Posts

තඹුත්තේගම ස්ටේෂම ගාව පළවෙනි සිග්නල් කණුව ළඟ ලියු අයවැය මරු

Image
  මෙවර අයවැය ලේඛනය 2023 වසරේ මෙන්ම 2024 වසරේදී රජයේ සමස්ත වියදම අඩුකර ගැනීමට හැකි වී තිබේ. 2023 වසරේ රජයේ සමස්ත වියදම රුපියල් බිලියන 10674කි.2024 වර්ෂයේ එය බිලියන 11750කි. ජනපති අනුර සහෝදරයා ඉදිරිපත් කළ අය වැය ලේඛනයේ රජයේ සමස්ත වියදම රුපියල් බිලියන 8835 ක් දක්වා අඩු කර ගෙන තිබේ. මෙහිදී අවධානයට ගත සුවිශේෂී කාරණයක් වන්නේ ජනපති වරයාගේ වැය ශීර්ෂයයි.මෙහිදී ජනපති අනුර දිසානායක සහෝදරයා වෙනුවෙන් වෙන් කර ගෙන ඇත්තේ රුපියල් බිලියන 2.9කි. මෙතෙක් කාලයක් මෙරට සිටි ජනපතිවරුන් ජනතාවගේ බදු මුදල් වැය කරමින් විඳි සුඛොපභෝගී ජීවිතය අවසන් කිරීමට ජනපති අනුර කුමාර සහෝදරයා තීරණය කර තිබීමම ජනතාව ලබා ගත් විශිෂ්ට ජයග්‍රහණයකි. 2023 වර්ෂයේදී හිටපු ජනපති ගෝඨාභය රාජපක්ෂ ජනපති වැය ශීර්ෂයට වෙන් කරන ලද මුදල මිලියන 2732 ක් වූ අතර වැඩ බලන ජනපකිවරයා වූ රනිල් වික්‍රමසිංහ එම වැය ශීර්ෂය ඒ වර්ෂයේදීම මිලියන 5631 දක්වා වූ දෙගුනයකටත් වැඩි ගුණාකාරයකින් ඉහළ දමා ගැණිනි.2024 වර්ෂයේදී එය රුපියල් මිලියන 6607ක් දක්වා වැඩි කර ගත් අතර ඉන් අනතුරුව රුපියල් මිලියන 15360 ක් ඉහළ දමා ගන්නා ලදී. මේ වන විට අය වැය අයිඑම්එෆ් අයවැයක් බවට විරුද...

මාලිමා ආන්ඩුවේ කෙරුවාව යන්නෙ කෙහෙද මල්ලෙ පොල් වාගේය

Image
  නීතිපතිවරයා විසින් මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග ගේ ඝාතනය හා සම්බන්ධව පැවැති පොලිස් පරීක්ෂණ වල සාක්ෂි වසන් කිරීම පිළිබඳව ගල්කිස්ස අධිකරණයේ නඩු පවරා තිබූ සැකකරුවන් තිදෙනා නිදහස් කිරීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලිඛිතව නියෝග කිරීම සමාජයේ බරපතල කතා බහකට ලක්වූ ආන්දෝලනාත්මක සිද්ධියක් විය.අනතුරුව ඒ අනීතික සිදුවීම ජාත්‍යන්තරයේ පවා අවධානයට ලක් වූ පෙනෙන්ට තිබුණි.නීතිපතිවරයාගේ මේ අනීතික මැදිහත්වීමට එරෙහිව ජනමාධ්‍යවේදීන් අළුත්කඩේ නීතිපති කාර්යාලය ඉදිරිපිට විරෝධතාවක්ද සංවිධානය කෙරිණි.මේ සියල්ල අවසානයේ නීතිපතිවරයා තමන් විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට යවන ලද ලිපිය ආපසු හකුලා ගත්තේය. ⁣එහෙත් නීතිපතිවරයාට එරෙහිව සමාජය සිදු කළ ප්‍රශ්ණ කිරීම් තවමත් දෝංකාර දෙමින් පවතී.නීතිපති ධුරය මෙරට ව්‍යවස්ථාවටත් වඩා අධිකාරී බලයක් හිමි කර ගත් රාජ්‍ය නිළධාරියෙක් බව නීතිපතිවරයා ගේ පාර්ශවය සිතා සිටින බව පෙනී යයි.ඒ නීතිපති ධුරය විසින් ඉටු කරන ලද රාජකාරිමය පූර්වාදර්ශයන් ගැන සිහිපත් කරමිනි.ජේ.ආර්.ජයවර්ධන ගේ බල අධිකාරිය යටතේ වැටුප් ලබන මෙහෙකරුවෙක් බවට පත් කර ගන්නා ලද නීතිපතිවරයා මහින්ද රාජපක්ෂ ගේ පාලනයේදී වහලෙක්...

