Posts

සමගි ජන බලේ හෙට අනිද්දාට තුන් කුරුදුස් වෙයිද

Image
  සමගි ජන බලවේගය තුළ බරපතල අර්බුදයක් නිර්මාණය වී ඇති බව වටින් ගොඩින් ලැබෙන තොරතුරු ආරංචි මාර්ග වලින් අනාවරණය වෙමින් පවතී.පසුගියදා සජිත් ප්‍රේමදාස ජනපති රනිල් රාජපක්ෂ සහභාගිවූ උත්සවයකට සහභාගි වීමෙන් පසුව මෙම අර්බුදය විශාල වශයෙන් පැතිරී යන්නට ගත් බව දැන ගැන්මට තිබේ. පසුගියදා රනිල් රාජපක්ෂ විසින් පාර්ලිමේන්තු සභා කමිටු සඳහා අරගලය⁣ට සම්බන්ධවූ යැයි පැවසෙන තරුණ තරුණියන් පිරිසකට පත්වීම් ලිපි ප්‍රදානය කරන ලදී.පාර්ලිමේන්තුවේ වෙනත් කිසිදු දේශපාලන පක්ෂයක් එම උත්සවය නියෝජනය නොකළ අතර සමගි ජන බලවේගයේ හා විපක්ෂයේ නායකයා ලෙස සජිත් ප්‍රේමදාස මෙම උත්සවයට සහභාගි වීමෙන් නොනැවතී සභා රැස්වීම අමතමින් මින් ඉදිරියට ආණ්ඩුවේ හොඳ වැඩ වලට සහභාගි වෙන බවටද ප්‍රතිඥා දුන්නේය.සමගි ජන බලවේගයට සම්බන්ද බොහෝ ක්‍රියාකාරිකයන් මේ ගැන දැක්වූයේ දැඩි පිළිකුලකි.මේ වාහේට කොන්දක් නෑ . අප ඇමතූ සමගි ජන බලවේගයේ ප්‍රබල පාර්ලිමේන්තු නියෝජනයක් පවසන ලදී.රනිල් රාජපක්ෂ හා යටින් ගනුදෙනු කළ සමගි ජන බලවේගයේ ප්‍රබල නියෝජනයන් ගනනාවක් ආණ්ඩුවට සෘජුවම සම්බන්ධව සහයෝගය දැක්වීමට තීරණය කෙරුවෙි ඉන්පසුවය.මෙයා එක්ක දේශපාලනය කෙරුවොත් ...

හෙට රනිල් රාජපක්ෂට ⁣එරෙහිව දෝෂාභියෝගයක් ගෙන එ්මේ සැලසුමක් ගැන ආරංචි පැතිරේ

Image
  හෙට දවසේ හිරු පෑයූ පසු මෙරට දේශපාලන ⁣වෙනසක් ඇති විය හැකි බව දේශපාලඥයන් ගනනාවක් ලංකා දවස හා සම්බන්ධ වෙමින් ප්‍රකාශ කරන ලදී.මේ වන විට කමාන්ඩෝ රෙජිමෙන්තුව ,විශේෂ බලකාය හා එස්ටීඑෆ් බලකායන්ට අනුයක්ත සෙබළුන් විසින් ජනපති රනිල් රාජපක්ෂගේ ⁣නිවස අසල ආරක්ෂක වලල්ලක් දමා ඇති බව වාර්තා වේ. හෙට පාර්ලිමේන්තු සභා රැස්වීමේදී ජනපති රනිල් රාජපක්ෂට එරෙහිව දෝෂාභියෝගයක් ගෙන එන සැළසුමක් ඇතැයිද අප හට වාර්තා වී තිබේ.එය බැඳුම්කර වංචාව ඇතුළු චෝදනා ගනනකින් සමන්විත බව පැවැසේ   එය එසේ වන්නේ නම්   රනිල් රාජපක්ෂට අපට ලියන්නට ඇත්තේ උඩ යන වේගයෙන්ම කවදා හෝ බිමට වැටෙන්නට සිදු ⁣වෙන බව සිතුවේ නම්  මෙහෙම කරදරයක් වූවද අඩුම ගානේ හිතේ අමාරුවක් නැතුව ඉන්ට  තිබුණා කියලාය.   එහෙත් මේ වන විට වෙත ලැබෙන තොරතුරු විවිධාකාරය.ඒවයේ සත්‍ය අසත්‍යතාව පිළිබඳව කිසිම තහවුරු කිරීමක් කරන්නට නොහැකිය.එහෙත් මෙරට දේශපාලනයේ කවර හෝ හෙයියම්මාරුවක් සිද්ධ වෙන බව නම් කිව යුතුමය.හෙට දිනයට ඇත්තේ තව පැය ගනනකි.එතෙක් ඉවසන්නට අපට සිඳු වී තිබේ.

