Posts

කොස්ගොඩ සුජී ගේ ගෝලයන් රොත්තක් සාජා පොලීසිය අැරස්ට් කරයි

Image
  එක්සත් එමීර් රාජ්‍යයේ සාජා පොලීසිය මගින් ශ්‍රී ලංකාවේ පාතාල සාමාජිකයන් හතරදෙනෙකු අත් අඩංගුවට ගත් බව වාර්තා විය.එම පාතාල සාමාජියන් හතර දෙනා ලංකාවේ සිඳු වූ සාහසික මිනිස් ඝාතන වලට සංවිධානාත්මක අපරාධ වලට සම්බන්ධ වූවන් වේ.මේ වන විටත් මෙරට සිඳු කරන හොරොයින් ජාවාරම  එක්සත් එමීර් රාජ්‍යයේ සිට මෙහෙයවනේද මෙම පාතාල සාමාජිකයන් බව අනාවරණය වී තිබෙි. එලෙස අත් අඩංගුවට ගත් අයවළුන් මෙසේය. 1.එම්.ඩී .හර්ෂ ගුණතිලක  මොහුට එරෙහිව හෙරොයින් ළඟ තබා ගැනීම ගැන ගාල්ල මහාධිකරණයේ නඩුවක් විභාග වන අතර බෙලි අත්ත අධිවේගී මාර්ග පිවිසුම අසලදෟ රෝයල් බීච් සමන් ඇතුළු පස් දෙනෙකු ඝාතනය කිරීමේ අපරාධයට හවුල් වූ අයෙකි. 2.දසුන් මානවඩු මොහු අම්බලන්ගොඩ යසරත්න නම් මිනිස් ඝාතකයාගේ ගෝලයෙකි.යසරත්න අම්බලන්⁣ගොඩ ප්‍රදේශයේ මිනිස් ඝාතන නවයකට ආසන්න සංඛ්‍යාවක් සිදු කෙරුවද ඒ කිසිවකුට පොලීසියේ අත් අඩංගුවට පත් නොවු අයෙකි.එහෙත් අම්බලන්ගොඩ නගරයේදී ඔහු ඝාතනය කෙරිණි.තම කණ්ඩායම් නායක යසරත්න මරා දමන ලද්දේ  අම්බලන්ගොඩ ප්‍රසිද්ධ ව්‍යපාරික සහ ගාල්ල ක්‍රිකට් සංඟමයේ   සභාපති ප්‍රේමසිරි හැළඹගේ ගේ කොන්ත්‍රාතුවකට බවට සැක කර දසු...

රනිල් ගේ බ්‍රිතාන්‍යය සංචාරය පෞද්ගලික ගමනක් බව විශ්වවිද්‍යාලය කියයි

Image
  හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ ජනපති ධුරය දරණ කාලයේ සිය බිරිඳගේ උපාධි ප්‍රදානෝත්සවය සඳහා බ්‍රිතාන්‍යයේ වොල්වර්හැම්ප්ටන් විශ්ව විද්‍යාලයට ගිය සංචාරය පිළිබඳව පසුගිය දිනවල මෙරට සමාජය තුළ කතාබහක් නිර්මාණය වූයේ මහජන මුදල් අවභාවිතාව සම්බන්ධයෙන් ඔහුට එරෙහිව අධිකරණ ක්‍රියා මාර්ග වලට එළඹීමෙන් පසුවය. එහිදී හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ නීතිඥයන් අධිකරණය ඉදිරියේ ප්‍රකාශ කරන ලද්දේ ඔහු ගේ එම සංචාරය නිල සංචාරයක් බවටය.රනිල් වික්‍රමසිංහ වෙනුවෙන් පෙනී සිටි බොහෝ අයවළුන්ද එම සංචාරය නිල සංචාරයක් බවට අදහස් ප්‍රකාශ කළ අතරම ඔහුට එරෙහිව අධිකරණ ක්‍රියා මාර්ග ගැනීම ජාජබ ආණ්ඩුව කළ දේශපාලන පළි ගැනීමක් බවටද අවධාරණය කෙරිණි. එහෙත් ඒ සියල්ලන් ⁣ගෙන ආ තර්ක කුඩු පට්ට්ම් කර දැමීමට සිවිල් සමාජ ක්‍රියාකාරී ඕෂල හේරත් සමත්වී  තිබේ. ඒ ඔහු බ්‍ර්තාන්‍ය තොරතුරු පනත උපයෝගි කර ගනිමින් වොල්වර්හැම්ප්ටන් විශ්ව විද්‍යාලය වෙතින් ලබා ගෙන ⁣ඇති තොරතුරු නිසාය ඕෂල හේරත් බ්‍රිතාන්‍යයේ 2000 අංක දරන තොරතුරු දැනගැනීමේ නිදහස පිළිබඳ පනත (FOIA)යටතේ ඉදිරිපත් කරන ලද අයදුම්පත්‍රයට එම විශ්ව විද්‍යාලයේ තොරතුරු නිළධාරිණී සෝපි එසන් (sophi...

