  අනුර කුමාර  දිසානායක ජනපති කරන්න වෙනුවෙන් මරාගෙන මැරෙන සයිස් එකේ මාධ්‍ය මෙහෙයුමක් ගෙන ගිය බ්‍රිතාන්‍යයේ ජීවත්වෙන මාධ්‍යවේදියෙක්.ඒත් අද (10) ඔහු එයාගෙ මුහුණු පොතේ දාල තියෙන පෝස්⁣ටුව  අනුර කුමාර දිසානායක ඇතුළු ජාතික ජන බලවේගය ආණ්ඩුවෙ නොදන්නා දේශපාලනය ගැන ඉඟියක් වගේ.ඔහු එහි ලියා ඇති අදහසේ සැඟවිලා තියෙන්නෙ මේ ආණ්ඩුවට කිසිම සංවේදී බවක් නැති බවයි.ඔහු එහෙම ලියල තියෙන්නෙ ක්ලීන් ශ්‍රී ලංකා කාර්ය සාධක බලකායෙ පත්කිරීම් ගැනයි.මේ පත්කිරීම් නියෝජනය තුළ මුසල්මානුවන්ට දෙමළ අයට කාන්තාවන්ට ඉඩක් දී නැති බව උවිඳු සදහන් කර තිබෙනවා.ඔහු ⁣දැකල තියෙන්නෙ ආණ්ඩුවෙ මේ දුර්වල බව විතරයි.ඒත් ගෑනු පිරිමි මල් පලතුරු වලට වඩා මේ ආණ්ඩුව කෙරුවාව දැන් ආණ්ඩුවෙ කක්කුස්සිය වගේ තමා.මිනිසුන්ට රෙන්නත් ඕන ඒත් කක්කුස්සියට යන්නත් බැරි සයිස් එකක් තියෙන්නෙ.නොදනිමි කාගෙ දොසා උවිඳු    මහත්තයො

ජාජබ ආණ්ඩුව කුරෝළු වෙමින් තිබේ

Image
  ජාතාක ජන බලවේගය ආණ්ඩුව ජනතාව අතර ඉතා සීඝ්‍රයෙන් අප්‍රසාදයට පත් වෙමින් තිබේ.මහ පොළොවේ සැබෑ සත්‍යය ජාතික ජන බලවේගයේ කෙරුමකාරයන් මායිම් නොකරන බවද පෙ⁣නීයයි.පවත්වන ලද පාර්ලිමේන්තු සභා වාරයන් තුළදී  දැක ගත හැකි වූයේ  අංකුරයන් හා කටපාඩම් කාරයන් අතර සංවාදයන්ය.කටපාඩමි කාරයන්ගේ කිරිකෝඩු හැසිරීමට වඩා අංකුරයන් ඉන්නේ ගව් ගාණක් දුරිනි.වංගෙඩිය මිරිස්ගල වැනි බර බර වචන අමුණමින් කතා පැවැත්වූවාට ඒවා දේශපාලනික නොවන බව කට පාඩම් කාරයන්ට වැටහීමක් නැත.අංකුරයන් දේශපාලනය අට පත එක පතට හින්දා බී ඇඟට පත්තියන් කර ගත් එවුන්ය.මේ දේශපාලන අංකුරයන් ඉන්නේ පාර්ලිමේන්තුවේ විපක්ෂයේය.කට පාඩම් කාරයන් රෑන ආණ්ඩුවේය.ආණ්ඩුවේ ආචාර්ය මහචාර්ය හා පෙරකදොරුවන්ට බදුල්ලේ තඩි චාමර සමග හැරෙන්නටවත් බැරි වී ඇත්තේ මේ නිසාය. අඩුම ගානේ විපක්ෂයේ දේශපාලන අංකුරයන් කියන්නේ මොනවාදැයි හරි හැටි තේරුමි ගන්නට කට පාඩම් කාරයන් සූදානම් නැති බව පසුගිය පාර්ලිමේන්තු සභා රැස්වීම් වලදී මොනවට ප්‍රදර්ශණය    කෙරිණි.ඒ කට පාඩම් කාරයන්ට ඇති කිරිපණු ගාය හා මහන්තත්කම නිසාය.ඒත් මහ පො⁣ළවේ දේශපාලනය දන්නේ අංකුරයන්ය.මේ අංකුරයන් ජාතික ජන බලවේගය ආ...