මහින්ද යලි අගමැති වෙයිද

Image
  මේ වන විට විශේෂ කාර්ය බලකාය හා යුද හමුදාවේ පාබල රෙජිමෙන්තු කිහිපයක් කොළඹට කැඳවා ඇති බව වාර්තා⁣ වේ. හෙට දවසේදී මහින්ද රාජපක්ෂ මෙරට යලි අගමැති වරයා වශයෙන් දිවුරුම් දීමට සැළසුමක් පවතින බව අප වෙත ලැබුණ යටි බිම් ගත ආරංචි මාර්ග වලින් පැවසේ.ආරක්ෂා හමුදා හදිසියේ කොළඹට කැඳවා ඇත්තේ මේ නිසා බවද දැන ගැන්මට තිබේ. අපට ලැබුණ මෙම ප්‍රවෘත්ති⁣යේ සත්‍ය අසත්‍යතාව පිළිබඳ නිශ්චිත තහවුරුවක් නොමැති බවද පවසමු. එහෙත් කොළඹ කේන්ද්‍රීය කරගනිමින් යම් විශේෂ සිදුවීමක් සිදු වෙමින් පවතින බව නිසැකය.

ජනපතිතුමණි ,මේ පිස්සු තිරිසණා බැඳ දමනු

Image
  ගම්පහ උඩුගම්පොල ජීවත් වූ ජේමිස් රජ්ජුරුවන්ගේ පැටිකිරිය ගම්පහ ජීවත්වන පැරැන්නන්ට තවමත් මතකය.මේ ජේමිස් රජ්ජුරුවන් වූයේ සූදු කප්පිත්තෙක් වූ නිසාය.බූරුවා ගැස්සවීම ,හොර සුරා නිෂ්පාදනය, කුකුළන් කෙටවීම ආදී සමාජ විරෝධී කටයුතු වෘත්තිය කරගත් ජේමිසා රජෙකු ලෙස ප්‍රදේශවාසීන් අතර ප්‍රසිද්ධ වූයේ ⁣එම ප්‍රදේශයේ සිදු කළ සියළු දුරාචාරයන් ඔහුගේ නායකත්වය යටතේ සිදු කළ නිසාය.ජේමිස් රජා ගේ සූදු පොළෙහි බූරුවා ගසා ජයග්‍රහණය කර මුදල් රැගෙන ගෙදර යන්නට කිසිවෙකුට ඉඩක් නොතිබුණි.ඒ සූදුවෙන් ජයග්‍රහණය කර නිවසට යන අතරමගදී සූදු කාරයන් මංකොල්ල කා එම මුදල් පැහැර ගැනීමට⁣ ජේමිස් රජා සිය හෙංචයින් යොදවා තිබුන බැවිනි.   මේ ජේමිස් රජා නම් ලුම්පන් පාදඩයා වෙනින් කවුරුවත් නොවේ.මොහු වර්තමාන නාගරික සංවර්ධන අමාත්‍ය ප්‍රසන්න රණතුංග ගේ සීයාය.ඒ කියන්නේ රෙජී රණතුංග ගේ පියාය. අපරාදේ කියන්නට බැරිය.ප්‍රසන්න රණතුංග අමාත්‍යවරයාට තම සීයා තුළ පැවැති "පාදඩ ජාන" අඩුවක් නැතුව පවතින බව ඔහුගේ ⁣කියුම් කෙරුම් වලින් තහවුරු වී තිබේ.    ප්‍රසන්න රණතුංග අමාත්‍යවරයා පාර්ලිමේන්තුව හතර මායිමට ඇතුල්වීමට ඉඩ නොදිය යුතු අයිආර්සී කාර නොසන්ඩාලය...

