චන්දන කත්‍රීආරච්චි අත් අඩංගුවට ගැනීම දේශපාලන ගේමක්
කැස්බෑව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දන කත්‍රීආරච්චි පොලීසිය මගින් පසුගියදා අත් අඩංගුවට ගන්නා ලද බව වාර්තා විය.ඔහු සන්තකයේ තිබී ගිනි අවි පතොරම් සහ ජීව අත් බෝම්බයක් පොලීසිය විසින් සොයා ගත් බවද එහිදී වැඩිදුරටත් වාර්තා කෙරිණි. පිලියන්දල සමූපකාර චන්දයක් පැවැති අවස්ථාවේ පුද්ගලයෙකුට වෙඩි තබා ඝාතනය කිරීමේ චෝදනාවකට චන්දන කත්‍රීආරච්චි අත් අහිටවූ සිර දඬුවම් පවා ලැබූ තැනැත්තෙකි.මෙම මිනීමැරුම් නඩුව පානදුර මහාධිකරණයේ විභාගයට අවස්ථාවෙි ජූරි සභිකයන්ට කළ මරණීය තර්ජන හේතුවෙන් එම ජූරි සභිකයන් අවස්ථා දෙකකදී නඩුවෙන් ඉවත්වූ බවටද සඳහන්ය .ඉන් අනතුරුව මේ නඩුව විභාග කර ඇත්තේ කොළඹ මහාධිකරණයේය.විත්තිකාර චන්දන කත්‍රීආරච්චි වෙනුවෙන් පෙනී සිටියේ උපුල් කුමාරප්පෙරුමය.එම නඩුවේදී චන්දන කත්‍රීආරච්චි හට ලබා දුන් දඬුවම පිළිබඳව ඒ දිනවල සමාජය තුළ කතා බහට ලක් වූ අතර ඔහුට එහිදී අත් හිටවූ සිර දඬුවම් ලබා දෙන ලද්දේ පැවැති ආණ්ඩුවේ මැදිහත් වීම නිසා බවටද චෝදනා නැගිණි. එවකට කැස්බෑව ආසනය නියෝජනය කළ එක්සත් ජාතික පක්ෂයේ ගාමිණි ලොකුගේ ගේ දේශපාලන මැරකම් වලට එරෙහිව නැගී සිටියේ චන්දන කත්‍රීආරච්චිය.පසුකාලීනව ගාමිණි ලො...