අනේ පව් චූටි ගෑනු ළමයා දෙයියනේ

Image
  ඇමරිකාව හා ඉරාණය අතර යුද්දය ඇරඹීමත් සමගම  රට ඉන්ධන හිඟයක් ඇති වෙනු ඇතැයි මහජනයා ඉන්ධන පිරවුම් අසල පෝලිම් ගැසෙන්නට විය. හොරණ ඉන්ධන පිරහුම් හලක් සමීපයේ ඉන්ධන ලබා ගැනීමට පෝලිමක සි⁣ටි ගැහැණු දැරියක හිරු හා හොරණ Goosip නම් මාධ්‍ය ආයතන වලට ලබා දෙන ලද "වොයිස් කටයක්" සමාජ මාධ්‍ය තුළ  පියාඹන්නට ගත්තේ ආණ්ඩුවට  එරෙහිවූවන්ට අපූරු උත්තේජනයක් ලබා දෙමිනි. ඇය එහිදී මෙසේ පැවසුවාය.දිනය  2026.04.01 දාය. "...අපි හිතුවෙ නෑ අනුර මේම රවට්ටයි කියලා.දැන් තෙල් ගහන්න යද්දි 95 විතරයි තියෙන්නෙ.ගොඩාක් වෙලා ඉඳන් මේම ඉන්නවා.මං කවදාවත් හිතවෙ නෑ මගේ පළවෙනි ඡන්දෙ දුන්න අනුර අපට මේම කරයි කියලා.ගොඩාක් වෙනසක් බලාපොරොත්තු වුනා කිව්ව කතා වල හැටියට.ඇත්තටම මේ විදියට වෙයි කියලා හිතුවෙම නෑ.යුරෝපයෙ ෆීලින් එකක් දෙන තරමට තමයි අනුර කතා කෙරුවෙ.ඒත් දැන් අන්ත තත්වයට පත් වෙලා. එහෙත් ආණ්ඩුවට එරෙහි වූවන් ඒ දැරියගේ දැරියගේ වොයිස් කටයෙන් ගත් වින්දනය ක්ෂණයෙන් සුනු විසුණු වී ගියේය. ඒ එම දැරියම හොරණ GOOSIP නම් මාධ්‍ය ආයතනයට 2025 අප්‍රේල් මාසයේ 01 වෙනිදා දුන් වොයිස් කටයක් නිසාය. ඇය එහි මෙසේ පවසන්නීය. "...යුද්දයක් නිම ක...

