හිටපු පොලිස්පති හොර අරක්කු ජාවාරම් කාරයෙක්ද

අධිකරණ නියෝගයකින් පොලිස්පති ධුරයේ කටයුතු අත් හිටවූ දේශබන්දු තෙන්නකෝන් පදිංචිව සිටි අතුරුගිරිය හෝකන්දර නැගෙනහිර පිහිටි නිවස අද (18) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිළධාරීන් විසින් පරීක්ෂා කරන ලද බව වාර්තා වේ.එහිදී එම නිවසේ තිබී දේශබන්දු තෙන්නකෝන් ගේ නිල පිස්තෝලය හා විදේශීය මත්පැන් බෝතල් දාහකට අධික සංඛ්‍යාවක් හමුවූ බව දැන ගැන්මට තිබේ.නිල පිස්තෝලය නිවසේ තිබීම නිසා දේශබන්දු තෙන්නකෝන් රහසේ විදේශ ගත වී ඇතැයි යන සැකයද මතුවේ. මේ වන විට එම නිවසේ තිබී සොයාගන්නා ලද මත්පැන් තොගය පොලීසිය ලැයිස්තුකර ගත කරමින් සිටින බව පැවසේ.පොලිස් ආරංචි මාර්ග වලින් වැඩිදුරටත් අනාවරණය වන පරිදි හිටපු පොලිස්පති වරයා නීතිවිරෝධී ආකාරයෙන් විදේශීය මත්පැන් අලෙවි කිරීමේ ජාවාරමක නිරත වී සිටි බවට සැකයක් ඇති වී තිබෙි.හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ ආණ්ඩුව යටතේ ක්‍රියාත්මක කළ යුක්තියේ මෙහෙයුම මගින් නීති විරෝධීව විදේශීය මත්පැන් බෝතල් ජාවාරම් කළ බොහෝ දෙනෙකු පොලීසිය මගින් අත් අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ බව පසුගිය කාලයේ ජනමාධ්‍ය මගින් වාර්තා කෙරිණි.එහෙත් යුක්තියේ මෙහෙයුමට අණදුන් පොලිස්පතිවරයාගේ නිවසේ නීතිවිරෝධීව...