බිමල් ගේ කෙළී සියොළඟ දූලි ගාලා කෙරුවාව

Image
  පාර්ලිමේන්තු භෝජනාගාරයේ ආහාර පානාදිය සඳහා පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව විසින් වැඩි කළ මිල ගණන් අය කිරීම පෙබරවාරි 05 වන දින සිට ක්‍රියාත්මක කළ බව වාර්තා වේ. මෙහිදී දෛනික ආහාර වේලක මිල රුපියල් 2000 දක්වා වැඩි කෙරිණි. සභානායක බිමල් රත්නායක මෙදින සිය ෆේස් බුක් පිටුවේ  තමන් පාර්ලිමේන්තු භෝජනාගාරයෙන් ලබා ගත් ආහාර සදහා ගෙවන ලද මුදල සඳහා නිකුත් කළ බිල් පත් එල්ලා තිබුණේ "කිව්වා, කලා " යනුවෙන් සටහනක්ද තබමිනි.(කරන ලද බව ලිවීම කළ යුතු නම් "කළා"යනුවෙන් නිවැරිදි විය යුතුය.බිමල් ලියා ඇති ආකරයට ඉන් කියවෙන්නේ "කලාව" ගැනය) සිංහලයන් කතා බස් කරන විට බොහෝ අවස්ථාවලදී ක්‍රියා පද දෙකක සංයෝගයෙන් අදහස් ප්‍රකාශ කිරීමේ රුසියන්ය.බිමල් රත්නායක උජාරුවෙන් ලියා තමන්ගේ කෙරුවාව පවසා තිබුණේද ඒ විදියටමය.අපිත් කන බොන මිනිස්සු යැයි බිමල් රත්නායක ඇඟවූවා දැයි අපි නොදනිමු.එසේත් නැතිනම් පාර්ලිමේන්තුවේ ආහාර පාන වල බිල වැඩි වීම තමන්ට ප්‍රශ්ණයක් නොවන බව පෙන්වීමටද විය හැකිය.බිමල් රත්නායකගේ ඒ ෆේස් බුක් සටහන මොනිටසෝරි දරුවෙකුගේ හපන්කමක් විදියට ගලපා ඇතැමුන් සිතන්නට ඉඩ හැකියාව පවතී. ඒ ⁣ප්‍රකාශනය...