නීතිපති ඇමතිවරුන් කිහිප දෙනෙකුගේ අමුඩයත් ගලවලා

Image
පොළොන්නරුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරාළ සහ ඔහුගේ ආරක්ෂක නිළධාරියා 2022 වසරේදී ඝාතනය කිරීම සම්බන්ධව ගම්පහ මහාධිකරණයේ පැවැති නඩු විභාගයෙන් අනතුරුව පසුගිය පෙබරවාරි 12 දින ලබා දෙන ලද තීන්දුවට අනුව චුදිතයන් 12 දෙනෙකුට මරණ දඩුවම හිමි වුන අතර තවත් චුදිතයන් හතර දෙනෙකුට වසර පහකට අත් හිටවූ දඩුවම් ලබා දෙන ලදී. මහාධිකරණ විනිසුරු සහන් මාපා බණ්ඩාර ගේ සභාපතිත්වයෙන් යුතු වූ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලකින් මෙම නඩුව විභාග කළ අතර රශ්ම් සිංගප්පුලි හා රශන්ත එගොඩගේ යන මහාධිකරණ ව්නිසුරු වරුන් අනෙකුත් සාමාජික විනිසුරුවරුන් විය.මෙම නඩුවේ තීන්දුව ලබා දෙන ලද්දේ බෙදුනු තීන්දුවක් ලෙසටය.එහිදී සභාපති විනිසුරු වරයාගේ තීන්දුවේ සඳහන් වී තිබුණේ නඩුවේ සියළු චුදිතයන් නිදොස් කර නිදහස් කරන බවය. එහෙත් ත්‍රිපුද්ගල  මහාධිකරණයේ අනෙකුත් සාමාජික විනිසුරු වරුන් දෙදෙනා තීන්දු කළ පරිදි චුදිතයන් 12 දෙනෙකුට මරණීය දණ්ඩනය නියම විය. එම තීන්දුව අනුව නිදහස් කෙරුණ චුදිතයන් ගණන 25 දෙනෙකි. එලෙස නිදහස් කළ විත්තිකරුවන් ගේ ඥාතීන් සමග අමාත්‍ය හර්ෂණ නානායක්කාර ,අමාත්‍ය සුනිල් වටගල , නියෝජ්‍ය අමාත්‍ය එරංඟ ගුණසේකර, නීතිඥ ...

සිද්ධාලේප වදකයෙක් එ්ඇස්පී වෙලා

Image
  පොලිස් පරීක්ෂක වරයකුව සිට සහකාර පොලිස් අධිකාරී ධුරයට උසස්වූ පොලිස් පරීක්ෂක භාතිය ජයසිංහ සිය ෆේස් බුක් ගිනුමේ සටහනක් යොදමින් මෙසේ ලියා ඇත්තේය. "සහකාර පොලිස් අධිකාරී ධුරයට උසස්වීම පොලිස් පරීක්ෂක වරයෙකුගේ හීනයක්.ඒ වගේම අභියෝගයක්.අනේක විධ අභියෝග මැද මම අද 2025 මාර්තු මස 23 වන දින සිට බලපැවැත්වෙන පරිදි සහකාර  පොලිස් අධිකාරී ධුරයට උසස් වීම් ලැබීමි " සහකාර පොලිස් අධිකාරී ධුරයට උසස් වූ භාතිය ජයසිංහ කවුරුන්ද යන්න පොලිස්පති වරයාට අමතක වී ඇතත් අපට නම් අමතක නැත.අත් අඩංගුවට ගත් සැකකරුවකුගේ ⁣ලිංගේන්ද්‍රියේ සිද්ධාලේප තවරා කුරිරු වද හිංසා පැමිණවීම සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ට එරෙහිව  පැවරුණ නඩුවේ 2 වන වග උත්තරකරු මෙි භාතිය ජයසිංහ ලොක්කාය. හිස මුදුනේ සිට දෙපතුල දක්වාම පුරවැසියන්ගේ මානව හිමිකම් ආරක්ෂා කරන්නට බැඳී සිටින බවට හතර අතේ දිවුරමින් හා සහතික වෙමින් බලයට පත් වූ ජාජබ ආණ්ඩුවෙි කෙරුම්කාරයන්ට ලැජ්ජාවක් හිරිකිතයක් තිබේ නම් භාතිය ජයසිංහ වැනි වදකයන් සහකාර පොලිස් අධිකාරී ධුරයට උසස් කරනවා තබා පොලීසියේ හතර මායිමෙි තබා ගන්නේ නැත.එහෙත් ඡන්ද කතිරය ලබා ගැනීම...