රනිල් රාජපක්ෂ ජනතාවට සරම උස්සා චන්ඩි පාට් දමයි

Image
  යම් ජාතියක ප්‍රබලත්වය,එක්සත්කම පිළිඹිඹු කරමින් රටක ජනතාවගේ ස්වාධිපත්‍යය දේශ වාත්සල්‍යය ජාතික අනන්‍යතාව මෙන්ම කිසියම් රටක ජනතාව ප්‍රාණවත් කරන්නාවූද ජාතික සමගිය පෙන්නුම් කරන්නාවූද ප්‍රබල සංකේතය ලෙසට ජාතික කොඩිය ජනතාවගේ ගෞරව බහුමානයට ලක් වේ.   ලංකාවේ ජාතික කොඩිය නිර්මාණය වූයේ 1948 වර්ෂයේදී නිදහස්,ලංකාවේ අගමැතිවරයා වූ ඩී.එස්.සේනානායක විසින් පත් කරන ලද කමිටුවේ නිර්දේශ මතය.එම කමිටුව සඳහා  එජාපය නියෝජනය කරමින් එස්.ඩබ්.ආර්.ඩී .බණ්ඩාරනායක කමිටු සභාපති වරයා ලෙසද ,සර් ජෝන් කොතලාවල ,ජේ.ආර්.ජයවර්ධන,සර් ලලිත රාජපක්ෂ,හා ටී.බී.ජයා යන මන්ත්‍රීවරුන් ඇතුළත් වූ අතර දෙමළ කොන්ග්‍රසය නියෝජනය කරමින් ජී.ජී පොන්නම්බලම් විය.කමි⁣ටුවේ ලේකම් ලෙස පත් කරන ලද්දේ එවකට පුරාවිද්‍යා කොමසාරිස්වරයා වූ සෙනරත් පරණවිතානය.එම කමිටුවේ අවසන් නිර්දේශය 1951 පෙබරවාරි මාසයේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් වුන අතර ඒ අනුව නිර්මාණය වුන ජාතික කොඩිය 1951 මාර්තු 2 වනදාා ප්‍රථම වරට ඔසවන ලදී.   මෙම ජාතික කොඩිය මෙරට ජනතාව අතරට ගියේ ඉන් පසුවය.මෙරට බොහෝ උත්සව අවස්ථාවන් වලදී මෙරට ජනතාව පෞද්ගලිකවද පොදුවේද ස්වකීය ජාතික අභිමානයේ ප්‍රක...

