වසන්ත මුදලිගේ නිදහස් කරමින් ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් කළ ප්‍රකාශය
සැකකාර වසන්ත මුදලිගේ සම්බන්ධයෙන් ත්‍රස්තවාදී විමර්ශන කොට්ඨාශය අධිකරණයට ඉදිරිපත් කළ සාක්ෂි සම්පිණ්ඩනය තුළින් ඔහු ස්ථාන ගණනාවක රජයට එරෙහිව විරෝධතාවල නියැලෙමින් ප්‍රචණ්ඩ ක්‍රියා කර ඇති බවට තොරතුරු අධිකරණයට වාර්තා කර තිබෙනවා.එමෙන්ම මෙම විත්තිකරු විශාල මුදල් පරිහරණයක නිරත වූ බවටද සාක්ෂි සම්පිණ්ඩන වල සටහන් කර තියෙනවා.ත්‍රස්තවාදය වැලැක්වීමෙි පනත අත්තනෝමතික ලෙස භාවිතා කළ අවස්ථා අතීතය පිරික්සීමේදී පෙනී යනවා. බොරු සාක්ෂි නිර්මානයේ පියා.......... මෝටිවේෂන් අප්පච්චී සහ ගැමුණු විජේරත්න........ ඇතැම් අවස්ථාවල පුද්ගලයන් දීර්ඝ කාලයක් බන්ධනාගාර ගත කිරීමේ චේතනාවෙන් පොලීසිය මෙම පනත යොදා ගෙන ඇති අවස්ථාද තිබේ.මෙම සැකකරුට එරෙහිව මෝටිවේෂන් අප්පච්චී සහ ගැමුණු විජේරත්න යන පුද්ගලයන් දෙදෙනාගේ සාක්ෂි ප්‍රධාන සාක්ෂි ලෙස පැමිණිල්ල විසින් අධිකරණයට ඉදිරිපත් කර තිබෙනවා මෝටිවේෂන් අප්පච්චි නැමති සාක්ෂිකරු ලබා දී ඇති ප්‍රකාශය තුළින් අරගලය මුලදී සාමකාමීව පැවතුනද අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය එයට එක්වීමත් සමගම අරගලය ප්‍රචන්ඩ වූ බව සඳහන් කර තිබෙනවා.නමුත් වසන්ත මුදලිගේ නැමති සැකකරු ප්‍රචන්ඩ ක්‍රියා සිදු කළ බවක