මාලිමාවේ කයිවාරුව රෙද්ද පල්ලෙන් බේරේ

Image
  අප ජාතික ජන බලවේගය බලයට පත්    කරවීම සඳහා දැරූ වෙහෙස මහන්සිය දන්නේ අපේ ඇඟිලි තුඩුය.එදවස අපගේ වීරයන් වූයේ ජාතික ජන බලවේගයේ නායකයන්ය.ඔවුන් දේශපාලන වේදිකා තුළ ළවචනයෙන් නිර්මාණය කළ විනය ගරුක අදූෂිත මව් බිමක් පිළිබඳව අප සිහින මැව්වෙමු.රාජපක්ෂ  වික්‍රමසිංහ හා සජිත් කල්ලි අපට වහ කදුරු විය.අප ඔවුන් ගේ කෙරුවාව ඉතා   සාහසික ආකාරයෙන් විවේචනය කෙරුවෙමු. අපගේ විවේචනය තුළ ජාතික ජන බලවේගයට මඳ පමනින් හෝ ශක්තියක් ලැබුණ බවට අපට කිසිම සැකයක් නැත.බොහෝ අවස්ථා වලදී සජිත් ප්‍රේමදාස අප හා සම්බන්ධ වෙමින් අප ගෙන් ඉල්ලා සිටියේ දේශපාලනිකව සමගි ජන බලවේගය වෙත සහයෝගය දක්වන ලෙසය.එහෙත් අප මිත්‍රශීලීව ඒ ඉල්ලීම ප්‍රතික්ෂේප කෙරුවෙමු.අප දිගින් දිගටම කොන්දේසි විරහිතව ජාතික ජන බලවේගයේ ජයග්‍රහණය වෙනුවෙන් පෙනී සිටියෙමු.ඒ පෙනී සිටීම හුදෙක් පෞද්ගලික ඕනෑ එපාකම් ඉටු කර ගැනීම පිණිස නොවේ.අපට අවශ්‍ය වුයේ මව්බිම නිවැරිදි දේශපාලන දිශානතියකට හැරෙනු දැක්මය.ඒ සඳහා ජාතික ජන බලවේගයේ නායකයන් ශක්තිය හා ධෛර්ය ඇතැයි අපි සිතුවෙමු. ජාතික ජන බලවේගය බලයට පත් වී මේ වන විට දින 100 ඉක්මවා ගොසිනි.කන්න හාල් පොල් නැති බවට ජ...

නීතිපති කාර්යාලය තිගැස්සෙයි

Image
       ජනපති අනුර කුමාර සහෝදරයා නීතිපති වරයා ගෙන්වා පසුගිය දිනක කළ සාකච්ඡාව පිළිබඳව මෙරට දේශපාලන ක්ෂේත්‍රයේ දූෂිතයන් හට බරපතල තිගැස්මක් ඇති වී තිබේ.මේ වන විට මෙම දූෂිතයන් ජනපති අනුර කුමාර දිසානායක සහෝදරයා නීතිපතිවරයාට තර්ජනය කළ බව ප්‍රකාශ කරමින් ජනතාව නොමග යවමින් සිටී. නීතිපති වරයා හා ජනපතිවරයා අතර පැවැති සාකච්ඡාව රහස් සාකච්ඡාවක් නොවූ අතර ඒ සම්බන්ධයෙන් ජනපති මාධ්‍ය අංශය නිවේදනයක් පවා නිකුත් කරන ලදී.⁣එම සාකච්ඡාව පිළිබදව අදහස් දක්වන ලද ජනාධිපති නීතිඥ  මෛත්‍රී ගුණරත්න ප්‍රකාශ කර ඇත්තේ ජනපති වරයා විසින් දේශපාලනිකව විරුද්ධ පාර්ශවයන්ට එරෙහිව අධිකරණ ක්‍රියා මාර්ග ගැනීම සදහා නීතිපති වරයා හට බලපෑම් කර ඇති බවය. ජනාධිපති මෛත්‍රී ගුණරත්න ගේ මේ ප්‍රකාශය නීතිපති කාර්යාලයේ සේවයේ නිරත ජාතික ජන බලවේග ආණ්ඩුවට එරෙහිව සිටින කණ්ඩායමකගේ පෙළඹවීම මත සිදු කර ලද්දක් බව මේ වන විට හෙළිවී තිබේ.ජනපතිවරයා විසින් පසුගිය ආණ්ඩු කාලයේ සිදු වූ විවිධ  අපරාධ හා මූල්‍ය දූෂණයන් පිළබඳව ඉක්මන් අධිකරණ ක්‍රියා මාර්ග ගැනීමට යාම පිළිබඳව නීතිපති කාර්යා⁣ලයේ දූෂිතයන් හටද කම්පනයක් ඇති වී තිබීම එයට...

රනිල් සර් රනිල් වේ

Image
  ශ්‍රී ලාංකිකයකු වූ රනිල් ජයවර්ධනට මහා බ්‍රිතාන්‍යයේ චාලස් රජතුමා විසින් නයිට් පදවිය පිරිනමා ඇති බව වාර්තා වෙනවා. බ්‍රිතාන්‍ය පුරවැසියකුද වන ඔහු මින් ඉදිරියට සර් රනිල් ජයවර්ධන යනුවෙන් හැඳින්වෙනු ඇති. කොන්සර්වටිව් පක්ෂය නියෝජනය කරමින් ඇමතිවරයකු මෙන්ම මන්ත්‍රීවරයකු ලෙසද කටයුතු කර ඇති රනිල් ජයවර්ධන බ්‍රිතාන්‍යය සමාජය වෙනුවෙන් ඉටු කර ඇති මෙහෙවර වෙනුවෙන් චාල්ස් රජතුමා විසින් මෙලෙස නයි⁣⁣ටි පදවිය පිරිනමා තිබෙනවා.