කිරිකෝඩු මාලිමා ආණ්ඩුවේ කෙරුවාව ජනතාවට තිත්ත වෙලා

Image
  සන්ඩේ ලීඩර් කර්තෘ මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංඟ ඝාතනයේ සාක්ෂි වසන් කිරීම සම්බන්ධයෙන් ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු පවරා තිබු මිල්ටෙරි බුද්ධි අංශ සාමාජිකයාත්, පොලීසියේ නිළධාරීන් දෙදෙනාත් නිදහස් කර මුදා හැරීමට කටයුතු කරන ලෙසට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නීතිපති වරයා කළ බලපෑම  බොහෝ දෙනෙකුගේ අවධානයට ලක් වී තිබේ.මේ වන විටත් නීතිපතිවරයාගේ  එම බලහත්කාරී හා අයුක්ති සහගත විධානයට එරෙහිව මෙරට මාධ්‍යවේදී සමූහයන් නීතිපති කාර්යාලය ඉදිරිපිට විරෝධතාවක් පැවැත්වීමටද සැළසුම් කර තිබේ.කෙසේ වෙතත් අද දින ප්‍රවෘත්ති දෙපාර්තමේන්තු වේ පැවැති රාජ්‍ය මාධ්‍ය හමුවේදී ආණ්ඩුවේ මාධ්‍ය ප්‍රකාශක වරයා වූ අමාත්‍ය නලින්ද ජයතිස්සගෙන් මාධ්‍යවේදීන් නීතිපතිවරයාගේ මැදිහත් වීම පිළිබඳව ප්‍රශ්න කෙරිණි.කට කොනකට සිනාවක් නගා ගත් මාධ්‍ය ප්‍රකාශක වරයා ඒ ප්‍රශ්ණයට පිළිතුරු දුන්නේ තඹ දොයිතුවකට එය ගණන් නොගන්නා ආකාරයේ සැහැල්ලු විදියටය.ඔහු එහිදී පැවසුවේ ආණ්ඩුව තවමත් නීතිපතිවරයාගේ එම මැදිහත් වීම ගැන අධ්‍යයනය කරමින් සිටින බවත් නීතිපතිවරයා ඉවත් කිරීමේ⁣ අදහසක් ආණ්ඩුවට නැති බවත්ය.සමාජය පුරා මෙි වන විට බරපතල ආන්දෝලනයක⁣ට ල...

නීතිපතිගේ නඩු අස් කිරිල්ල ගජරාමෙට

Image
  ජාතික ජන බලවේගය ආණ්ඩුු⁣වෙි නීතිපති පාරින්ද රණසිංහගේ තවත් හපන්කමක් අද වාර්තා වූයේ මෙරට සමාජය බරපතල ආකාරයට කම්නය කරවමිනි.නීතිපති පාරින්ද රණසිංහ ගල්කිස්ස මහේස්ත්‍රාත් වරයාට ලිඛිතව නියෝග කර ඇත්තේ ලසන්ත ඝාතනයේ සාක්ෂි වසන් කිරීමට චෝදනා ලැබු විත්තිකරුවන් තිදෙනා නිදහස් කරන ලෙසටය.යුද හමුදාවේ සාජන් මේජර් උදලාගම ,පොප සුගතපාල හා නියෝජ්‍ය පොලිස්පති ප්‍රසන්න නානායක්කාර මෙම නඩුවේ විත්තිකරුවන් ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් නම් කර තිබුණි. නීතිපතිවරයා මේ විත්තිකරුවන් නිදහස් කිරීමට නියෝග කර තිබූ ලිඛිත නියෝගය මාධ්‍යයේ පල වූයේ නිදහස් දවසේය. නීතිපති පාරින්ද රණසිංහ අපරාධ නඩු වලට සම්බන්ධ රාජ්‍ය යාන්ත්‍රණයේ හමුදා හා පොලිස් නිළධාරීන් නිදහස් කිරීමට නමෝ විත්තියෙන් වැඩ ඇරඹුවේ බලපිටිය මහේස්ත්‍රාත් අධිකරණයෙනි.ඒ බලපිටිය මහේස්ත්‍රාත් අධිකරණය විසින් මනුෂ්‍ය ඝාතනයක් සම්බන්ධයෙන් චෝදනා ලැබූ විශේෂ කාර්ය බලකායේ පොලිස් පරීක්ෂක කොළඹ ගේ නිදහස් කරමිනි.මෙම⁣ පොලිස් පරීක්ෂක වරයා එම නඩුවෙන් නිදහස් කිරීමට නීතිපති වරයා සිදු කරන ලද නියෝගයට එරෙහිව ජාතික ජන බලවේගය ආණ්ඩුව මෙරට බලයට පත් කිරීම සදහා කැප වූ විවිධ ක්ෂේත්‍රයන...