ගෘහස්ථ ගෑස් සිලින්ඩර් පිපිරී ඇත්තේ ගෑස් සමාගම් වල වරදින් බව හෙළිවේ

Image
  පසුගියදා මෙරට ගෘහස්ථ ගෑස් කාන්දුවීම් වලින් ඇතිවූ පිපිරීම් හා එම පිපිරීම් වලින් ඇති වූ මරණ පිළිබඳව සොයා බැලීමට පත් කරන ලද ජනපති කොමිෂමේ වාර්තාව ප්‍රසිද්ධියට පත්ව තිබේ.එම ජනපති කොමිෂම පත් කරන ලද්දේ එවකට ජනපති වරයා ලෙස කටයුතු කළ මිල්ටෙරි නන්දසේන වන අතර ඔහු වෙත එම කොමිෂම විසින් ලබා දෙන වාර්තාව වසන් කර ගෙන සිටි නමුත් තොරතුරු කොමිෂමේ මැදිහත් වීම නිසා එය මේ ⁣වන විට ප්‍රසිද්ධියට පත් වී ඇත.   2021 නොවැම්බර් මාසයේ 1 දින සිට දෙසැම්බර් මාසයේ 15 වන දක්වා මෙලෙස ගෘහස්ථ ගෑස් සිලින්ඩර් භාවිතයේදී පිපිරීම් 730 කට ආසන්න ප්‍රමාණයක් සිදු වූ බවට පොලිස් වාර්තා වල දැක්වේ.ඒ දිනවල ආණ්ඩුව ප්‍රචාරය කරන ලද්දේ මෙවැනි පිපිරීම් සාමාන්‍ය දෙයක් බවටය.එහෙත් ජනතාවගේ විරෝධතාව උත්සන්න වීම සමගම එම පිපිරීම් සම්බන්ධව සොයා බලා වාර්තා කිරීමට විද්‍යාඥයන් ගෙන් සමන්විත කමිටුවක් පත් කිරීමට හිටපු ජනපති මිල්ටෙරි නන්දසේනට සිදු විය.   එවකට පාරිභෝගික අධිකාරියේ විධායක අධ්‍යක්ෂවරයා වූ තුෂාන් ගුණවර්ධන ප්‍රකාශ කරන ලද්දේ මෙම පිපිරීම් වල ට හේතුව ගෑස් සමාගම් පෙරට වඩා වැඩි ප්‍රොපේන් නම් රසායනික ද්‍රාවනය වැඩි එල්පී ගෑස් සිලින්ඩර් ...

විදුලිබල හා බලශක්ති නියෝජ්‍ය ඇමතියාගේ පාදඩ හෙංචයියන් ගේ පහර කෑම ලක් වූ ඕමාන් ජාතික ආයෝජකයා සිය ඇඟළුම් කම්හල වසා දමා රටින් පිටවී යයි

Image
  විදුලිබල හා බලශක්ති රාජ්‍ය අමාත්‍ය  ඉන්දික අනුරුද්ධගේ ⁣හෙංචයියන්ගේ පහරකෑමට ලක්වූ ඕමාන් ජාතික ආයෝජකයා සිය ඇඟළුම් කර්මාන්තශාලාව වසා දමා මෙරටින් පිටව ගොස් ඇතැයි වාර්තා වේ.   ඉන්දික අනුරුද්ධ රාජ්‍ය ඇමතිවරයා ගේ හෙංචයියන් ⁣මීගමුව බඩල්ගම මඩම්පැල්ල පිහිටි එම ඇඟළුම් කම්හලට ආයුද සන්නද්ධව කඩා වැදී ඕමාන් ජාතික ආයෝජකයාට එහි සිටි ආරක්ෂක නිළධාරියෙකුට පහරදී තිබුණේ මීට දීන ගණනකට පෙරදීය.මෙම සන්නද්ධ කණ්ඩායමට ඉන්දික අනුරුද්ධ අමාත්‍යවරයාගේ සහෝදරයකු වන පස් තුසිත නොහොත් තුසිත හේරත් ද සිටි බව වාර්තා විය. මෙම පහර දීම සම්බන්ධයෙන් නීතිය සාධාරණව ඉටු නොවුන හොත් තමන් කර්මාන්තශාලාව වසා දමා ආයෝජනයද රැගෙන ආපසු යන බවට ඕමාන් ජාතික ව්‍යාපාරිකයා විදේශ අමාත්‍ය අලි සබ්‍රි හමුවී දැනුම් දී තිබුණි. රටට විදේශ විනිමය සහ ආයෝජන අතවශ්‍ය පසුබිමක දේශපාලන පාදඩ මැරයන්ගේ මදාවිකම් නිසා මෙරට ක්‍රියාත්මකව තිබූ ආයෝජන පවා මේ ආකාරයෙන් අහිමිවීම යාම ඉතා කණගාටුදායකය.එය තව දුරටත් මෙරට නීතිය සාධාරණව ක්‍රියාත්මක නොවන බවට ජාත්‍යන්තරව ප්‍රචාරය වීමක්ද වන ⁣කාරණයක්ද විය හැකිය.