අලි හොරාට මාරුවක්

Image
  කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තිළිණ ගමගේ අධිකරණ සේවා කොමිසම මගින් මොරටුව දිසා විනිසුරු ලෙස මාරු කර යවා ඇති බව වාර්තා වෙනවා.කොටුව දිසා විනිසුරුවරිය ලෙස කටයුතු කරන ලද තනුජා ලක්මාලි කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය ලෙස පත් කිරීමටද අධීකරණ සේවා කොමිසම කටයුතු කර තිබෙනවා.⁣ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා ලෙස කටයුතු කරන ලද තිළිණ ගමගේ ගේ  සහෝදරයා අල්ලස් ගැනීමේ සිද්ධියකට අත් අඩංගුවට ගැනීමේ සිද්ධිය ඔහුගේ හදිසි ස්ථාන මාරුවට හේතුව වන්නට ඇති බව සැක කළ හැකියි. සිය සහෝදරයාගේ අල්ලස් ගැනීම සම්බන්ධයෙන් පවරා ඇති නඩුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ විභාග කිරීමට නොගෙන වෙනත් අධිකරණයක විනිශ්චය කරන ලෙසට ඉල්ලා තිලිණ ගමගේ පසුගියදා  ලිඛිතව අධිකරණ සේවා කොමිෂමෙන් ඉල්ලා තිබුණා.හිටපු අගමැති දිනේෂ් ගුණවර්ධන ගේ සමීපතමයකු ලෙස සක්‍රීය දේශපාලනයේ   නිරතව සිටි තිලිණ ගමගේ අධිකරණ ක්ෂේත්‍රයේ විනිසුරුවරයකු ලෙස පත් වීම පවා ප්‍රශ්ණ සහගතයි.රාජපක්ෂ පවුල සමගද දැඩි මිත්‍ර සම්බන්ධතාවක් පවත්වා ගෙන ගිය මොහු විනිසුරුවරයකු වීමට පෙර නාගරික සංවර්ධන අධිකාරියේ සභාපතිවරයා ලෙසද කටයුතු කෙරුවා.ඉන් අනතුරුව විනිසුරුවරයකු වී⁣මෙ...

ඊශ්‍රායල් ශ්‍රී ලංකා තානාපති නින්දෙන් අවදිවෙලා

Image
  විදේශීය රැකියා ජාවාරමකට සම්බන්ධව දැනට බන්ධනාගාර ගත කර සිටින හිටපු අමාත්‍ය මනූෂ නානායක්කාරගේ ⁣සහෝදරයා බව පැවසෙන තිසර ඉරෝෂණ නානායක්කාර නැමැත්තා පිළිබඳව ඊශ්‍රාලයේ ශ්‍රී ලංකා තානාපති නිමල් බණ්ඩාර සිය ෆේස් බුක් ගිණුමේ සටහනක් ලියා තිබේ.  ⁣විදේශ රජයකින් නොමිලයේ ලැබෙන රැකියා අවස්තාවන් සඳහා තිසර නිරෝෂණ නානායක්කාර නැමැත්තා විසින් වංචනිකව මුදලට ලබා දීම සම්බන්ධ⁣යෙන් තොරතුරු තිබේ නම් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දන්වන ලෙස ඔහු එම සටහනේ සඳහන් කර  ඇත.එසේම මෙම වංචාවට සම්බන්ධ නිළධාරීන් පිළිබඳව තොරතුරු දන්නේ නම් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දන්වන ලෙසද  ඉන් ඉල්ලා සිටින ඔහු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ දුරකථන අංකයද එහි සඳහන් කර තිබේ. තානාපතිවරයාගේ මෙම ෆේස්බුක් සටහන සම්බන්ධයෙන් කරුණු දක්වන බොහෝ දෙනා පවසන්නේ තානාපතිවරයා හදිසියේ නින්දෙන් අවදිවී පොලිස්පති වරයාගේ රාජකාරියට අත ගසා ඇති බව හා දීර්ඝ කාලයක් තිස්සේ හිටපු ඇමති මනූෂ නානායක්කාරගේ සහෝදරයා  විසින් සිඳු කළ මේ මිනිස් ජාවාරම පිළිබඳව ඔහු නොදැන සිටීම කිසිසේත්ම විය නොහැකි කාරණයක් බවය.⁣ කෙසේ වෙතත් හිටපු අමාත්‍ය මනූෂ නානායක්කාරගේ...