මනූෂගේ ගෝලයන් මරා ගනී

Image
  හිනිදුම පනංගල නවාතැන් පොළක පසුගියදා සිදු වූ තිපුද්ගල ඝාතනය සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය මනූෂ නානායක්කාරගේ සම්බන්ධීකරණ ලේකම් වරයකු ලෙස කටයුතු කරන ලද ප්‍රියන්ත ජයතිලක නැමැත්තා පොලිස් අත් අඩංගුවට ගන්නා ලද බව වාර්තා වේ. මෙම වෙඩි තැබීමෙන් මිය ගිය අතර සිටි එම අවන්හලේ අයිතිකරු වූ පී.ඩබ්.ඩී.ඉඳුනිල් සමන් කුමාරද හිටපු අමාත්‍ය මනූෂ නානායක්කාරගේ සමීපතමයෙකි. වෙඩි තැබීමෙන් මිය ගිය අවන්හලේ හිමිකරු හා අත් අඩංගුවට පත් වූ ජයතිලක නැමැත්තා මනූෂ නානායක්කාර ඇමති ධුරයේ කටයුතු කරන කාලයේදී ⁣⁣ඊශ්‍රායලයේ රැකියා සඳහා යැවීමට බොහෝ තරුණයන්ගෙන් මුදල් ගෙන ඇති බව මේ වන විට අනාවරණය වී තිබේ. එම සිද්ධියේදී මිය ගිය බටපොල නාමල් උයනේ පදිංචි එච්.එම්.නෙවිල් හා හිනිදුම නැවතියමුල්ල චතුරංග කුමාර බටගොඩ  යන දෙදෙනාද ඊශ්‍රායලයේ රැකියා අවස්ථාවක් ලබා ගැනීම  සදහා ලක්ෂ විසි පහකට ආසන්න  මුදලක් මේ වන විට අත් අඩංගුවට පත් වූ ප්‍රියන්ත ජයතිලක නැමැත්තාට ලබා දී ඇති අතර එම මුදල ඔහුට ලබා දීම සඳහා සම්බන්ධීකරණය කර ඇත්තේ ඝාතනය වූ අවන්හලේ හිමිකරු බව පැවසේ.කෙසේ වෙතත් ඝාතනය කෙරුණ දෙදෙනා හට ඔවුන් වෙතින් ලබා ගත් මුදල් ආපසු ලබා දීම⁣⁣ට එම...

රාජපක්ෂ පවුලේ සත් දවසේ පිරිත් පින්කම පොලීසිය මුලා කිරීමක්

Image
  හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ නිල නිවසේ පසුගියදා පැවැති සත් දවසේ පිරිත් පිරිත් පින්කම පොලීසිය නොමග යැවීම සඳහා සංවිධානය කරන ලද්දක් බව අනාවරණය වේ.පසුගිය සතියේදී අපරාධ පරීක්ෂණ දෙපාර්මේන්තුව මගින් රාජපක්ෂ පවුලේ බලවන්තියක අත් අඩංගුවට ගැනීමට සැළසුම් කර තිබී ඇත.ඒ බරපතල මුල්‍යමය අපරාධයක් සම්බන්ධයෙනි. එම අත් අඩංගුවට ගැනීම පිළිබඳව රාජපක්ෂ පවුලට දැන ගැනීමත් සමගම පොදු ජන පෙරමුණේ නායකයන් හා සාකච්ඡා කර දින හතක රාත්‍රී පිරිත් පින් පින්කම සංවිධානය කර ඇති බව පැවසේ.පිරිත් පින්කම අතරේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් සැකකාරිය අත් අඩංඟුවට ගැනීමක් කරන ලද්දේ නම් චීවරධාරීන් පිරිසක් ආණ්ඩුවට එයට එරෙහිව විරෝධතාවක් පැවැත්වීමටද සැළසුම් කර තිබුණ බවද දැන ගැන්මට තිබේ.තමන්ට එරෙහිව නීතිමය ක්‍රියා මාර්ග ගැනීම වලක්වා ගැනීම සදහා රාජපක්ෂවරුන් ආගම අව භාවිතා කර ඇති බව මින් අනාවරණය වේ.