හිරු පට්ට බොරු කියයි

Image
    පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විශ්‍රාමික මේජර් ජනරාල් සලේ අත් අඩංගුවට ගැනීමත් සමග ⁣දේශපාලනිකව බොහෝ අයවළුන් කලබලයට පත් වී ඇති බව පෙනෙන්නට තිබේ.ආණ්ඩුවට එරෙහිව මේ වන විට පවතින ගල් අඟුරු වංචාව යටපත් කිරීමේ අපේක්ෂාවෙන් මේජර් ජනරාල් සලේ අත් අඩංගුවට ගන්නා ලදැයි මේ ඇතමුන් චෝදනා කර සිටී.ඒ අතරේ හිරු වාහිනිය මේ අත් අඩංගුවට ගැනීම පිළිබඳව ආණ්ඩුවට එරෙහිව සමාජ මතයක් ගොඩ නගන්නට ඉතා ව්‍යාජ පුවතක් සමාජ ගත කර ඇත. මේ ප්‍රවෘත්තිය තුළින් වාර්තා කරන ලද්දේ පාස්කු ප්‍රහාරයට සම්බන්ධ නඩුවේ චුදිත ඊබ්‍රාහිම් ගේ අධිකරණය භාරයේ පැවැති රන් මැණික් ඇතුළු දේපොල නිදහස් කරන ලද බවය.සලේ ඇතුලට යවා සැකකාර ඊබ්‍රාහිම්⁣ට රත්තරන් මුදාහැරීමේ ප්‍රවෘත්තිය අසන ඕනෑම අයෙකුට කෝපයක් හා සැකයක් ඇති වීම සාධාරණය.එම සැකය වඩාත් තහවුරු වන්නේ ඒබ්‍රාහිම් ජනතා විමුක්ති පෙරමුණේ ජාතික ලැයිස්තුව නියෝජනය කළ පුද්ගලයකු නිසාය.එහෙත් මේ ප්‍රවෘත්තිය සම්පූර්ණ අසත්‍ය පුවතක් බව අනාවරණය වේ. සැබවින්ම මෙතෙක් කාලයක් අධිකරණය බරයේ පැවැති මෙම රන් මැනික් ආදී භාණ්ඩ නිදහස් කරන ලද්දේ ඉෆ්ලාල් අහම්ඩ් නම් පුද්ගලයෙකුටය.ඔහු හට මෙතෙක් චෝ‍දනාවක් වත් අධිකරණය⁣ට ඉදිරිප...

අපි ඔක්කොම යාළුවො "සහෝදරයා"

Image
  පසුගියදා අකුරෙගොඩදී  ඝාතනය කරන ලද නීතිඥවරයාට හා ඔහු⁣ගේ බිරිඳට වෙඩි තබන ලද සැකකරුවෙකු බවට චෝදනා කරමින් හෝමාගම කොට්ඨාශ අපරාධ අං⁣ශයේ ස්ථානාධිපති අමිල ගෝවින්න විසින් අම්බලන්ගොඩ දෙල්දූව ප්‍රදේශයේදී ඊයේ (21) යුද හමුදාවේ හිටපු සෙබළකු අත් අඩංගුවට ගන්නා ලදී.මෙම සැකකරු අලුත්වල අම්පෙගම ප්‍රෙඩ්රිකා වත්තේ පදිංචිකරුවකු වන 46 හැවිරිදි සුනිල් රංජිත් නැමති අයෙකි. එහෙත් මේ වන විට අනාවරණය වී ඇත්තේ මෙම සැකකරු නීතිඥවරයාගේ ඝාතනයට සම්බන්ධ සැකකරුවකු නොවන බවය.අත් අඩංගුවට ගන්නා ලද තැනැත්තා හොරොයින් පානයට ඇබ්බැහි වූ කම්කරුවෙකි. මේ බව අනාවරණය කර ඇත්තේ විශේෂ කාර්ය බලකායේ බුද්ධි අංශයේ නිළධාරියකු විසින් පවත්වාගෙන යන "උකුසු ඇස" නම් ෆේස් බුක් ගිනුම තුළිනි .එහි සඳහන් වන ආකාරයට සැකකරු අත් අඩංගුවට ගෙන ඇති හෝමාගම අපරාධ කොට්ඨාශයේ ප්‍රධානියා ⁣ජනපති රනිල් වික්‍රමසිංහගේ කාලයේදී සේවය කර ඇත්තේ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශයේය.මේ නිළධාරියා එම අංශයේ සේවය කරමින් සිටින අවදියේදී කොස්ගොඩ සුජී සමග සිදු කරන ලද හෙරොයින් ජාවාරමක් පිළිබඳව තොරතුරු අනාවරණය වීමෙන් පසුව ඉන් ඉවත් කර⁣ තිබේ.නීතිඥවරයා හා ඔහුගේ බිරිඳ ඝාතනයේ සැකකරු...